සුනාමියෙන් බුදුපිළිම වහන්සේලා ආරක්ෂා වූ අසිරිමත් සිදුවීම

2004 දෙසැම්බර් 26 වන දින අපට කිසිසේත්ම අමතක කළ නොහැකි දිනයකි.විනාඩි 10ක් /20ක් වැනි සුළු කාලයක් තුළදී අප රටේ පරිසරය අදහා ගත නොහැකි ආකාරයකට වෙනස් වූ හැටි අපට සිහි වේ. නත්තලේ සීනු හඩත්, පොහෝදා ඝාන්ටාර හඩත් පරදවා ඉහළට නැගුනු සුනාමිය ජීවිත සහ දේපල දහස් ගණනක් විනාශ කරමින් මහ මුහුදට බිලි ගත්තේ ය.එය සිදුවී මෙම වර්ෂයට හරියටම අවුරුදු 6 යි. අද වන විට එය බොහෝ දෙනෙකුට අමතක වී ඇති බව පෙනෙයි.මේ කියන්නට යන්නේ සුනාමි ව්‍යසනය ගැනම නොවේ.

එදා මුහුදු රැලි 2ක් ආ බව අපිට මතක ය.2වෙනි රළ පහර උස අඩි 40 – 50ත් අතර විය.එදා මුලු ලෝකයම එකම කදුළු ගොඩක් විය.සුනාමිය සින්හල ක්‍රමයට “දළ රළ පෙළ” යනුවෙන් හදුන්වයි.කැළණිතිස්ස රජ සමයේ මුහුද ගොඩ ගැලූ බව අප අසා තිබුණත් එය අපට හරියටම ප්‍රත්‍යක්ෂ වූයේ එදාය.විහාර මහා දේවිය මුහුදට බිලිවූ කතාව අප එදා වෙන තෙක්ම සිතුවේ ජනප්‍රවාදයක් ලෙසය.ඒ කතාව ඇත්ත සිද්ධියක් බව මින් සනාථ වුණි.මුහුදු වෙරළ සොහොන් පිට්ටනියක් බවට පත් විය. අනිත්‍ය ,දුක්ඛ,අනාත්ම යන ත්‍රි ලක්ෂනය අපට එදා අවබෝධ විය.

ගෞතම බුදුරදුන්ගේ කාලයේ විශාලා මහ නුවර තුන් බියක් ඇති වූයේ එකල මිනිසුන් සිල්වත්ව නොහැසිරුනු නිසා ය.එදා කැළණිතිස්ස රජ සමයේද මුහුද ගොඩ ගැලීමක් සිදු වූයේ රජතුමා,කැළණිතිස්ස මහ රහතන් වහන්සේට කළ අපරාදය නිසා දෙවියන් කෝප වූ නිසාය.මේ කතාන්දරය කැළණි විහාරයේ හරි අපූරුවට සිත්තම් කරලා තියෙනවා. එදා සිංහල දේශයෙන් 11/12 ක්ම මුහුදට යට වුණි. තොටුපලවල් ලක්ෂයක් විනාශ වුණි. මිනිස් ජීවිත විශාල ගණනක් නැති වුණා. එකල අප රටට අයත් වී තිබුණ දූපත් 11ම මුහුදට යට වුණි. ගම්මාන 1450ක් මුහුදට යට වී ඇති බව පොත් පත් වල දැක්වේ.

කැළණිතිස්ස රජු විසින් මහ රහතන් වහන්සේව තෙල් කටාරමකට දැමීම

කැළණිතිස්ස රජ සමයේ මුහුද ගොඩ ගැලීම

වම්පස ඇත්තේ සක්‍ර දේවේන්ද්‍රයා විසින් වතුර ගලා ඒම නැවැත් වීමට තැබූ බවට විශ්වාස කරන සල පිලිම වහන්සේ ය. දකුනු පස දැක්වෙන්නේ සක් දෙව් රජ විසින් පෙර කී පරිදි වතුර ගලා ඒම නැවැත් වීමට සල පිලිම වහන්සේ නමක් තැන්පත් කරන අයුරුයි.

2004 සුනාමිය සිදුවූයේත් එවැනි දෑ නිසා බව ජනතාව කතා කරනන්ට විය. අප රට නැවතත් බුදු දහමින් ඒකාළෝක කළ බුද්ධ පුත්‍රයෙක් වූ අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ දේශපාලනයට එතැයි බියෙන් රජයේ ඉහලම අදෘෂ්‍යමාන හස්තයක ආශීර්වාදයෙන් අපවත් කරවන ලද්දේ ඊට වසරකට පමණ පෙරදී බව ජනතාවට මතක තිබුණි.

