ශ්‍රී ලංකාව නැවතත් බ්‍රිතාන්‍ය යටත් විජිතයක් කරා නිල වශයෙන් ගමන් කරයි.


ස්වෛරී රටක හමුදාව පාලනය කීරීමේ එකම බලතලය හිමි වන්නේ එරට සේනාධිනායකවරයා ප් ප්‍රමුඛ ආරක්ෂක මණ්ඩලයට පමණි. යම් ලෙසකින් කිසියම් රටක හමුදාවක් පාලනය කිරීමට තවත් රටක නිලධාරියෙක්ව නිල වශයෙන් පත් කරයිනම් ඒ රට තවදුරටත් ස්වෛරී රටක් නොවේ.

ශ්‍රී ලංකාවේ හමුදාව ප්‍රතිසංවිධානය කිරීමට බ්‍රිතාන්‍ය නිලධාරියෙක්ව අවසන් වරට පත්ව සිටියේ බ්‍රිතාන්‍යයන් අප රට පාලනය කළ කාලය තුළදීය. එනමුත් නැවතත් බ්‍රිතාන්‍ය නිලධාරියෙක්ව පත් කිරීමෙන් පෙනෙන්නේ කුමක්ද?

රණවිරුවන්ව පෝරකයට යවාපු යහපාලුවන් දැන් සුද්දො ලවා ශ්‍රී ලංකා හමුදාවේ කොඳු කඩයි.

මෑතකදී අප රටේ සේනාධිනායකවරයා තම බිරිඳව බ්‍රිතාන්‍ය රැජින ඉදිරියේ දණ ගැස්සවූ දා අපේ බොහෝ අය කීවේ මේ දේ වෙන බවයි. නමුත් සමහරුන් පිළිගත්තේ නැත. මේ යන විදිහටනම් ශ්‍රී ලංකා ජාතික කොඩියේ බ්‍රිතාන්‍ය ලාංඡනය ඇතුළත් කෙරෙන දිනය වැඩි ඈතක නොවන බව මතක තබා ගන්න.

1815 සිදුවීම නැවතත් වෙන බව ඇස් පනා පිට පෙනියදීම තවත් නිහඬව සිටින්නේ ඇයි සිහලුනේ?
read more

පුරාණ රජමහා විහාරය ඉදිරිපස අරාබි පාසලක් හදයි.



පුරාණ රජ මහා විහාරයක් අසළින්ම ආණ්ඩුවෙන් අරාබි පාසලක් හදයි. මේවයේ උගන්වන්නේ ශරියා නීතිය.

ඊළඟ අදියර තමයි රට තුළ වෙනම මුස්ලීම් කලාප බෙදා ඒවායේ ශරියා නීතිය ක්‍රියාත්මක කිරීම. අවසානයේදී වැරදි වලට අත පය කපා දාද්දී ඒවයින් අපහසුතාවයට පත් වන්නේ ඒ ප්‍රදේශ වල සිටින සිංහලයන් විතරක් නෙමෙයි.

කොයි මුස්ලීම් කෙනාද කැමති තමන් අතින් සිදුවන වැරදි වලට අත පය කැපෙනවාට? උදාහරණක් ගතහොත්, හොර කමකට වැරදි කරුගේ අත පය කැපුවට පස්සේ යම් දිනෙක ඔහු නිවැරදි කරු බව ඔප්පු වුණත් අර කැපුණ අත නැවත දෙන්නේ කොහොමද?

මේ රටේ සාමකාමී මුස්ලීම් සමාජය අරාබි සංස්කෘතියට ඇද දාන එකට බුද්ධිමත් මුස්ලීම් අයත් විරුද්ධ විය යුතුයි නේද?.
read more

හිරේ ඉන්න ත්‍රස්තවාදීන් ආණ්ඩුවට තර්ජනය කර මාධ්‍ය නිවේදන පළ කරන අරුම පුදුම රටක් මේක.


මේ බලන්න අපේ රටට වෙලා තියෙන දේ. හිරේ ඉන්න ත්‍රස්තවාදීන් ආණ්ඩුවට අනතුරු අඟවලා මාධ්‍ය නිවේදන පළ කරනවා.

වෙන රටක හිරේ ඉන්න ත්‍රස්තවාදීන් මෙහෙම තර්ජනයක් කළොත් ඒකම ඇති එම ත්‍රස්තයන්ට ජීවිතාන්තය දක්වාම හිර දඬුවම් ලබන්න. ඒත් අපේ රටේ වත්මන් පාලකයන් කරන්නේ මොවුන්ගේ තර්ජනයට බයේ ඉතිරි අයවත් නිදහස් කරන එක.

යහපාලනෙන් කොටි නිදහස් කරනවා කියල එදා අපි කිව්වාම සමහරු හිනා වුණා. දැන් ඒක සිදු වෙනවා. අපි අද කියනවා මෙහෙම කළු කොටි නිදහස් කළොත් ආයිත් ඊළම ලබා ගන්න තැන තැන බෝම්බ පිපිරෙන යුගයක් ඒවි කියලා. ඒකට අද හිනා වෙන අයට තමන්ගේම කෙනෙක්ට අනතුරක් වුණ දාට අපි අද කියපු දේ මතක් වේවි.
read more

කඨින පෙරහර ‍රැකගනිමු, එය විකාර පෙරහරක් වීම වළක්වමු


බෞද්ධයෙකුට තම ජීවිත කාලය තුළදී කරගත හැකි මහා කුසලයන් අටකි. ඒවා “අට මහ කුසල්” නම්වේ.

[1]. කඨින චීවර පූජාව [2]. අටපිරිකර පූජාව [3]. සංඝාවාස පූජාව [4]. සඟසතු කොට දන් පිදීම [5]. දහම් පොත් ලිවිම [6]. කෙත්වතු පූජාව [7]. බුද්ධ ප‍්‍රතිමා ඉදිකිරීම [8]. වැසිකිළි සකසා පූජාකිරීම

ඉන් පළමු තැන ගන්නා කඨින චිවර පූජාවේ වැදගත් කම ගැන සිංහල බෞද්ධයා අඩවියේ පෙර ලිපියකින් සඳහන් කළෙමි.

කඨින චීවර පූජාවේ වැදගත්ම සංස්කෘතික අංගයක් වන “කඨින පෙරහර” යනු කාලාන්තරයක් තිස්සේ සිංහල බෞද්ධ ජන සමාජය තුළ ප්‍රචලිත ව පවතින්නකි. එහි මුඛ්‍ය පරමාර්ථය වූයේ, කඨින චීවරය පූජා කිරීමට පෙර ගම වටා වඩම්මවා ගමේ සියලුම දෙනාට අත ගස්සවා සෑම දෙනාටම කුසල් සම්පාදනය කරගැනීමට අවස්තාව සළසා දිමය.

අතීතයේදී කඨින පෙරහර යනු සිතේ පැහැදීමක් ඇති කරමින් බුද්ධාලම්භණ ප්‍රීතියෙන් ඔකඳ කරවන මනහර දසුනකි. ඈතින් විහාරස්ථානයේ පිරිත් දේශනාව ළාවට ඇසෙද්දී, ළඟ ළඟ එන පෙරහරේ හේවිසි – බෙර නාදය ඇසෙත්ම කඩිනමින් මහපාරට ගොස් දොහොත් මුදුන් දී කඨින චීවරයට වන්දනා කරන අපේ අත් අම්මාගේ පස්වනක් පිනා ගිය මුහුණෙන් දිස් වූනේ ඇගේ සියලුම වාත අමාරු සුවවූවාක් වැන්නකි. හේවිසි නාදයේ තාලයටම වාගේ ඇසෙන ගමේ ඇත්තන්ගේ සාදු නාදයෙන් ගුවන් තලය ගිගුම් දෙද්දී කඨින චීවරය පූජා කිරීමේ අවස්තාව දකින එදා කුඩා වුන් වූ අපටත් බුදු සසුන ගැන ඇතිවූයේ පුදුමාකාර ශ්‍රද්ධාවකි.

එහෙත් කණගා‍ටුවට කරුණනම්, වර්තමානයේදී සුළුතරයක් කඨින පෙරහරවල් වලින් ඒ ඓතිහාසික ප්‍රෞධත්වය ගිලිහී ගොස් විකාර පෙරහරක් වී, එදා අප ලද ශ්‍රද්ධාව වෙනුවට අද කළකිරීමක් සහ සමහරුන්ට කෝපයක් පවා දනවන්නක් බවට පත් වී තිබීමයි.

