සුනාමියෙන් බුදුපිළිම වහන්සේලා ආරක්ෂා වූ අසිරිමත් සිදුවීම

2004 දෙසැම්බර් 26 වන දින අපට කිසිසේත්ම අමතක කළ නොහැකි දිනයකි.විනාඩි 10ක් /20ක් වැනි සුළු කාලයක් තුළදී අප රටේ පරිසරය අදහා ගත නොහැකි ආකාරයකට වෙනස් වූ හැටි අපට සිහි වේ. නත්තලේ සීනු හඩත්, පොහෝදා ඝාන්ටාර හඩත් පරදවා ඉහළට නැගුනු සුනාමිය ජීවිත සහ දේපල දහස් ගණනක් විනාශ කරමින් මහ මුහුදට බිලි ගත්තේ ය.එය සිදුවී මෙම වර්ෂයට හරියටම අවුරුදු 6 යි. අද වන විට එය බොහෝ දෙනෙකුට අමතක වී ඇති බව පෙනෙයි.මේ කියන්නට යන්නේ සුනාමි ව්‍යසනය ගැනම නොවේ.

එදා මුහුදු රැලි 2ක් ආ බව අපිට මතක ය.2වෙනි රළ පහර උස අඩි 40 – 50ත් අතර විය.එදා මුලු ලෝකයම එකම කදුළු ගොඩක් විය.සුනාමිය සින්හල ක්‍රමයට “දළ රළ පෙළ” යනුවෙන් හදුන්වයි.කැළණිතිස්ස රජ සමයේ මුහුද ගොඩ ගැලූ බව අප අසා තිබුණත් එය අපට හරියටම ප්‍රත්‍යක්ෂ වූයේ එදාය.විහාර මහා දේවිය මුහුදට බිලිවූ කතාව අප එදා වෙන තෙක්ම සිතුවේ ජනප්‍රවාදයක් ලෙසය.ඒ කතාව ඇත්ත සිද්ධියක් බව මින් සනාථ වුණි.මුහුදු වෙරළ සොහොන් පිට්ටනියක් බවට පත් විය. අනිත්‍ය ,දුක්ඛ,අනාත්ම යන ත්‍රි ලක්ෂනය අපට එදා අවබෝධ විය.

ගෞතම බුදුරදුන්ගේ කාලයේ විශාලා මහ නුවර තුන් බියක් ඇති වූයේ එකල මිනිසුන් සිල්වත්ව නොහැසිරුනු නිසා ය.එදා කැළණිතිස්ස රජ සමයේද මුහුද ගොඩ ගැලීමක් සිදු වූයේ රජතුමා,කැළණිතිස්ස මහ රහතන් වහන්සේට කළ අපරාදය නිසා දෙවියන් කෝප වූ නිසාය.මේ කතාන්දරය කැළණි විහාරයේ හරි අපූරුවට සිත්තම් කරලා තියෙනවා. එදා සිංහල දේශයෙන් 11/12 ක්ම මුහුදට යට වුණි. තොටුපලවල් ලක්ෂයක් විනාශ වුණි. මිනිස් ජීවිත විශාල ගණනක් නැති වුණා. එකල අප රටට අයත් වී තිබුණ දූපත් 11ම මුහුදට යට වුණි. ගම්මාන 1450ක් මුහුදට යට වී ඇති බව පොත් පත් වල දැක්වේ.

කැළණිතිස්ස රජු විසින් මහ රහතන් වහන්සේව තෙල් කටාරමකට දැමීම

කැළණිතිස්ස රජ සමයේ මුහුද ගොඩ ගැලීම

වම්පස ඇත්තේ සක්‍ර දේවේන්ද්‍රයා විසින් වතුර ගලා ඒම නැවැත් වීමට තැබූ බවට විශ්වාස කරන සල පිලිම වහන්සේ ය. දකුනු පස දැක්වෙන්නේ සක් දෙව් රජ විසින් පෙර කී පරිදි වතුර ගලා ඒම නැවැත් වීමට සල පිලිම වහන්සේ නමක් තැන්පත් කරන අයුරුයි.

2004 සුනාමිය සිදුවූයේත් එවැනි දෑ නිසා බව ජනතාව කතා කරනන්ට විය. අප රට නැවතත් බුදු දහමින් ඒකාළෝක කළ බුද්ධ පුත්‍රයෙක් වූ අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ දේශපාලනයට එතැයි බියෙන් රජයේ ඉහලම අදෘෂ්‍යමාන හස්තයක ආශීර්වාදයෙන් අපවත් කරවන ලද්දේ ඊට වසරකට පමණ පෙරදී බව ජනතාවට මතක තිබුණි.