එදා මහ මුහුද මුහුදුබඩ අයට කරදර කරන්නට විය. නමුත් එදා අප රටේ තිබූ කිසිම බුදු පිලිමයකට හානියක්, අතුරුආන්තරාවක් සිදු වී නොතිබුනි. අප රටේ සෑම තැනකම බුදු පිලිම ඇත. පන්සල් ඇරුනු කොට අප රටේ හන්දියක් හන්දියක් ගානේ, සෑම බෝ ගහක් යටම බුද්ධ ප්‍රතිමා ඇත. මහ මුහුද ළග සිටි කිසිදු බුදු පිළිමයක් එදා සෙල වුනේ නැත. මුහුදු රැල්ලට විහාර ගෙයි වැඩ සිටි ධාතු කරඩු තල්ලු කරන්න බැරි වුණි. එදා කිසිම කෙනෙකුට හෙල්ලීමටවත් නොහැකි කෝච්චි රේල් පීලි පවා ඇබරී ගොස තිබුණි. එත් හන්දි වල ඇති හැමෝටම එහා මෙහා ගෙන යා හැකි, ඉතාමත් සැහැල්ලු , සාමාන්‍ය ප්‍රමාණයේ රූපවාහිනී යන්ත්‍රයකටත් වඩා කුඩා, වීදුරු පෙට්ටි තුළ තැන්පත් කර ඇති කිසිදු බුද්ධ ප්‍රතිමාවකට හානියක් වී තිබුණේ නැත.

අඩි 50ක් තරම් උසට ආ මහා මුහුදු රළ පරාජය කරමින් එදා මුහුද අසල තිබූ සියලූම බුද්ධ ප්‍රතිමා වහන්සේලා මහා කරුණාවෙන් වැඩ සිටි සේක. මෙයින් පැහැදිලි වෙන්නේ බුදුරදුන්ගේ ආශිර්වාදය අප රටට ඇති බවයි. උන්වහන්සේගේ අධිෂඨාන, ආශිර්වාද සියල්ලක්ම මුලු "විශ්වය" පුරාවටම පැතිරී තිබේ.

එදා ගාල්ල නගරය මුලුමනින්ම විනාශ වූවත් නගරයේ වැඩ සිටි බුද්ධ ප්‍රතිමා 2න් 1 ප්‍රතිමාවකට හෝ හානියක් වූයේ නැත. ඒ ප්‍රතිමා 2කට පින් සිදු වන්නට ඒ අසල සිටි බොහෝ දෙනා ගේ ජීවිත ගැලවුණි. ආරුගම්බේ අසල බුදු පිලිමයද සමාධි සුවයෙන් වැඩ සිටි සේක. මෙය පුදුමයක් නොවේ ද?

බුදු ගුණ අනන්තයි. අප්‍රමාණයි...

සාධු සාධු සාධු...

පහත දැක්වෙන්නේ මහ මුහුද ජය ගත් බුදු පිළිම වහන්සේලා කිහිප නමකි...
















වරක් දෙව්දතුන් බුදුරජාණන් වහන්සේට ගලක් පෙරලූ අවස්ථාවේදී, තවත් ගලක් පොළොවෙන් මතු වී එම ගල වලකාලූ අයුරු ඔබ අසා ඇති. ඒ අයුරින්ම බසයක් ගසාගෙන ගොස් පැමිණ බුදුපිළිම වහන්සේ ඉදිරියේ හරස් වී, සැඩ පහරට ගසාගෙන එන ගල් මුල් වලින් බුදුපිළිම වහන්සේව ආරක්ෂා වෙන අයුරු විනාඩි 1:58 - 2:05 අතරතුර බලන්න. එහි එල්ලී තරුණයින් දෙදෙනෙක් දිවි ගලවා ගන්නා හැටි ඔබ දුටුවාද?


පහත ඇත්තේ පැරෑලිය කෝච්චි පෙට්ටිය පෙරලුන ස්ථානයේ පසු කලෙක, එය සිහි වීමට ඉදි කළ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකි. මෙය බාමියන් පිලිමයේ අනුරුවක් ලෙස, ජපන් රජයේ අධාර ඇතිව ඉදි කර ඇත.


Share කර යාළුවන්ටත් පෙන්වමු.
read more

මුස්ලීම් කාමාතුරයන් රෙදි සාප්පුවට ආ සිංහල තරුණියට අතවර කරයි.


පහත දැක්වෙන්නේ උක්ත සිද්ධිය සම්බන්ධව පුවත් වෙබ් අඩවි වාර්තාවකි.