…කඨින පෙරහරට වී ඇති ඇබැද්දිය…

අදකාලයේ සුළුතරයක් කඨින පෙරහරවල් වල තත්ත්වය විදහාපාන ලිපියක් මීට වසර කිහිපයකට පෙර බ්ලොග් කතුවරයෙක් මෙලෙස සටහන් කර තිබුනි.

[[උදේ හතරහමාරට විතර පාරේ ලොකු ගෝසාවක් ඇහිල ඇහැරුනා. බැලින්නං කඨින පෙරහරක්. අපේ ගෙදර වටේට පන්සල් 4ක් තියෙන නිසා මොන පංසලේද කියන්න නම් දන්නෙ නෑ. මම මේ කියන්න යන්නෙ වෙනත් කතාවක්. පාරට බැහැල බැලුවෙ නැතත් මම ඇඳේ ඉඳගෙනම හොඳට පෙරහර අහගෙනයි හිටියෙ. මුලි හරියෙ නම් වෘත්තීය හේවිසිකරුවන්ගේ වාදනය සමග කඨින චීවරය ගෙන ගියා. මොකද මිනිස්සු සාදුකාර දුන්නා ඇහුන නිසා එහෙම වෙන්නැති. ඒ හොඳ හරිය. ඊට පස්සෙ තමයි ප්‍රේතයන්ගේ පෙරහර ගියේ. ආයෙ දෙකක් නෑ දහම් පාසලේ කොල්ලො ටික වෙන්න ඇති. ට්‍රිප් ගෙනියන ජාතියේ ඩ්‍රම් කීපයකට තලමින් නලා වගයක් පිඹිමින් කෑකෝ ගසමින් උන් ටික ගමන් කලේ බේබද්දන් රැලක් වගේ. උංගෙ සද්දෙ කොච්චරද කියනවනම් අහලගම් හතක මිනිස්සු ඇහැරෙන්න ඇති. මේ සද්දේ ඇහුනාම මට ඇතිවුනේ මහත් කෝපයක්. අපි උදේ පාන්දර ඇහැරිලා මෙවැනි විගඩම් වලට සවන් දිය යුතුද? අපේ නින්දට බාධා කරලා මෙවැනි තුච්ඡ ආතල් එකක් ගන්න උන් අවසර ලබා ගන්නේ ආගමේ නාමයෙන්ද? රතිඤ්ඤා පත්තු කරමින් ආ පිරිසක් අපේ ගේට්ටුව ඉස්සරහම රතිඤ්ඤාවක් පත්තු කලේ පෙරහර බලන්න අපේ ගෙදරින් කවුරුවත් එලියට නොබැස්ස නිසා වෙන්න ඇති. මට තේරුණ විදියට උන් රතිඤ්ඤා පත්තු කලේ එහෙම තැන්වල තමා. මොකද ඉඳහිට තමා රතිඤ්ඤා සද්දෙ ඇහුනේ. ඒහා ගෙදර සිටින මාස හය හතක් වන අතදරුවා ඇහැරී අඬන සද්දේ ඇහුනා ඉන්පස් පැයක් පමණ. ඒ ගෙදර අයට ඒක කොච්චර කරදරයක් වෙන්න ඇතිද? අතදරුවෙක් නින්දෙන් ඇහැරිලා, විශේෂයෙන්ම බයවෙලා, අඬන්න ගත්තාම නලවගන්න කොච්චර අමාරුද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේ. මට හැමදෙනාගෙන්ම අහන්න තියෙන්නේ එක ප්‍රශ්නයයි. ඒ තමයි මිනිස්සුන්ට වෛර සිතුවිලි ඇති කරමින්, තරහ ගස්සවමින්, සිදුකරන පෙරහරකින් පලක් තියේද? කියලයි. මේ කියන්නේ කඨින පෙරහර තියන්න එපා කියල නෙමෙයි. මම කියන්නේ පෙරහර තුල තියෙන වෙනත් විගඩම් නවත්වන්න කියලයි. ශබ්ද පූජා තියන්න අවශ්‍ය නෑ නේ මහපාරේ. අනික කෑකෝ ගහන එක ශබ්ද පූජාවක් නෙමෙයිනේ. කඨින පෙරහරට එකත් වෙලා කොල්ලො කුරුට්ටො ආතල් ගන්න එක නැවැත්තුවොත් පෙරහර සංවිධානය කරන අයටත් මීට වඩා පිං ලැබෙයි.]]

ඉහත ලිපියේ සඳහන් වන කඨින පෙරහර පැවැත්වීමේදී ඇසෙන හේවිසි – බෙර නාදය ශබ්ද පූජාවක් නොවන බවත් පැවසිය යුතුය. රාත්‍රී කාලයේදී පෙරහර ග්‍රාම සංචාරය කිරීමට හේතු වූයේ කොස්‌ කොළයේ හෝ අඹ කොළයේ නැට්‌ට පෙනෙන තරමට යන්තම් හිරු උදාවෙන අවස්ථාවේදී කඨින චීවරය පූජා කිරීමේ නිශ්චිත වේලාව ලෙස පුරාතනයේ පටන් ම සැලකුණ බැවින් ය. ඉතින් රාත්‍රි කාලයේ නිදා සිටින ගැමියන්ට කඨින පෙරහර එන බව සංඥා කිරීමටත්, රාත්‍රී කාලයේ මග දෙපස සිටින වන සතුන්ගෙන් බේරීම සඳහාත්, අතීත පෙරහර සම්ප්‍රදායට බුදුසසුන අනුගත කිරීමක් ලෙසත් කඨින පෙරහරට තූර්ය වාදන ආදිය අතීත සිංහලයෝ එක් කර තිබේ.

එහෙත් වර්තමානයේදී බොහෝ කඨින පෙරහරවල්, අලි කොටි වලස් ආදී වන මෘගයින්ගෙන් බාධා ඇති නොවන ප්‍රදේශ වල ගමන් ගන්නා බැවින් වන සතුන් පලවා හැරීමේ තරම් ඝෝෂාවක් නැගීම අවශ්‍ය නැත. සම්ප්‍රදායට ගරු කිරීමක් ලෙසත්, පෙරහර බලාපොරොත්තුවෙන් නිදි වර්ජිතව සිටින උවැසු උවැසියන්ට පමණක් දෙන සංඥාවක් ලෙසත්, නිදා සිටින්නන්ගේ නිදි නොකැඩෙන ලෙසට මද පම්ණින් තූර්ය වාදනයන් කිරීමට වග බලා ගත යුතුය. මෙවැනි ආකාරයට අන් අයට හිංසාවක් නොවන පරිදි ගමන් ගන්නා පෙරහරවල් ගණනාවක්ම මම දැක ඇත්තෙමි.

රතිඤ්ඤා පත්තු කරන්නේ ශබ්ද පූජාවක් යැයි සිතානම් ඒක මහා භයානක තත්ත්වයකි, මේ අනුවණ මිනිසුන්ගේ අනාගත පරම්පරාවන්, ශ්‍රී දළද වහන්සේ ඉදිරිපිටත් ශබ්ද පූජාවක් යැයි කියමින් රතිඤ්ඤා පත්තු කරාවි. එහෙත් රතිඤ්ඤා පත්තු කරන්නේ වස් දොස් යාමට හෝ යකුන් භූතයන් පළවා හැරීමට යැයි සිතනවානම්, මොවුන්ගේ අනාගතයෝ රතන සූත්‍රයෙන් වෙන දේ රතිඤ්ඤා කරල් කිහිපයකින් කරගැනීමට උත්සාහ ගනීවි. එනිසා මේ අනුවණයන්ට සත්‍යය පහදා දී වෙන්න යන විනාශයෙන් අපගේ සිංහල බෞද්ධ සංස්කෘතිය බේරාගත යුතුය.

