මුස්ලීමුන් සඳුදා කොළඹ හර්තාල් කරයි! ආරක්ෂක අංශ සීරුවෙන්!

පසුගිය සෙනසුරාදා මුස්ලිම් ජාතිකයෙකුට අයත් වෙළඳසැලක් ගිනිබත් කිරීමට විරෝධය පළකරමින් ලබන සඳුදා දිනයේ මුස්ලිම් කණ්ඩායම් කිහිපයක් එක්ව හර්තාලයක් සංවිධානය කර ඇති බවට තොරතුරු ලැබීමෙන් පසු අගනුවර ආරක්ෂාව තර කිරීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ ප්‍රකාශ කරයි.

“සඳුදා හර්තාලයක් පවත්වන බවට තොරතුරැ ලැබිලා තියෙනවා, කලබලයක් ඇතිවීම වැලක්වීමට අවශ්‍ය පියවර අපි අරගෙන යනවා. ආරක්ෂාව තර කර තිබෙනවා,” යැයි ඔහු පැවසීය.

අද දිනයේ නැගෙනහිර මුස්ලිම් ප්‍රදේශ වන කල්මුණේ, අක්කරපත්තු, සම්මන්තුරෙයි වැනි නගර වලින් දහස් ගනනින් මුස්ලිම් තරුණයින් එක්රැස් කර බස් වල පුරවා කොළඹට එවමින් තිබෙන බව අසන්නට ලැබෙයි. මේ සදහා මුස්ලිම් බස් හිමියන් නොමිලයේ තම බස් රථ ලබා දෙන බවද නැගෙනහිර අපගේ තොරතුරු මූලාශ්‍රයන් පවසයි.

හෙට දිනයේ ඔවුන් මේ සැරසෙන්නේ කුමකටද..? සිංහලයින්ගේ ආරක්ෂාව තර කරන්නට ආරක්ෂක අංශ වහා පියවර ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

පලි: මීට පැය කිහිපයකට පෙර පොලීසිය විසින් ජාතිවාදී හා ආගම්වාදී රැස්වීම් තහනම් කිරීමේ රහස මෙයයි.

1 comment:

  1. බේරුවල - අළුත්ගම සිද්ධිය පිළිබඳ පක්ෂ භේදයකින් තොරව සෑම සිංහලයෙකු විසින්ම නැරඹිය යුතු වීඩියෝව.... http://youtu.be/AtPfq5wG7O4

    ReplyDelete

විකල්ප මතවාද මෙහි පළ කිරීමට ඇති අයිතියට අපි සෑම විටම ගරු කරන අතර ඒවා සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ ගෞරවය රැකෙන පරිදි විනීත භාෂාවෙන් පළ කරන මෙන් ඉල්ලා සිටින්නෙමු.