දඹුල්ල නගරයේ ‘සී ෆැෂන්’ නමැති රෙදිපිළි අලෙවිසලකට ඇඳුමක් මිලදී ගැනීමට පැමිණි තරුණියක් එහි ඇඳුම් මාරු කර පරීක්ෂා කරන ෆිට්-ඔන් කාමරයට ගිය අවස්ථාවේ සේවකයකු එතැනට ඇතුලූවී ඇගේ අඟපසඟ අතගෑමේ සිද්ධියක් නිසා දඹුල්ල නගරයේ ඊයේ (12 සවස නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා. සීගිරිය ප‍්‍රදේශයේ සිට පැමිණි තරුණියන් දෙදෙනකු ඊයේ පස්වරුවේ රෙදි මිලදී ගැනීම සඳහා මෙම වෙළෙඳසලට පැමිණි පසු එම එක් තරුණියකට මෙම හිරිහැරය සිදුව ඇත.

මෙම කාමරය තිර රෙද්දකින් පමණක් වෙන්ව ඇති බවත් තිරය මෑත්කර සේවකයා ඇතුළුව ඇති බවත් කියැවේ.ඔහු ඇතුළුවන අවස්ථාවේ තරුණිය සිට ඇත්තේ උඩුකය තනපටයකින් ආවරණය කරගෙන පමණි. සේවකයා ඇගේ ඇඳුම් සියල්ල උනාදමන්ට උත්සාහ කර තිබුණ අතර තරුණිය බියට පත්ව කෑගසන්නට උත්සාහ කර ඇත.

‘කෑ ගහන්න එපා නංගි මෙහෙම දේවල් වලට ඇයි අකමැති වෙන්නේ..’ යනුවෙන් තරුණයා පවසා ඇයට තවදුරටත් හිරිහැර කරන්නට උත්සාහ කර ඇත. අඟපසඟ අතගෑමත් සමග එළියට පැන ගත් තරුණිය අනෙක් තරුණියද සමග එක්ව මෙම සිද්ධියට එරෙහිව කෑකෝ ගැසීමත් සමග නගරයේ වැසියන් කඩය වටකර සේවකයා සොයා ඇති අතර ඔහු ඒ අවස්ථාවේ සැ`ගවි සිට ඇත. කුපිත වූ ප‍්‍රදේශවාසීහු එම තරුණයා එළියට ගැනීමට සූදානම්වූ නමුත් සාප්පු හිමියා මැදිහත්වී ඔවුනට ඇතුළට යන්නට ඉඩ දී නැත. පසුව කියා ඇත්තේ එය පොලිසිය සමග බේරාගන්නා බවකි.

පොලිසිය පැමිණ තරුණයා අත්අඩංගුවට ගන්නට සෙවූ නමුත් ඔහු එලියට ගොස් ඇතැයි කියමින් සාප්පුහිමියා සේවකයා බේරාගන්නට උත්සාහ කර ඇත.

නමුත් වරදකරුවන් අල්ලාගන්නා තුරු ස්ථානයෙන් පිටව නොයන බවට නගරවැසියන් සහ සිද්ධියට මුහුණ පෑ තරුණියන් විරෝධය පළකරමින් රැුඳී සිටි නිසා පැය කිහිපයකට පමණ පසුව සාප්පුවේ සිටි සේවකයින් හිමිකරු ඇතුළු පස් දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වුණා.

දඹුල්ලේ රෙදිපිළි සාප්පුවකදී බදාදා (13) තරුණියකට අතවර කිරීමට තැත් කළැයි කියන සිද්ධියට විරෝධය පා කඩ සාප්පු හිමියෝ හා නගර වැසියෝ අද (13) උද්ඝෝෂණයක් ඇරැඹුහ. දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත, විපක්ෂ නායක තිස්ස බණ්ඩාර ඒකනායක, ප්‍රාදේශිය සභා සභාපති කේඩී සෝමතිලක මහත්වරු හා දඹුල්ලේ ස්වේච්ඡා සංවිධාන කිහිපයක් ද උද්ඝෝෂණයට එක් වුහ.

උපුටාගැනීම අවසන්.