…සමහර කඨින පෙරහර පරිහානියට පත් වුනේ ඇයි…

[1] බටහිර සංස්කෘතිය ගැන අවබෝධයකින් තොරව අනුකරණය කිරීම.
අධි පරිහෝජනවාදී ආර්ථිකයක බොහෝ විට හුදකලාවී දිවි ගෙවන බටහිරයන් ලද විවේකයෙන් තම ඒකාකාරී ‍රැකියා දිවිය වෙනස් කරගැනීම සඳහා රොක් සංගීත සංදර්ශන ආදි මහා ඝෝෂා සිදු කරමින් ජීවන රිද්මය යම් පමණකට වෙනස් කරගෙන විශාදය වැනි මානසික රෝගයන්ට ගොදුරු වීමෙන් වළකියි. අපට එවැනි අවශ්‍යතාවයක් නැතත්, බටහිරයින්ගේ සියල්ලම හිස් මුදුනෙන් පිළිගන්නා අපේ සමහරක් උදවිය එම ඝෝෂාකාරී ආකල්පය අපගේ සංස්කෘතික උත්සව වලටත් එක් කරගැනීම කණගා‍ටුවට කරුණකි.

[2] බොරු සෝබනය සහ මහන්තත්තකම.
ශ්‍රද්ධාව වෙනුවට බොරු සෝබනය පෙන්වමින් තමන්ගේ මහන්තත්තකම අන් අයට පෙන්වීම උදෙසාත් සමහරුන් බෞද්ධ සංස්කෘතික උත්සව යොදා ගනී. පන්සලේ පින් කමකට ආධාර කරන සමහරුන් තමන්ගේ නම කොයි වෙලාවේ ඇසේදෝයි ශබ්ද විකාශනය දෙසට කන් අයාගෙන සිටී. ඔය ආකාරයටම අල්ලපු පන්සලට වඩා හයියෙන් මේ පන්සලේ කඨින පෙරහැරේ කටයුතු කිරීමට සමහර අනුවණයන් උත්සාහ කිරීමෙන් පෙනෙන්නේ අද කාලයේ සමහරුන් පින් කම් මුවාවෙන් කරන්නේ කෙළෙස් ප්‍රහීණ කිරීමක් නොව කෙළෙස් වැඩීමක් බවයි.

[3] පෙරහර සංවිධායකයින්ට බුදු දහම යනු කුමක්දැයි අවබෝධයක් නැති කම.
සිංහල බෞද්ධ සංස්කෘතිය යනු බුදු දහම පවත්වාගෙන යාමට ඇති සමාජ පද්ධතියයි. ඒ සංස්කෘතිය සෑම විටම බුදු දහමේ ඉගැන්වීම් උල්ලංඝනය නොවන්නක් විය යුතුයි. ඒත් මූලික බුදු දහම ගැන කිසිදු අවබෝධයක් නොමැති පෙරහර සංවිධායකයින් වඩාත් ඉහලයැයි තමන් සිතාගෙන සිටින ආකාරයට පෙරහර කිරීමට යාම භයානක තත්ත්වයකි. මෙවන් කටයුතු සංවිධානය කිරීම සඳහා බුදු දහම තම ජීවිතයට එක් කරගත් මනා සංයමයකින් යුතු උපාසකයන්ව විතරක් සම්බන්ධ කරගැනීමට අපගේ පින්වත් ස්වාමීන් වහන්සේලා හැමවිටම උත්සාහ කළ යුතු බව සිහිපත් කරමි.

…සමහර කඨින පෙරහර වල පිරිහීමට අන්‍යාගමිකයින් උපහාස කිරීමට පෙර…

සිංහල බෞද්ධයා අඩවියේ ලිපි වලට, අප නොබලන කෝණයක සිට බලමින් සාධනීය කරුණු හෝ විවේචනාත්මක සහයෝගයන් එක් කරමින් ඒවා අලංකෘත කරන අන්‍යාගමික මිතුරන් කිහිප දෙනෙකුත් සිටී. මෙමගින් ඔවුන්ගේ සිත් රිදවීමට අපේක්ෂා නොකරමි. ඒත් මෙය ලියන්නේ බෞද්ධයින්ගේ සුළු සුළු අඩුපාඩු සෙවීමට දිවා රෑ වෙහෙසෙන උදවිය වෙතටයි, ලිපිය කියවාගෙන යද්දී ඔවුන් අමන්දානන්දයට පත් වී ඇත්නම් මේ ටිකත් දැනගන්න.

වසරකට වතාවක් පමණක් කඨින පෙරහරක් පවත්වද්දී , ඒ පෙරහරත් විනාඩි පහකටත් අඩු කාලයදී ගෙදර පහුකරගෙන යද්දී , වර්තමානයේ පිරිහී ඇති සුළුතරයක් පෙරහර වලින් වන ශබ්ද දුෂණයට වඩා දහස් වරක් ශබ්ද දුෂණයක් සමහර ආගම් අදහන්නන් දිනකට කිහිප වරක් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් සිදු කරන ඝෝෂාවන්ගෙන් සිදු වන බව සියල්ලෝම දනී. ඊට අමතරව නූගත් මිනිසුන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදී ඒවා දෙවියා ලවා සුව කිරීමට යන සමහර ආගම් මගින් මනුෂ්‍ය ඝාතනත් සිදු කරද්දී කඨින පෙරහරේ විනාඩි කිහිපයක ඝෝෂාව නොසැළකිය යුත්තක් සේ ද සිතිය හැකිය. තවත් ආගමකත්, ඒ ආගම මගින්ම අනුමත කරන ලද පෙරහර තිබෙන අතර ඒවායේ ඝෝෂාවනම් කියා නිම කළ නොහැකි තරම් දරුණු මෙන්ම ඒවායේ කොකු වල මස් කඩේ කුකුළන් මෙන් එල්ලී සිටින පුද්ගලයන්ව දැකීමම කුඩා දරුවන්ව ස්වපීඩාකාමුකත්වය මෙන්ම පරපීඩාකාමුකත්වය වෙත ඇද දමන්නක් බවත් කිව යුතුය. මේ සුළු කරුණු ටික පැවසුවේත් ඔය ආගම් වලට අපහාස කිරීමට නොව (ඒ ආගම් වල නම් සඳහන් කළේ නැත්තේ එනිසායි) යමෙක් ඕනෑම දෙයක් මනින්නේ සාපේක්ෂ වශයෙන් නිසා ඒ සාපේක්ෂ බව පෙන්වීමට මිණුම් දණ්ඩක්ද අවශ්‍ය බැවිනි.

කඨින පෙරහර යනු සිංහල බෞද්ධ සංස්කෘතික අංගයකි. පෙරහර පසුපස කෑ ගසමින් හූ තියමින් කුණුහරුප කියමින් දරුවන් යනවානම් ඒවා පන්සලේ වැරදි නොව දරුවන්ව දාඩාවතේ යන ලෙසට හදා දරුවන්ට හොඳ නරක ගැන අවබෝධයක් ලබා නොදුන් දෙමාපියන්ගේ වැරදි ය. එනිසා සමහර කඨින පෙරහර සිදුකිරීමේදී අන් අයට හිරිහැර සිදු වුවද ඒවා බුදු දහමේ අඩුපාඩු නොව බුදු දහම ගැන අවබෝධයක් නැති උදවියගේ අඩුපාඩුය. එබැවින් බෞද්ධ අපිට අවශ්‍ය වන්නේ අපගේ සුළු අඩුපාඩුව පවා හදා ගැනීමටයි. මෙය ඒ සඳහා සුළු උත්සාහයකි.

…කඨින පෙරහර ‍රැක ගැනීම සඳහා කළ යුත්තේ කුමක්ද?…

මූලික වශයෙන්ම කළ යුත්තේ බෞද්ධයින් වෙත නිවැරදි බුදු දහම ගෙන යාමයි. ඒ සඳහා හැකි තරම් ත්‍රිපිටකය සහ ත්‍රිපිටකය ගැන ලියවුන පිළිගත් පොත් පත් ජනතාව අතරට ගෙන යා යුතුය. මේ සඳහා ශාසන හිතකාමී ගිහි පින්වතුන්ගේ මැදිහත්වීම අත්‍යවශ්‍ය වේ. නිවසේ, අන්තර්ජාලයේ, පාසලේ, කාර්යාලයේ ආදී ලෙස සෑම තැනදීම හමු වන බෞද්ධයින්ට නිවැරදි බුදු දහම ගැන අවබෝධයක් ලබා දීමට අප සැවොම උත්සාහ ගත යුතුය.