එදා මහ මුහුද මුහුදුබඩ අයට කරදර කරන්නට විය. නමුත් එදා අප රටේ තිබූ කිසිම බුදු පිලිමයකට හානියක්, අතුරුආන්තරාවක් සිදු වී නොතිබුනි. අප රටේ සෑම තැනකම බුදු පිලිම ඇත. පන්සල් ඇරුනු කොට අප රටේ හන්දියක් හන්දියක් ගානේ, සෑම බෝ ගහක් යටම බුද්ධ ප්‍රතිමා ඇත. මහ මුහුද ළග සිටි කිසිදු බුදු පිළිමයක් එදා සෙල වුනේ නැත. මුහුදු රැල්ලට විහාර ගෙයි වැඩ සිටි ධාතු කරඩු තල්ලු කරන්න බැරි වුණි. එදා කිසිම කෙනෙකුට හෙල්ලීමටවත් නොහැකි කෝච්චි රේල් පීලි පවා ඇබරී ගොස තිබුණි. එත් හන්දි වල ඇති හැමෝටම එහා මෙහා ගෙන යා හැකි, ඉතාමත් සැහැල්ලු , සාමාන්‍ය ප්‍රමාණයේ රූපවාහිනී යන්ත්‍රයකටත් වඩා කුඩා, වීදුරු පෙට්ටි තුළ තැන්පත් කර ඇති කිසිදු බුද්ධ ප්‍රතිමාවකට හානියක් වී තිබුණේ නැත.

අඩි 50ක් තරම් උසට ආ මහා මුහුදු රළ පරාජය කරමින් එදා මුහුද අසල තිබූ සියලූම බුද්ධ ප්‍රතිමා වහන්සේලා මහා කරුණාවෙන් වැඩ සිටි සේක. මෙයින් පැහැදිලි වෙන්නේ බුදුරදුන්ගේ ආශිර්වාදය අප රටට ඇති බවයි. උන්වහන්සේගේ අධිෂඨාන, ආශිර්වාද සියල්ලක්ම මුලු "විශ්වය" පුරාවටම පැතිරී තිබේ.

එදා ගාල්ල නගරය මුලුමනින්ම විනාශ වූවත් නගරයේ වැඩ සිටි බුද්ධ ප්‍රතිමා 2න් 1 ප්‍රතිමාවකට හෝ හානියක් වූයේ නැත. ඒ ප්‍රතිමා 2කට පින් සිදු වන්නට ඒ අසල සිටි බොහෝ දෙනා ගේ ජීවිත ගැලවුණි. ආරුගම්බේ අසල බුදු පිලිමයද සමාධි සුවයෙන් වැඩ සිටි සේක. මෙය පුදුමයක් නොවේ ද?

බුදු ගුණ අනන්තයි. අප්‍රමාණයි...

සාධු සාධු සාධු...

පහත දැක්වෙන්නේ මහ මුහුද ජය ගත් බුදු පිළිම වහන්සේලා කිහිප නමකි...
















වරක් දෙව්දතුන් බුදුරජාණන් වහන්සේට ගලක් පෙරලූ අවස්ථාවේදී, තවත් ගලක් පොළොවෙන් මතු වී එම ගල වලකාලූ අයුරු ඔබ අසා ඇති. ඒ අයුරින්ම බසයක් ගසාගෙන ගොස් පැමිණ බුදුපිළිම වහන්සේ ඉදිරියේ හරස් වී, සැඩ පහරට ගසාගෙන එන ගල් මුල් වලින් බුදුපිළිම වහන්සේව ආරක්ෂා වෙන අයුරු විනාඩි 1:58 - 2:05 අතරතුර බලන්න. එහි එල්ලී තරුණයින් දෙදෙනෙක් දිවි ගලවා ගන්නා හැටි ඔබ දුටුවාද?


පහත ඇත්තේ පැරෑලිය කෝච්චි පෙට්ටිය පෙරලුන ස්ථානයේ පසු කලෙක, එය සිහි වීමට ඉදි කළ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකි. මෙය බාමියන් පිලිමයේ අනුරුවක් ලෙස, ජපන් රජයේ අධාර ඇතිව ඉදි කර ඇත.


Share කර යාළුවන්ටත් පෙන්වමු.
read more