මෙවන් සිදුවීම් වලදී අපේ රටේ ලංකාදීප, හිරු, නෙත් ඇතුළු හැටහුටහමාරක් ගොසිප් වෙබ් අඩවි ප්‍රමුඛ ජනමාධ්‍ය වලට අමුතුම ආකාරයේ සර්වාගමික සහජීවනයක් වැළඳෙයි. එනම් මුස්ලීම් අය විසින් කරන වැරදි වාර්තා කිරීමේදී "මුස්ලීම්" යන නම කිසි ලෙසකත් භාවිතා නොකිරීමයි. (ඉහත සිදුවීම ගූගල් කර බලන්න, කිසිදු වෙබ් අඩවියක "මුස්ලීම්" යන වචනය සඳහන් කර නැත). නමුත් චීවරධාරියෙක් අතින් වරදක් වූ විටදී එකී ජඩමාධ්‍යයන්ම ප්‍රධාන පුවත ලෙස දක්වන්නේ "බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් අහවල් දේ කළා" ආදී ලෙසටයි. "මුස්ලීම්" යන වචනය නිසා ජාතිවාදය ඇවිස්සේවි කියමින් ස්වයංවාරණයකට ලක් වෙන කසිකබල් තුප්පහි ජඩමාධ්‍යයන්, චීවරධාරීන්ට "බෞද්ධ භික්ෂුව" යන වචන යොදන්නේ බෞද්ධයින්ගේ ඉවසීම නිවට කමක් සේ සිතලාද?

මෙම සිද්ධියට සම්බන්ධ බව කියන අයි.ඊ.මොහොමඩ්, එස්.එම් ෆාරුක්, එච්.එම් මාහීර්, එස්.එම් රිසානාස් සහ එස්.එම් සාහීර් පුද්ගලයින් පස් දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇති බව වාර්තා කළේත් වෙබ් අඩවි කිහිපයක් පමණි. එනම් මුස්ලීම් නම් ගම් හෙළි වීමෙන් ජාතිවාදය ඇවිස්සෙන නිසා විය හැකියි.

ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් උදේ හවා උම්බෑ කියන හැට හුටහමාරක් ජඩමාධ්‍ය වල මුස්ලීම් ගැති ස්වභාවය නිසා දඹුල්ලේ සිංහල ජනතාවට සිදුවූයේ අත් පත්‍රිකා මගින් මේ ගැන දැනුවත් කිරීමටයි. පහත දැක්වෙන්නේ එවැන්නක්.



දඹුල්ල නගරාධිපති (සංධානයේ) ජාලිය ඕපාත මහතා (මෙතුමා ජරා හම්බ කඩ වලටන හැටි මෙතනින් නරඹන්න) සහ විපක්ෂ නායක (එජාපයේ) තිස්ස බණ්ඩාර මහතා පක්ෂ බේධ වලින් තොරව සිංහලයින් ලෙස අත් වැල් බැඳගනිමින් මුස්ලීම් අන්තවාදයට එරෙහි වීම අප අගය කළ යුත්තකි.



සහෘද ඔබගෙන් අප කාරුණිකව ඉල්ලා සිටින්නේ මෙය කියවා අමතක නොකොට ඔබගේ සහෝදරියන්, දයාබර මෑණියන්, බිරිඳ ආදී බඩු භාණ්ඩ මිලදී ගන්නා අයව මෙවන් දෑ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙසටයි. අප නිශ්ෂබ්දව සිටියහොත් හෙට ඔවුන් මෙවන් ඉරණමකට පත් විය හැකිය.


Share කර මේ ගැන දැනුවත් කරන්න.
read more

කතෝලික පල්ලිය නැවතත් සඳකඩපහණ බෞතීස්ම කරයි


සිංහල බෞද්ධයින්ගේ ශ්‍රේෂ්ඨ ගෘහ නිර්මාණයක් වන සඳකඩපහණ විකෘති කරමින්, කොහුවල ශාන්ත ජෝසප් කතෝලික දේවධර්ම පල්ලිය විසින් භාවිතා කර ඇති අයුරු අප වෙත වාර්තා වෙයි.

මීට කලකට පෙරදී රාගම තේවත්ත පල්ලිය විසින් සිංහල බෞද්ධ ඉතිහාසය බෞතීස්ම කළ අතර, සිංහල බෞද්ධයින් නෑසූ කන්ව සිටි නිසාවෙන්, තවත් සමහර කතෝලික පල්ලි වලින්ද සිංහල බෞද්ධ ඉතිහාසය කතෝලික කරනය කිරීම ආරම්භ කර ඇත.

සඳකඩ පහණේ බෞද්ධ මුහුණුවර පිළිබඳව සෙනරත් පරණවිතාන මහතා කළ පැහැදිළි කිරීම පහත දැක්වේ.


එහෙත් සඳකඩපහණට කර ඇති දේ මේ බලන්න. කතෝලික ආගම කුඩා දරුවන්ට උගන්වන මෙම ආයතන එළිපිටම මෙහෙම කරනවානම්, කතෝලික පන්ති වලදී අපේ සිංහල බෞද්ධ ඉතිහාසය කොතරම් විකෘති කරනවා ඇතිද?