මල් වට්ටියේ ඇති මල් ගණනට පින් සිදුවෙනවා යැයි කියන කතන්දර වල සිට අනේකවිධ මිසදි‍ටු ඉගැන්වීම් වලින් ඈත් වී බුදු දහම මෙයයි, බුදු දහම මත පදනම් වූ බෞද්ධ සංස්කෘතිය මෙයයි ආදී වශයෙන් බෞද්ධ ජීවන මාර්ගය ගැන වටහාදීමත් කළ යුතුය. ඒ සඳහා ගමේ විහාරස්ථාන මූලික කරගෙන තරුණ භික්ෂූන් වහන්සේලා පෙළ ගැසී සිටීම පැසසිය යුත්තකි.

බුදුසසුන ‍රැකෙන්නේ ධර්ම පොත් පත් පළ කිරීමෙන් හෝ ඒවා ආරක්ෂා කර ගැනීමෙන් හෝ අන්‍යාගමික අන්තවාදී තර්ජන වලින් බෞද්ධයින්ව ‍රැක ගැනීමෙන්”ම” නොව හැකි තාක් බුදු දහමට අනුව හැසිරීමෙනි.
read more

සිංහරාජ ලෝක උරුමය විනාශයි…! මහ වනය එළිකර යහපාලනයෙන් විදුලි බලාගාරයක් හදයි!


සිංහරාජ කලාපයේ කොස්ගුලන ගඟ හරස් කොට ඉදිකරමින් පවතින කුඩා ජලවිදුලි බලාගාරයක් නිසා ලෝක උරුම සිංහරාජ වනාන්තරයට බරපතල හානියක් සිදුවී ඇතැයි ‘වැසි වනාන්තර සුරකින්නෝ‘ සංවිධානය කියයි. එම සංවිධානය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙයි.

ලෝක උරුම සිංහරාජය වනසා ජලවිදුලි බලාගාරයක් ඉදිකරයි

සිංහරාජ ප්‍රේරක කලාපය තුළ කොස්ගුලන ගඟ හරස් කොට ඉදිකරමින් පවතින කුඩා ජලවිදුලි බලාගාරයක් නිසා ලෝක උරුම සිංහරාජ වනාන්තරයට බරපතල හානියක් සිදුවී ඇත. මෙම ඉදිකිරීම් සිදුකරන ප්‍රදේශය සිංහරාජ කුඩව ප්‍රධාන පිවිසුම් මඟ සිට කිලෝමීටර් 4ක් පමණ නැගෙනහිර දෙසින් සිංහරාජ මායිමට යාබද ප්‍රේරක කලාපය තුළ පිහිටා ඇති අතර කොස්ගුලන ගඟ හරස් කොට ඉදිකරමින් පවතින බැම්ම හා ගඟට යාබද ප්‍රේරක කලාපයේ වැසිවනාන්තරය බැකො යන්ත්‍ර යොදා එළිපෙහෙළි කිරීම නිසා මෙම සංවේදී පරිසර පද්ධතිය දිනෙන් දින විනාශ වී යමින් පවතී. ඊට අමතරව මෙම ඉදිකිරීම් වලට ගෙනැවිත් ඇති බැකෝ හා අනෙකුත් විශාල ට්‍රක් රථ ධාවනය සඳහා කුඩව සහ කොස්ගුලන අතර සිංහරාජ ප්‍රේරක කලාපයට අයත් කුඩා ගුරුපාරක් භාවිතා කර තිබේ. මේ නිසා ගුරුපාරට යාබද උතුරු ප්‍රදේශයේ රජුවන්කන්ද වැසිවනාන්තරයෙන් ඇරඹෙන දියපාර ගණනාවකට බරපතල හානි සිදුවී ඇති අතර සිංහරාජයට යාබද එහි ප්‍රෙරක කලාපයේ පිහිටි මෙම වැසිවනාන්තරය සිංහරාජයෙන් සහමුලින් වෙන්වී යාමේ දැඩි අවදානමකට පත්වෙමින් පවතී.

යුනෙස්කෝ ලෝක උරුම වැසිවනාන්තරයක් වන සිංහරාජයේ ප්‍රධාන පිවිසුම් ස්ථානයට සමීපව කෙරෙන මෙම වන විනාශය පිළිබඳව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කිසිදු පියවරක් නොගැනීම ඉමහත් ගැටලුවකි. මධ්‍යම පරිසර අධිකාරිය මෙම ඉදිකිරීම සම්බන්ධයෙන් පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවක් හා මහජන අදහස් විමසීමක් කර නැත.ලෝක උරුම වැසිවනාන්තරයක් තුළ පරිසර නීති අමු අමුවේ උල්ලංඝනය කර මෙවැනි විනාශකාරී ඉදිකිරීම් සිදුකිරීමට ඉඩ දීම අදාළ බලධාරීන්ගේ අසමත්කම මනාව පැහැදිලි කරයි. මෙම විනාශකාරී ක්‍රියාවලියට ඉඩ දීම නිසා සිංහරාජය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමටද බොහෝ සෙයින් ඉඩ තිබේ.

මෙම කුඩා ජලවිදුලි බලාගාර වලින් ලැබෙන ඉතා සුළු මෙගාවොට් දෙකට අඩු විදුලිය වෙනුවෙන් ශ්‍රීලංකාවේ රැකගතයුතු ජල පෝෂක ප්‍රදේශවල පිහිටි දිය ඇලි හා ගංගා විනාශ කිරීම ජාතික අපරාධයකි.







read more

නාවික හමුදා කඳවුරකට එක්සත් ජාතීන් කඩා පනී, රටේ ස්වෛරීත්වය අවසන්!


වෙනත් රටවල ආරක්ෂක මූලස්ථාන වලට තම රටේ පොලිසියටවත් අනවසරයෙන් ඇතුල් වෙන්න ඉඩ ලැබෙන්නේ නෑ.

නමුත් අපේ රටේ නාවික හමුදා මූලස්ථානයට එක්සත් ජාතීන්ගේ නිලධාරීන් කඩා පනිනවා. යුධ අපරාධ අධිකරණය සඳහා බොරු සාක්ෂි එකතු කරන්නේ මේ විදිහටයි.

පසුගිය මානුෂික මෙහෙයුමේ යෙදී සිටි රණවිරුවනි, ඔබගේ සහ ඔබගේ හිතවතුන්ගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් මේ ආණ්ඩුව තවදුරටත් පෙනී ඉන්නේ නෑ කියල දැන් තේරෙනවා නේද?
read more

කඨින චීවර පූජාව… මේ මහා කුසලය කරගැනීමට කාලයයි.


වසන්තය තුලදී පරිසරයේ විසිරී ගොස් නිදා සිටින ගස් වැල් වල බීජයන්ව, වසන්තය නිමා වී ඇති වන වස්සානයේ සීතල දිය දහරා පහරවල් වලින් කූද්දද්දී, පොරවාගෙන සිටින හියුමස් බ්ලැන්කෙට්‍ටුව ඈත් මෑත් කර අවදි වී අහස දෙස බලා තම කොළ පැහැ අත් දිග හරිමින් දළු ලා වැඩීමත්, ඒ පැළෑටි වලට බාධාවක් නොකිරීමටදෝ කුඩා කුරුළු කොබෙයියන්ගේ සිට මහා වනාන්තර වල සිටින සද්දන්ත හස්තිරාජයන් දක්වා නානාප්‍රකාර ජීවීන්, තම තමන් ලගින තැන් වලට වී නිස්කලංකව සිටීමත්, මේ සිරි ලකේ සිටිනා අපිට මෙන්ම අතිත භාරතවාසී ජනතාවටත් අපූරු අත්දැකීමක්ම විය. ඒ විස්මයෙන් ප්‍රමුදයට පත් වූ අතීත භාරතවාසී නිගන්ඨයෝ, ගස් වැල් වලට ජීවය ඇතැයි සිතා වස්සාන කාලයේ සංචාරය කිරීමෙන් වැළකී සිටියා පමණක් නොව, වළකින ලෙස බුදුරජාණන් වහසේ ඇතුළු ශාක්‍ය පුත්‍ර භික්‍ෂූන් වහන්සේලාගෙන් ද ඉල්ලීමක් කළහ.

