බුදු දහම, සිංහල බෞද්ධ ජාතිකත්වය සහ ශ්‍රී ලංකාව ගැන සිංහල බෞද්ධයින්ගේ අන්තර්ජාල කතිකාවත
ආගමික අන්තවාදය පතුරන සංවිධාන රැසක් තහනම් කිරීමට රජය සූදානම්
ආගමික අන්තවාදය ක්‍රියාත්මක කරමින් අන්තර් ජාතික බලවේගවලට සහයවන ආගමික රාජ්‍ය නොවන සංවිධාන තහනම් කිරීම සඳහා රජයේ දැඩි අවධානය යොමු වී ඇත.
විදේශ රටවල් හතකින් අරමුදල් ලබන ආගමික රාජ්‍ය නොවන සංවිධාන 14 ක් මෙරට ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර බුද්ධි අංශයේ නිලධාරියකු සකස් කළ රහසිගත වාර්තාවකින් හෙළි වී තිබේ.
මේ නිලධාරියා සිය විමර්ශන වාර්තාව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට ද යොමු කර ඇත.
එකී රහස්‍ය වාර්තාවට අනුව එක් අන්තවාදී ආගමික සංවිධානයක සන්නද්ධ වූ 150 කගෙන් යුත් පිරිසක් ද සිටින බව හෙළි වී තිබේ. මෙම ආගමික සංවිධානවලින් 10 ක් කොළඹ ප්‍රදේශයේ ක්‍රියාත්මක වන අතර ඉතිරි ඒවා පිට පළාත්වල ස්ථානගත වී ඇත.
මෙරට බුද්ධි අංශ විසින් පසුගිය කාලය තුළ සිදු කළ විමර්ශනවලින් හෙළිවී ඇත්තේ එකී අන්තවාදී ආගමික සංවිධාන මෙරට යුද සිදුවීම් පවා අතිශයෝක්තියෙන් යුක්තව විදේශ බලවේගවලට සපයා ඇති බවයි.
මේ අනුව මෙකී සංවිධානවලට අරමුදල් ලැබෙන ආකාරය ශ්‍රී ලංකා මහ බැංකුව මගින් විමර්ශනය කෙරෙනු ඇත.
මේ අතර එක් ආගමික සංවිධානයක නිලධාරියකු ස්කැන්ඩිනේවියානු රජය සමග දැඩි ලෙස සබඳකම් පවත්වන්නකු බවත් එම රටේ බුද්ධි සේවාවට සම්බන්ධ වූවෙක් ශ්‍රී ලංකාවේ පුරවැසි බව ලබා ඇති බවත් හෙළි වී තිබේ.
වන්නි මෙහෙයුම ගැන එම රටට තොරතුරු සපයා ඇත්තේද, මේ පුරවැසි බව ලත් විදේශිකයා යෑයි වාර්තා වී ඇත.
රජය, රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධව නව නීතිරීති පැනවීමට පසුගියදා තීරණය කර ඇත.
- Divaina
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
විකල්ප මතවාද මෙහි පළ කිරීමට ඇති අයිතියට අපි සෑම විටම ගරු කරන අතර ඒවා සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ ගෞරවය රැකෙන පරිදි විනීත භාෂාවෙන් පළ කරන මෙන් ඉල්ලා සිටින්නෙමු.