කතෝලිකයින්ටම අනන්‍ය වූ අලංකාරවත් බටහිර ගෘහ නිර්මාණ සම්ප්‍රදායක් තිබියදී, සිංහල බෞද්ධයින්ගේ සංස්කෘතිකාංග මෙලෙස කොල්ල කෑම මැදහත් කතෝලික ප්‍රජාව විසින් අනුමත නොකරන බව අප විශ්වාස කරමු. සිංහල බෞද්ධයින් සහ කතෝලිකයින් අතර අප රටේ ඉතා හොඳ සුහදතාවයක් තිබෙන අතර, මෙවන් ක්‍රියා වලට ඉඩ දී ආගමික ගැටුම් ඇති වීමට ඉඩ නොතබන මෙන් බලධාරීන්ගේන් අප ඉල්ලා සිටිමු. මේ සඳහා ක්‍රියාත්මක වීම ජාතික සංවිධාන වල යුතුකමකි.

Share කර මේ ගැන දැනුවත් කරන්න.
read more

කොමර්ෂල් බැංකු පොත් ඉරා දමති. ශරියා බැංකු වලට එරෙහි වෙඩිමුරය!

කොමර්ෂල් බැංකුව ඉස්ලාම් ආගමේ ශරියා නීතිය (Sharia Law)සහ ඉස්ලාම් මූලධර්ම (Islamic Principles) අනුව කටයුතු කරන හැටිත්, ආගමික පදනම මත මුස්ලීම් අයට වෙනම බැංකු ශාඛා ලබා දෙන හැටිත් අප පසුගිය දිනෙක Sinhala Buddhist ෆේස්බුක් පිටුවෙන් හෙළි කළෙමු. කොමර්ෂල් බැංකුවේ වෙබ් අඩවියේද ඔවුන් ඉස්ලාම් ශරියා නීතිය අනුගමනය කරන බව සඳහන් කර ඇත. අපට පෙර තව බොහෝ අයද මේ ගැන වාර්තා කර තිබුණි.


එසේම පසුගිය දිනෙක පාථලී චම්පික රණවක මහතා අපේ රටේ බැංකු ඉස්ලාමික ශරියා නීතියට යට වීම ගැන වැදගත් ප්‍රකාශයක් කළ අතර එමගින් මේ ගැන මුළු රටේම අවධානයට ලක් විය.


"බැංකු පද්ධතියත් හලාල් වෙයි. මුස්ලිමුන්ගේ ණය වලට පොලිය සිංහලයන්ගෙන්." නමින් The Sword - කඩුව පිටුවෙන් අගනා වාර්තාවක් පළ කළ අතර පහත දැක්වෙන්නේ එයයි.

ආහාර සංස්කෘතිය හලාල්කරණය කරමින් ඉස්ලාමය නොඅදහන්නන් පිට ශරීයා නීතියේ අණසක බලහත්කාරයෙන් පැටවූ ඉස්ලාම් අන්තවාදය රටේ පිළිගත් නීතියෙන් මුස්ලිමුන් වෙන් කර කාති උසාවි ‍බිහිකරමින් ශරීයා නීතිය ප්‍රාථමික මට්ටමින් ක්‍රියාත්මක කිරීමට අඩිතාලම දැමූහ. දැන් එයින්‍ බොහෝ ඉදිරි පියවරක් තබමින් රටේ මූල්‍ය ක්ෂේත්‍රයද ශරීයා නීතියට යටත් කරවීමට අවශ්‍ය පදනම මේ වනවිටත් දමා අවසානය. අවශ්‍ය නීති හා රෙගුලාසි රජයේ අන පනත් හරහාම සම්මත කරගැනීමට කටයුතු කර අවසානය.

ලංකාවේ බැංකු කටයුතු පාලනය වන 1988 අංක 30 දරණ බැංකු කටයුතු පිළිබද පනත ඉස්ලාමීය බැංකුකරණයට ඉඩ සලසමින් සංශෝධනය වන්නේ 2005 දෙසැම්බර් මාසයේ දහ වැනිදාය. ඒ අනුව අමානා ඉස්ලාමීය මූල්‍ය සමාගම මුල් වරට ලංකාවේ සිය මෙහෙයුම් ආරම්භ කරමින් ඉස්ලාමීය ශරීයා බැංකු ක්‍රමය ලංකාවට හදුන්වා දෙන්නේ 2011 දී ය. රටටම හොර රහසේ තනිකරම ශරීයා නීතියට අනුගත මූල්‍ය ක්‍රමය පමණක් අනුගමනය කරන මෙම ආයතනයෙන් පමණක් ඇරඹි ශරීයාකරණය මේ වන විට රාජ්‍ය බැංකු හා පුද්ගලික මූල්‍ය ආයතන විස්සකට වැඩි ප්‍රමාණයක ක්‍රියාත්මක කර ඇති බව කියවේ.