කඨින චීවර පූජාවේ මූලාරම්භය

ශාක වලට ජීවයක් නොමැති බව නිදුකාණන් වහන්සේ දේශනාකොටවදාරා තිබුනත්, මා හට සිතෙන ලෙස, සංයුක්ත පද්ධතියක් ලෙස හැඩ ගැසී ඇති පරිසරයට තම ශ්‍රාවක සංඝයා වහන්සේලාව අනුගත කිරීම උදෙසාත්, වෙනත ආගමිකයින්ගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් වලට නම්‍යශීලී වීමක් ලෙසත්, අතීත කප් වල වැඩ විසූ බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවලත් තිබුන ඇවතුම් පැවතුම් ඉ‍ටු කිරීම උදෙසාත්, බුද්ධත්වයෙන් විසි වසරකට පසුව වස් විසීම අනුදැන වදාලහ.

මෙසේ වස්‌ සමාදන් වූ භික්‍ෂූන් වහන්සේලා පිරිසක්‌ සාකේත නුවර සිට සැවැත් නුවර දෙව්රම් වෙහෙර වැසි බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට පැමිණියහ. අතරමගදී වැස්‌සක්‌ ඇද හැලුණොත් භික්‍ෂූන් වහන්සේලා තෙමී ගිය සිවුරෙන් බුදුරජාණන් වහන්සේ හමුවට ගියහ. උන්වහන්සේලා සතුව වෙනත් සිවුරු නොවීය. මෙම කරුණ තේරුම් ගත් බුදුපියාණෝ කඨින සිවුරක්‌ වස්‌ වසා නිම කළ භික්‍ෂූන්ට පිළිගැනීමට අවසර දුන්හ.

සිංහල ඉතිහාසයේ දැක්වෙන කඨින චීවර පූජාව

දුටුගැමුණු මහ රජතුමා කඨින චීවර විසි හතරක් විසි හතර වාරයකදී පූජා කළ බව සඳහන් වෙයි. පොළොන්නරුවේ රජ කළ මහා පරාක්‍රම බාහු රජතුමා අසූ මහා ශ්‍රාවකයන් වහන්සේ වෙනුවෙන් කඨින චීවර දානයක් දෙමියි කියා සිතා එක් දිනකදීම කපු නෙලීම කැටීම ආදිය කොට චීවර කර්මාන්ත කරවා කැප ගරු භාණ්ඩයන් සමග අසූවක් කඨින චීවර අසූ තැනකදී පූජා කළේය. එසේම කෝට්ටේ රාජධානියේ රජකම් කළ සවැනි පරාක්‍රමබාහු මහ රජතුමා වසරක් පාසා රුහුණු මායා පිහිටි යන ත්‍රි සිංහලයෙහි මහා සංඝයා වහන්සේට කඨින චීවර පූජා කළේය. එතුමා තුන් දහස් හාරසිය තිස් දෙකක්ම කඨින චීවර පූජා කළ බව කියනු ලැබේ. මහනුවර රජ කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ද ශ්‍රී රාජාධි රාජසිංහ රජතුමා ද මේ අන්දමට කඨින චීවර පූජා කළහ.

කඨින පින්කමක් සිදු කිරීමේදී පවත්නා සම්මතයන්

[1] අනාගත ශාසනාභිවෘද්ධියට කඨින චීවර පූජාව මෙසේ අනුදැන වදාළ බුදුරජානන් වහන්සේ මෙසේ කඨින සිවුරක්‌ පිළිගත හැක්‌කේ ඇසළ පෝදා වස්‌ සමාදන් වූ, වස්‌ ශික්‍ෂා පදය මැනවින් රැක, වප් පෝයෙන් වස්‌ පවාරණය කරන භික්‍ෂුවට පමණක්‌ බව දේශනා කළ සේක. චීවර මාසය හෙවත් වප් පොහොය දින සිට ඉල් පොහොය දක්වා දින විසි නවය තුළදී කඨින චීවර පූජාව සිදු කළ හැකිය.
[2] ඇසළ පෝදා වස්‌ සමාදන් වීමට නොහැකි වූ භික්‍ෂූන් වහන්සේලාට නිකිණි පෝදා වස්‌ සමාදන් විය හැකි වූවත් කඨින සිවුරක්‌ පූජා ලැබීමට නොහැකිය. උන්වහන්සේලා වස්‌ පවාරණය කළ යුත්තේ ඉල් පෝ දිනය.
[3] මේ පින්කම සඳහා අවම වශයෙන් උපසම්පදාලාභී භික්ෂූන් වහන්සේලා පස් නමක්වත් සම්බන්ධ විය යුතුය.
[4] වෙසෙසින්ම, කඨිනයක් කඨිනයක් වීමට කරුණු 24ක් ද, එසේ නොවීමට හේතු 17ක් ද ඇති බව සඳහන්.

“කඨින” යන්නෙහි තේරුම

කඨින යන වචනයෙන් අදහස් වන්නේ ‘තද’ ‘දැඩි’ යන තේරුමකි. තවද, ස්ථිර අකම්ප්‍ය යන වචනය ද එයට ගැලපෙයි. නො සැලෙන නො බිඳිය හැකි, සිදුරු කළ නොහැකි කුසල කර්මයකට ද ව්‍යවහාර කරන නමකි. මෙය දෙපොට සිවුර ය, තනිපට සිවුර ය, අඳින සිවුර ය යන තුන් සිවුරෙන් එක් සිවුරක් අරමුණු කොට ගෙන සෙවිය යුතු හෙයින් කඨිනය යන නම ලබයි. පුණ්‍ය කර්මය ද කඨින නම් වෙයි. කඨිනය නො සැලෙන, නොබිඳෙන, ස්ථිර වූ එමෙන් ම ප්‍රශංසා කටයුතු, ඒක ඝන වූ ආනිශංස ඇති පින්කමකි. පෘථිවිය මෙන් අකමප්‍ය, මහා මේරු පර්වතය මෙන් නිශ්චල, වජ්ර පර්වතය මෙන් බිඳිය නො හැකි, ඝන වූ යන අර්ථයෙන්, ‘කඨිනය’ නම් වෙයි. එය අතිශයින් ස්ථිර වූ කුසල කර්මයකි.

කඨින පෙරහැර

වස් පවාරණය කළ භික්ෂූන් වහන්සේට පූජා කරන කඨින චිවරය ගමේ බොහෝ දෙනාට අත ගස්සවා කඨින පින්කමෙහි ආනිසංස අනුමෝදන් කර ගැනීමට සැලැස්සවීමට අතීත සිංහල බෞද්ධ ගැමියාට අවශ්‍ය විය, ඒ සඳහා කඨින චීවරය මහත් පුද සත්කාර සහිතව තුන්යම් රාත්‍රිය පුරාම පෙරහැරකින් ගම පුරා වැඩම කරවීම සිරිතක් කර ගත්තෝය. රාත්‍රී කාලයේදී පෙරහැර ග්‍රාම සංචාරය කිරීමට හේතු වූයේ කොස්‌ කොළයේ හෝ අඹ කොළයේ නැට්‌ට පෙනෙන තරමට යන්තම් හිරු උදාවෙන අවස්ථාවේදී කඨින චීවරය පූජා කිරීමේ නිශ්චිත වේලාව ලෙස පුරාතනයේ පටන් ම සැලකුණ බැවිනි.ඉතින් රාත්‍රි කාලයේ නිදා සිටින ගැමියන්ට කඨින පෙරහැර එන බව සංඥා කිරීමටත්, මග දෙපස සිටින වන සතුන්ගෙන් බේරීම සඳහාත්, අතීත සම්ප්‍රදාය බෞද්ධ සම්ප්‍රදායට අනුගත කිරීමක් ලෙසත් කඨින පෙරහැරට තූර්ය වාදන, නැ‍ටුම් ගැයුම් ආදියත් අතීත සිංහලයෝ එක් කළහ.

එහෙත් බටහිර සංස්කෘතිය මෙන්ම දෙමළ සංස්කෘතියද ගෙඩි පිටින්ම කඨින පෙරහැරටත් ඔබ්බවා ගැනීම නිසා, වර්තමානයේදී සමහර ප්‍රදේශ වල මෙම කඨින පෙරහැරේ ඇති බෞද්ධත්වය බොහෝ දුරට විනාස වී ඇති බව පෙනෙයි. මේ ගැන වෙනම ලිපියකින් අදහස් පළ කිරීමට බලාපොරොත්තු වෙමි.