ඉස්ලාමීය ශරීයා නීතියට අනුව මුදල් පොලියට දීම ‍හා ගැනීම මුස්ලිමුන්ට තහනම් හෙවත් හරාම් ‍ය. ඒ අනුව ශරීයා බැංකු ක්‍රමයට අනුගත වූ මූල්‍ය ආයතන වලින් මුස්ලිමුන්ට ණය හා මූල්‍ය පහසුකම් ලබා දෙන්නේ පොලී රහිතවය. එනම් ණයක් ලෙස නොව ප්‍රදානයක් ලෙස හැදින්විය හැකිය. පොලිය යනු බැංකු ආර්ථික ක්‍රමය පවත්වාගෙන යෑමට අවශ්‍ය වන වැදගත්ම සංරචකයයි. සමස්ථ මූල්‍ය ක්‍රියාවලියම රදා පවතින්නේ ඒ මතය. එසේනම් මුස්ලිමුන් පොලී මුදලින් නිදහස් කිරීමෙන් සිදුවන පාඩුව මෙම මූල්‍ය ආයතන පියවා ගන්නේ කෙසේද? ඒ ඉස්ලාම් නොවන පාරිභෝගිකයන්ගෙන් අධික ලෙස පොලී අය කිරීමෙනි. ඒ අනුව මුස්ලිමුන්ට පොලී රහිතව දෙන ණය මුදලේ පොලිය ගෙවන්නට සිදු වන්නේ මුස්ලිම් නොවන වෙනත් ජාතිකයන්ටය. බහුතර සිංහලයන්ටය. ලංකාවට ඉස්ලාමීය ශරීයා මූල්‍ය ක්‍රමය හදුන්වාදීමට පුරෝගාමියෙකු වූ "ලංකා ඔරික්ස් ලීසිං" සමාගම පමණක් 27% වැනි දැරිය නොහැකි පොලී මුදලක් මුස්ලිම් නොවන්නන්ගෙන් අය කර ගනී.

පොලී රහිත ආයෝජනයකින් තැන්පත්කරුට ප්‍රතිලාභ ලැබෙන්නේ කෙසේද? බැංකුව තැන්පත්කරුගේ මුදල තෙවන පාර්ශවයකට ණය මුදලක් ලෙස ප්‍රදානය කිරීමෙන් හෝ ආයෝජනය කිරීමෙන් උපයාගන්නා පොලිය නිර්දේශිත ප්‍රතිශතයක් මත තැන්පත්කරුට ගෙවයි. සාමාන්‍ය බැංකු තැන්පතුවක මූලික සිද්ධාන්තය එසේ වුවත් ඉස්ලාමීය මුල්‍ය ක්‍රමයේදී පොලී ගෙවීමක් හෝ ලැබීමක් නැති නිසා බැංකුව ආයෝජනය කරන ව්‍යාපාරයේ ලාභාංශ ප්‍රතිලාභයක් ලෙස බැංකුවටත්, බැංකුවෙන් තැන්පත්කරුටත් හිමි වේ. එම ක්‍රමවේදය පිළිබද ගැටළුවක් නැතත් තවත් ගැටළුවක් ඇරඹෙන්නේද එතැනිනි. ඉස්ලාමීය ශරීයා මූල්‍ය නීතිය අනුව ආයෝජනය කළ හැක්කේ හලාල් හෙවත් ඉස්ලාමීය ආගමික පදනම මත එහි නිර්දේශිත මුල්‍ය හා නිෂ්පාදන ක්‍රමවේදයක් අනුගමනය කරන ව්‍යාපාර වල පමණය.