කඨින චීවරය පිළිගැන්වීමේ ආනිසංස

නාගිතාපදානයට අනුව නාගිත නම් පුද්ගලයෙක් එක් භවයකදී කඨින චීවරයක් පූජා කර අර්හත් භාවය පාර්ථනා කර ඇත. ඒ පින නිසාම ඔහු කිසිදා සතරමහාපායට නොවැ‍ටුන අතර දෙව් මිනිස් සැප කෙලවර අර්හත්භාවය ලබාගත් බව සඳහන් වේ. පංචානන්තරීය පාප කර්ම වලට අයත් නොවන කිසිදු අකුසලයකින් කඨින චීවරය පූජා කිරීමේ මහා ආනිසංසය යටපත් නොවේ, සක්දෙව් සැප සක්විති සැප ආදී සම්පත්තියන් ලැබීමට තරම් වාසනා සම්පත් ඇති කුසලකර්මයකි. යමෙක්‌ මෙම පින්කම සිදු කරන්නේ නම් කිසිදු දිනෙක දුගතියක නූපදින බවට සාක්‍ෂි නාගිතාපදානයෙන් ප්‍රකාශිතය.

කුමන සම්පත් ලැබූවත් සසර දුක්‌ කෙළවර කිරීමෙන් තොර වුවහොත් ජාති ජරා මරණාදී පොදු වූ දුක්‌ඛයනට ගොදුරු වේ. එම නිසා මෙම පින්කමේදී සසර ගමන දීර්ඝ වන පරිදි භව තෘෂ්ණාව වර්ධනය නොකර ගනිමින් බුදුරජාණන් වහන්සේ වදාළ සත්‍යය අවබෝධ කර ගැනීමට උත්සුක විය යුතුය. කුශලකර්මවල විපාක විඳිමින් පින්කම්වල නිරත වෙමින් සසරේ රැඳීමට වඩා ඉක්‌මනින් සසර දුක්‌ නිම කරන්නට අප ලබා ඇති මේ උතුම් මනුෂ්‍ය ජීවිතය ශ්‍රී සද්ධර්මය තුළින් අවබෝධ කර ගත යුතු බවත් මෙහිදී සඳහන් කළ යුතුය.

අප සියළු දෙනා පූර්වයේ කුසල් සම්භාරයන් වැපිරීම නිසා නිසා වර්තමානයේදී මනුශ්‍ය භවයන් ලබාගෙන අති අතර, එමගින් අස්වනු නෙලා ගැනීමට දැන් කාලයයි. නිවන් දක්නා තුරා යහපත් තැන්හී ඉපද පින් දහම් ‍රැස් කරගැනීමට ඉවහල් වන මෙම මහඟු කඨින චීවර පූජා පුණ්‍ය කර්මයට සහභාගී වෙන ලෙස සිංහල බෞද්ධයා අඩවිය හරහා ඔබ සැමට කාරුණිකව සිහිපත් කරමි.

තෙරුවන් සරණයි…
read more

ප්‍රංශය වෙනුවෙන් තෙත් වෙන දෑස් , ශ්‍රී ලංකාව වෙනුවෙන් හැරිලවත් නොබැලීම.


ප්‍රංශය වෙනුවෙන් තෙත් වෙන දෑස් , ශ්‍රී ලංකාව වෙනුවෙන් හැරිලවත් නොබැලීම.

ෆේස්බුක් එකේ සමහරු ප්‍රංශ කොඩිය දාගෙන තිබෙන්නේ ෆේස්බුක් එකෙන්ම දී ඇති පහසුකමක් නිසයි. එසේම ප්‍රංශ කොඩිය දා ගත්ත අය අතර කොටින්ට කඩේ යන ද්‍රෝහීන් සිටිනවාක් මෙන්ම පහුගිය කාලේ රණවිරුවන්ට ලේ දන් දුන්න අයත් ඉන්නවා කියල අපි අමතක නොකළ යුතුයි.

නමුත් සැබෑ ප්‍රශ්නය තමයි අපේ රටේ පාලකයින්ගේ හිත් ප්‍රංශයේ ත්‍රස්තවාදී අර්බුදය වෙනුවෙන් උණු වෙද්දී, ශ්‍රී ලංකාවේ සිර ගෙවල් වල සිටින ත්‍රස්තවාදීන්ව කඩිනමින් නිදහස් කිරීමයි. සමහරු "ආතල් එකට" වගේ ප්‍රංශ කොඩිය දා ගන්නවාට වඩා මේක කොච්චර බරපතල කාරණාවක් ද?

කොටි නායක ප්‍රභාකරන්ව අවසන් කිරීම ගැන සිංහලයන් කෙරෙහි වෛරයෙන් පසුවෙන මෙම කොටි නායකයින්ව කිසිදා පුනරුත්ථාපනය කිරීමට නොහැකියි. ඔවුන් සමාජයට ගිය පසුව නැවතත් කරන්නේ සංවිධානාත්මකව සිංහල ජාතියෙන් පළි ගැනීමයි.

අපි මේ දේශපාලනය කතා කරනවා කියල සමහරු කියාවි. ඒත් මතක තියා ගන්න මේ නිදහස් කරන කොටින් ආයිත් බස් එකක බෝම්බයක් පිපිරෙව්වොත් ඒකෙදි මිය යන්නේ පක්ෂ පාට අනුව නෙමෙයි.

රට ගැන හැඟීමක් නැති පාලකයින් නිසා සුදු කොඩි දාගෙන අපටත් අප කෙරෙහිම කණගාටු වෙන්න සිදුවෙන දිනය වැඩි ඈතක නෙමෙයි. අන්න එදාට ඔය ප්‍රංශ කාරයෝ කවුරුවත් නුඹලා වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික කොඩිය දා ගන්න එකක් නෑ.
read more

සරත් ෆොන්සේකාට සිංහල ජාතිය ගැන ඇති ජාතිකාභිමානයේ හැටි පැහැදිළි වෙයි.


ජාතික ඇඳුම යනු සිංහලයගෙ අනන්‍යතාවය. වැරදියට මහපු ජාතික ඇඳුමක් තමන්ට ගැලපෙන්නේ නැති වුණාම ඒක අඳින්න පුලුවන් කෙනෙකුට දීමයි අපේ සම්ප්‍රදාය වී තියෙන්නේ. එහෙමත් නැතිනම් එය වෙනත් ඇඳුමක් මැහීමට යොදා ගන්නවා.

ඒත් අලුත්ම ජාතික ඇඳුම් 10 ක් කාර් හෝදන්න පාවිච්චි කරපු එකෙන් මොහුට තමන්ගේ ජාතිය ගැන ඇත්තේ ජාතිකාභිමානයක් නොව වෛරයක් බව පැහැදිළියි.
read more

Terrorist Attack in France - No need to pray for the gods, but pray for the governments not to feed the terrorists.


It is with deep sadness that we extend our tearful and sorrowful condolences and sympathies to all the victims and their families as well as the people of ‪‎France who are affected tremendously by this insane and barbaric terror attacks in ‪‎Paris‬ by extremist ‪‎Islamic Terrorists.

Our humanity in this 21st century have to rally behind in one side to face off this heartless and inhuman terrorism which should not exist in this era and beyond. We have to save this generation and next generations from this extreme peril. We join the humanity around the world to denounce such brutal and cruel path of the terrorists, and wish to bring lasting peace to our planet earth.

Since 1983 ‪‎Sri Lanka‬ has been suffered from ‪LTTE‬ terrorism, hundreds of thousands of innocents around Colombo died by Suicide Bomb blasts, and finally in 2009 we Sri Lankans could be able to completely eradicate the terrorism using government army forces. We have proofs that some of the world leaders fed the LTTE terrorism to keep a small country like Sri Lanka under their control. At the final stage of the war, foreign minister of the France Mr Bernard Kouchner arrived to Sri Lanka and pressured the Ex President to save the LTTE terrorist leader Prabhakaran, but he didn’t succeed. Source. Still the international community trying to revenge from Sri Lankan forces using so called alleged #‎war crimes .

What we expect from the people of France and all others who against the terrorism, do not let your government to help terrorists to achieve the political gains. Sadly the new Sri Lankan government also not on the right track. The tragic incident may a lesson for all the corrupted politicians and terrorist sympathizers around the world.
read more

Sinhala Buddhist පිටුවට මඩ ගසන ව්‍යාජ පෝස්ට් වලට හසුවෙන්න එපා.



හිතවත් මිතුරු මිතුරියනි, ෆේස්බුක් භාවිතා කරන අප කාටත් වැදගත් දැනුවත් කීරිමක් වන ව්‍යාජ පෝස්ට් හඳුනාගැනීම සම්බන්ධ කාරණාවකුයි මේ...

ඔබ කිසියම් ෆේස්බුක් පිටුවක් කරන්නේනම්, ඔබට මතවාදීව එරෙහි උදවියත් විවිධ උපක්‍රම යොදා මඩ ගැසීමට ඉඩ තිබේ. එසේම ජනප්‍රිය මාධ්‍ය ආයතන වල පළකිරීම් ආකාරයට ව්‍යාජ පෝස්ට් හැදීමකුත් සිදුවේ.

සිංහල බෞද්ධයන්ට එරෙහිව ජාතිද්‍රෝහීන් සහ අන්තවාදීන් විසින් කරන කෙනෙහිළිකම් Sinhala Buddhist පිටුවෙන් දිගින් දිගටම හෙළිදරව් කරන අතර, එයට මතවාදීව මුහුණ දීමට නොහැකි ඔවුන් උපක්‍රමිකව මඩ ගැසීමේ ව්‍යාපාරයක් අරඹා ඇත.

Sinhala Buddhist පිටුවේ පළ කරන දෑ ආකාරයට පින්තූර හදා එහි URL එකද යොදමින් පැරොඩි පින්තූර බෙදා හරියි. වෙනත් තැනක Sinhala Buddhist පිටුවේ URL එක සහිත පින්තූර දුටුවොත් මෙම Sinhala Buddhist පිටුවට පිවිස එවැන්නක් පළ කර තිබේදැයි බලන්න.

එනිසා සෑම විටම අදාළ මුල් පිටුවට ගොස් එම පළකිරීම එසේ තිබේදැයි බලන්නට ජනතාව දැනුවත් කරමු.

ෆේස්බුක් නිතර භාවිතා නොකරන අය මේ දේවල් නොදන්නා බැවින් මෙම පණිවිඩය හැකි තරම් බෙදා හරිමින් දැනුවත් කරන්න.
read more

චතුර සේනාරත්නත් මාදුළුවාවේ සෝභිත හිමිගේ ආදාහනය විකුණා දේශපාලන වාසි ලබා ගනී.


පහත දැක්වෙන්නේ මධුරංග තුෂාර නැමැති මහතෙක් අප වෙත ලබා දුන් අදහසකි. එසේම ඡායාරූප වෙනුවෙන් ඔහුට අපගේ ස්තුතිය.

ඔහුගේ අදහස පහතින්.

"අපවත් වු සෝභිත හිමි හෙට පාර්ලිමේන්තු ක්‍රිඩාංගනයේ පූර්ණ රාජ්ය ගෞරව යටතේ අදාහනය කරන්න සියල්ල සුදානම්.. මා මුලින්ම උන් වහන්සේට අමා මහ නිර්වාණ සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා.. උන් වහන්සේගේ අපවත් වීමත් විවාදයකට තුඩු දුන් කාරණයක් වු බව අමුතු කාරණාවක් නෙවේ... මේ ඒ සම්බන්ධව මාගේම අදහසක් , මතයක් පමණි.

මෙම සටහනෙන් උන් වහන්සේට කිසිදු ආකාරයට විවේචනක් හෝ අපහාසයක් කිරීමට මා අදහස් නොකරමි. නමුත් මෙම හිමියන්ගේ අපවත් වීමත් දේශපාලුවන් විසින් තවත් එක්තරා කැම්පේන් එකක් බවට පත් කරගෙන ඇති බව නම් නොරහසකි..

හොඳම නිදසුන මා දිනපතා යන එන මාර්ගයක් වන පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ සිට රාජගිරිය දක්වා ප්‍රධාන මාර්ගයේ පහන් කණු වල මැනවින් ප්‍රදර්ශනය වේ.. ඒ පසුගිය මැතිවරණයේ කරළියට පැමිණි රාජිත සේනරත්න ගේ පුත් චතුර සේනාරත්න විසින් හිමියන්ගේ නමටත් වඩා විශාලත්වයෙන් හා පැහැදිලිව ඔහුගේ නම හා ඔහුගේ පක්ෂයේ නම යොදාගෙන සිදු කර ඇති ශෝක ප්‍රකාශය සහිත ඩිජිටල් බැනර් තොගයෙනි.

හිමියන්ගේ අපවත් වීම අලෙවි කරන එකම පුද්ගලයා ඔහු පමණක් නොවන අතර හිමියන්ගේම අන්තිම කැමැත්ත පවා අමු අමුවේ විනාශ කරමින් හෙට දිනයේ පවත්වන ආදාහන කටයුත්ත උන් වහන්සේ විසින් සිදු කළා වු ශාසනික මෙහෙවරට කරන උපහාරයකට වඩා දේශපාලනික මෙහෙවරට උපහාරක් ලෙස හෝ කළගුණ සැලකීමක් ලෙස සිදුවන බව ඉතා පරිස්සමින් බලන ඕනෑම අයෙකුට පෙනෙන්නට තිබෙන කරුණකි.

ලෙඩ ඇඳේ සිටි උන් වහන්සේට ආශිර්වාද කිරීම අමතක වු පුද්ගලයන්ට මේ ආදහනය තවත් උත්සවක් කරගනිමින් ප්‍රසිද්ධියට පත් වීමට දත කන්නේ ඇයි..???

උන් වහන්සේ තමාගේ අන්තිම කැමැත්තෙන් ප්‍රතික්ෂේප කළෙත් මෙවැනි විකාර උත්සවයන් නොවේද...???

උන් වහන්සේ ජීවතුන් අතර සිටින්නන්ගෙන් බලාපොරොත්තු වු චාම් එක්දින අවසන් කටයුතු වලට කරන උපහාරයද මේ..???

උන්වහන්සේට සැනසීමක් ලැබේවිද..??? සංවාදයට විවෘතයි..."




read more

සෝභිත හිමිගේ අවසන් කැමැත්තවත් ඉටු කර නොදෙන තුප්පහි යහපාලනය.


මාදුළුවාවේ සෝභිත හිමිව මාකට් කරලා බලයට ආපු යහපාලන ආණ්ඩුව උනහන්සේට පොරොන්දු වූ යහපාලනය ඉටු කළේ නෑ.

අන්තිමට උන්වහන්සේ දැඩි ලෙස කළකිරීමට පත් වී රෝගාතුර වුණා. අන්තිම කාලයේ උන්වහන්සේ යහපාලන ආණ්ඩුව විවේචනය කළ නිසා යහපාලුවන් උන්වහන්සේ රෝහලේ ඉන්දැද්දී බලන්නවත් ගියේ නෑ.



අවසානයේදී උන්වහන්සේ අපවත් වූ පසුව සරළ ආදාහන පූජෝත්සවයක් පවත්වමින් අවසන් කැමැත්ත ඉටු කරන්නේවත් නෑ.

මේ තියෙන්නේ මාදුළුවාවේ සෝභිත හිමි පවසන සිය අවසන් කැමැත්ත. රේරුකානේ චන්දවිමල මහ නා හිමිගේ මෙන්ම සරළව ආදාහනය කරන්නයි පවසන්නේ.



සෝභිත හිමිව මාකට් කර බලයට ආපු උන්දැලට, අන්තිමට කෝටි ගාණක් වැය කරමින් , රාජ්‍ය උත්සව පවත්වමින්, පාසල් වසා දමා දරුවන්ව මහ මඟ ගිණි අව්වේ රස්තියාදු කරමින්, උදේ හවා රාජ්‍ය නාලිකා වල විකාශනය කරමින් සෝභිත හිමිගේ ආදාහනයත් මාකට් කරලා ලකුණු දාගන්නවා. අවසන් කැමැත්ත ඉටු කිරීමට වඩා වටින්නේ මාකට් කිරීම වෙලා.

යහපාලනය ඉටු කරන්න බැරිනම් අඩුම තරමින් අන්තිම කැමැත්තවත් ඉටු කර දුන්නානම් උන්වහන්සේට සැනසීමක් ලැබේවි.