ඉස්ලාමීය නීති යටතේ ක්‍රියාත්මක වීම, උලමා සභාවේ නියෝජිතයන්ගේ අධීක්ෂණය හා උපදෙස් යටතේ නිෂ්පාදන හා මුල්‍ය කටයුතු සිදුවිය වීම, ඉස්ලාම් සේවකයන් සේවයේ වීම. මේ හලාල් ව්‍යාපාරයක මූලික ස්වභාවයයි. ඉස්ලාම් ශරීයා බැංකු ක්‍රමයේ මූල්‍ය පහසුකම් ලබා ගැනීමට නම් ඕනෑම ව්‍යාපාරයක් මේ හලාල් ක්‍රමයට අනුගත වූ ව්‍යාපාරයක් විය යුතුය. සිංහල ව්‍යාපාරිකයෙක් බැංකුවේ පහසුකම් ලබා ගැනීමටනම් එම ව්‍යාපාරය අනිවාර්යෙන්ම ඉස්ලාමීය හලාල් ක්‍රමවේද වලට අනුගත විය යුතුය. මේ හරහා අවසානයේ සිදු වන්නේ සියළුම ව්‍යාපාර ඉස්ලාම් ආගමේ අනසකට යටත් වූ මුස්ලිම් පල්ලියට බදු ගෙවන ඉස්ලාම් ව්‍යාපාර බවට පත් කිරීමය. මෙය පාරිභෝගික නිෂ්පාදන සමාගම් හලාල් කිරීමටත් එහා දුර ගිය භයානක ආක්‍රමණයකි.

ඉස්ලාම් බැංකුකරණය හරහා මානව සම්පතද ඉස්ලාම්කරණය වීම අනිවාර්යෙන්ම සිදුවන්නකි. ආහාර හලාල්කරණයේදී එම නිශ්පාදන ආයතන මුස්ලිම් සේවකයන්ගේ සේවය ලබා ගැනීම අනිවාර්ය කොන්දේසියක් වූවා සේම ඉස්ලාමීය බැංකු සේවා ක්‍රියාත්මක කිරීමට නම් මුස්ලිම් කාර්ය මණ්ඩලයක් පවත්වා ගැනීම අනිවාර්ය වේ. මේ නිසා බැංකු ක්ෂේත්‍රයේ මුස්ලිම් ජාතිකයන්ට වැඩි ඉල්ලුමක් හා අවස්ථාවක් නිර්මාණය වනු ඇත. වාර්ගික පදනම මත අසාධාරණ ලෙස සිංහලයන්ට අවස්ථා අහිමිකරමින් වාර්ගික පදනම මත මුස්ලිමුන්ට වැඩි වරප්‍රසාද හිමි කරදෙමින් බැංකු පද්ධතියද මුස්ලිම් ජාතිවාදයට යට වීම නොවැළැක්විය හැකි වනු ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් මෙම කාර්ය මණ්ඩල හා බැංකු කටයුතු අධීක්ෂණය කිරීම අන්තවාදී උලමා පූජක සභාවේ සාමාජිකයන්ට පවරා ඇති බවද කියවේ.

දැනට ඉස්ලාම් ශරීයා නීතිය අනුව බැංකු කටයුතු පවත්වාගෙන යන ආයතන. මේ පිළිබදව වැඩි විස්තර ඔවුන්ගේ වෙබ් අඩවි වල දක්වා තිබේ.

1.-Amana Thakaful
2.-MCB
(මෙම ආයතන ද්විත්වය සම්පූර්ණයෙන්ම ශරීයා මූල්‍ය ක්‍රමය පමණක් අනුගමනය කරයි)
1.-NDB බැංකුව
2.-කොමර්ෂල් බැංකුව
3. පීපල් ලීසිං -PLC
4. ලංකා බැංකුව -BOC
5. ලංකා ඔරෙක්ස් ලීසිං -LOLC
6. එල් බී ෆිනෑන්ස් -LB finance
7. හැටන් නැෂනල් බැංකුව -HNB
8. මහජන බැංකුව
9. ලංකා බැංකුව -BOC

මේ රටේ පිළිගත් ව්‍යවස්ථාපිත නීතිය රෝම ලන්දේසි නීතියයි. රටේ සියලුම සිවිල් පරිපාලන හා මූල්‍ය කටයුතු පාලනය වන්නේ අඩු වැඩි වශයෙන් එකී නීතියට යටත්වය. මේ රටේ ව්‍යවස්ථාවෙන් හෝ කිසිම අධිකරණයකින් පිළිගෙන නැති අන්තගාමී ශරීයා ආගමික නීතිය රටේ බහුතරයකට බලපාන පරිදි ක්‍රියාත්මක කිරීමට බලය දුන්නේ කවුද? මෙය ව්‍යවස්ථා විරෝධිය, රටේ මූල්‍ය නීති වලට පටහැනිය. බහුතර සිංහලයන්ගේ ධනය අසාධාරණ ලෙස හූරා කමින් සුළුතර මුස්ලිම් ආගමිකයින් පෝෂණය කරන මේ පරපෝෂිත මූල්‍ය මගඩියට වහා එරෙහි විය යුතුය.

-sword කඩුව -


මේ ආකාරයෙන් ශරියා නීතිගත වාණිජ බැංකු විසින් සිංහල බෞද්ධයින්ව ජාතිවාදීව සහ ආගම්වාදීව සූරාකමින්, මුස්ලීම් අයට ලොකු හැන්දෙන් බෙදද්දී, පාරිහෝගිකයින් මේ අසාධාරණයට එරෙහිව තම විරෝධය පළ කිරීමට පටන් ගෙන තිබේ. "මම සිංහල. ඇයි අවුල්ද?" නමැති පිටුවක පළ කළ කර ඇති, පාරිහෝගිකයෙක් ශරියා නීතිගත බැංකුපොත ඉරා දැමූ පින්තූරයි පහත දැක්වෙන්නේ.




තවමත් මුස්ලීම් ශරියා නීතියට යට නොවූ සම්පත් බැංකුවට ඔහු එකතු වී ඇති බව පෙනෙයි.


මුස්ලීම් ශරියා නීතියට යට වුණ බැංකු සහ ව්‍යාපාර ආයතන මේ ආකාරයෙන් තම සිංහල බෞද්ධ පාරිහෝගිකයින්ව අහිමි කරගනිමින් සිටී. මෙය මුස්ලීමුන් පසුපස යන දේශපාලඥයින්ටත් හොඳ පාඩමකි.

Share කර මේ ගැන දැනුවත් කරමු.
read more

තේවත්ත පල්ලිය විසින් බෞද්ධ ඉතිහාසය බෞතීස්ම කරන හැටි

පහත දැක්වෙන්නේ මීට කලකට ඉහතදී sorry.com නැමැති ෆේස්බුක් පිටුව විසින් හෙළිදරව් කරන ලද්දකි. රාගම තේවත්ත බැසිලිකාව විසින් සිංහල බෞද්ධ ඉතිහාසය අමු අමුවේ විකෘති කරන ලද අන්දමයි මේ. තවත් පින්තූර මෙතනින් බලන්න.















මේ ගැන කාඩිනල් තුමා ප්‍රමුඛ කතෝලික පල්ලියේ මතය කුමක්දැයි අප විමසන්නෙමු. එසේම මැදහත් කතෝලික සහෝදර සහෝදරියන් මීට එකඟද?

එසේම ගෞරවනීය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ සිංහල බෞද්ධ ජාතික සංවිධාන (බොදු බල සේනාව , හෙළ උරුමය , සිංහල රාවය යනාදී...) මේ ගැන තවමත් වැඩි අවධානයක් යොමු කොට නැති අතර ඔවුන්ගේද අවධානයට යොමු කරන්නෙමු. විශේෂයෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, බුද්ධ ශාසන අමාත්‍යාංශය ඇතුළු රජයේ ආයතන සහ රජය මේ ගැන නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ඇයි?

පාප් තුමා මෙරටට පැමිණීමත් සමග මේ ඉතිහාස විකෘතියට නිල පිළිගැනීමක් ලැබීමට යන බව අපට ආරංචි විය. ඒ අනුව මහාවංසය පට්ට පල් බොරුවක් බවත්, එහි ඇති කිසිවක් පිළිගැනීමට නොහැකි බවත් දැනටම මතයක් ගොඩ නගා ඇති අතර, ශ්‍රී ලංකාවේ සත්‍ය ක්‍රිස්තියානි ඉතිහාසය නැවතත් ගවේශණය කිරීමට යනවාලු. එවිට සූක්ෂම ලෙස කෘතිමව සෑදූ ව්‍යාජ ක්‍රිස්තියානි පුරාවිද්‍යා නටඹුන් ඔවුන් සොයා ගත් බව පෙන්වාවි.

ඊට පෙර අප වහා ක්‍රියාත්මක විය යුතුය. එකිනෙකාට පුද්ගලික වශයෙන් මඩ / චෝදනා එල්ල කර ගනිමින් දේශපාලනික වශයෙන් දාම් ඇදීමට ගොස් අප තවත් බෙදී වෙන් වන්නේ නැතිව, සමස්ත සිංහල බෞද්ධ ප්‍රජාවම එකමුතුව මේ මහා ඉතිහස මංකොල්ලයට එරෙහිව පෙළ ගැසෙමු.මේක සිංහල බෞද්ධයින්ගේ රටක් බව පුරාවිද්‍යාත්මක වශයෙන් ලෝකයම පිළිගන්නා අන්තිම මාස කීපය මෙලෙස ගෙවී යයි.

හැකි තාක් Share කර මේ ගැන දැනුවත් කරමු.
read more