පලි: මාදුළුවාවේ සෝභිත හිමි සිය අත් අකුරින් ලියූ අවසන් කැමති පත්‍රය අප පාථකයෙක් විසින් කොමෙන්ට් කර තිබේ. යමක් කමක් හරියට නොදැන උඩු බුරන යහපාලන තුප්පහියන්ගේ අවධානය පිණිස පහතින් එය දක්වා ඇත.


සෝභිත හිමි අත්අකුරින් ලියු අන්තිම කැමති පත‍්‍රය මෙන්න… දැනටමත් අන්තිම කැමැත්ත මුළුමනින්ම කඩලා.. source: LCN
කොට්ටේ ශ‍්‍රි නාග විහාරාධිපතිව සිටියදී අපවත් වී වදාල පූජ්‍ය මාදුළුාවේ සෝභිත හිමියන් විසින් තම අත් අකුරින්ම ලියන ලද අන්තිම කැමති හමු වී තිබේ.
‘මා ගැන පොත් ලියා මට උපහාර උත්සව පවත්වන්නට, මට නොයෙකුත් නායක පදවි පිරිනමන්නට අපේ හාමුදුරුවරු උත්සාහ කළ අවස්ථා එමටය. මාදුළුවාවේ සෝභිත යන නමේ මුලට හෝ අගට තවත් නමක් එකතු කිරීමට මගේ ඒ හැටි කැමැත්තක් නැත. දැනටමත් මගේ සිරුර අක්ෂිදාන සංගමයට පරිත්‍යාග කිරීමට මම කැමැත්තෙන් සිටිමි. මගේ නෙත් පියවුණු දිනක පැය විසිහතරක් තුළ සියලූ කටයුතු නිමා කරන ලෙස දායක සභාවට දන්වා ඇත. ගුණ කථන අනවශ්‍ය බවත්, පුංචි පාංශුකූලයක් පමණක් ප‍්‍රමාණවත් බවද දන්වා ඇත. ඒ අනුව ඒ කටයුතු සිදුවනු දැකීම මගේ ඉදිරි බලාපොරොත්තුවයි. එතෙක් මගෙන් වැඩ ගන්න. මැරෙන මොහොත දක්වා වැඩ කරන්න ඇත්නම් එය මගේ එකම සතුටයි’ යයි එහි දැක්වෙයි.

read more

නාගදීපය වැඳලා හමාරයි. ඉස්සරහට අපිට වඳින්න වෙන්නේ නයිනාතිව් දූපතට.



නාගදීපය යනු සිංහල බෞද්ධයින්ට අතිශය වටිනා ඓතිහසික දූපතකි. තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලක්දිවට වැඩියේ නාගදීපයට බවත් "චූලෝදර" හා "මහෝදර" නම් නාග ගෝත්‍රික රජවරුන්ට බුදු දහම දේශනා කළ බවත් ඓතිහාසික ග්‍රන්ථ වල සඳහන් වෙයි.

අප කවුරුත් දන්නා "මහියංගනං නගදීපං කල්‍යානං පදලාංඡනං..." ගාථාවේ "නාගදීපං" ලෙස පාළි බසින් දැක්වෙන වචනයේ සිංහල අරුත "නාගදීප" යයි.

ඒ ප්‍රෞධ සිංහල බෞද්ධ ඉතිහාසයට පා පහර දෙමින්, අප රටේ නොතිබූ දෙමළ ඉතිහාසයක් ගොඩ නැගීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අනුග්‍රහයෙන් එය නයිනාතිව් ලෙස නම් කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

එහි පළමු අදියර ලෙස උතුරු පළාත් සභාවේ යෝජනාවක් සමම්ත කරගෙන ඇත්තේ නයිනාතිව් ලෙස ගැසට් කළ යුතු බවයි. දිවයින ලිපිය බලන්න. http://www.divaina.com/2015/11/10/news02.html

දෙවන අදියර වී ඇත්තේ සියලුම රාජ්‍ය ලේඛන වල ඉදිරියේදී නයිනාතිව් ලෙසට සඳහන් කිරීමයි. පසුගිය දිනෙක නාවික හමුදා වෙබ් අඩවියේ දක්වා ඇත්තේ නයනතිව් දූපත ලෙසටය. අප කළ හෙළිදරව්වෙන් පසුව වෙබ් අඩවිය වෙනස් කළ හැකි නිසා archive කළ ලිපිය මෙතනින්. https://web.archive.org/web/20151110142913/http://www.navy.lk/eventnews-si/2015/11/04/201511041730-si/

නාවික හමුදා මූලස්ථානයේ නිලධාරියෙක් අප වෙත දන්වා එවූයේ එලෙස වෙබ් අඩවියේ නයනතිව් ලෙස නම් කිරීමට නියෝගය ලැබුණේ ආරක්ෂක අමාත්‍යාංශය හරහ බවයි. වත්මන් ආරක්ෂක අමාත්‍යවරයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාය. සිංහල ඉතිහාසය මෙලෙස විකෘති කිරීමට කිසිදු නාවික හමුදා රණවිරුවෙක් අකමැති වුවද, විනයානුකූල හමුදාවක් වශයෙන් දේශපාලන බලාධිකාරයේ නියෝග අනුව පමණක් සෑම විටම ක්‍රියාත්මක වෙන බව බව එම නාවික හමුදා ප්‍රකාශකයා අප වෙත පැවසීය.

තුන් වන අදියර වන්නේ සියලුම රාජ්‍ය ජනමාධ්‍ය මගින් නයිනාතිව් ලෙස අර්ථදක්වමින් ජනමතය සෑදීම වන අතර සිව් වෙනුව ගැසට් කරනු ඇත. ජනාධිපතිවරණයේදී තමන්ට උපකාර කළ උතුරේ ජනතාවට සිරිසේන කළ ගුණ සලකන්නේ එලෙසයි.

නාගදීපය ඉදිරියේදී නයිනාතිව් ලෙස හැඳින්වූ පසුව, වසර 2600 ක සිංහල බෞද්ධ ඉතිහාසය වත්මන් යහපාලන ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කළා ලෙසට අපට සිතන්න්ට සිදුවේ.
read more

හැඳුනුම්පතේ අපේ රටේ නම වෙන නමකින්. සුළු ජාතීන් පිනවීමට ආණ්ඩුව ව්‍යවස්ථාව උල්ලංඝනය කරයි.



ඕනෑම රටකට නිල වශයෙන් ඇත්තේ එක නමකි. අප රට නිල වශයෙන් හඳුන්වන්නේ "ශ්‍රී ලංකා" ලෙසටයි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු වගන්තියෙන්ම අප රට හඳුන්වා ඇත්තේ මෙලෙසයි.

"ශ්‍රී ලංකාව නිදහස්, ස්වෛරී, ස්වාධීන, ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජයකි. ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජය යනුවෙන් හඳුන්වනු ලැබේ." http://www.parliament.lk/files/pdf/constitution-si.pdf

එසේනම් ශ්‍රී ලංකා පුරවැසියන්ගේ නිල ලේඛන ලියවිලි වලට භාවිතා කළ යුත්තේ අප රට හඳුන්වන එම නිල නාමය යි. නැතහොත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උලල්ංඝනය කිරීමකි.

අපේ රටට නමක් තිබියදී, එසේම සිංහල කතා කරන අපගේ හැඳුනුම්පතේ වෙනත් සුළු පිරිසකගේ වුවමනාවට, නිති විරෝධී ලෙසට වෙනත් නමකින් අප රට හැඳින්වීම සුදුසුද?

මෙය පූර්වදර්ශයක් කරගනිමින් නැගෙනහිර වෙනම කලාප ඉල්ලන අය තම හැඳුනුම්පත අරාබි බසින් "ලංකිස්ථාන්" ලෙස නම සටහන් කරන ලෙස දක්වාවි. මේ කොන්ද පන නැති ආණ්ඩුව එයත් ඉටු කරනු ඇත.

ප්‍රභාකරන්ට අවුරුදු 30 ක් යුද්ද කරලත් දිනාගන්නට බැරි වුණ දේ මෙම දේශද්‍රෝහී යහපාලන ආණ්ඩුවෙන් නොමිලයේම ලබා දෙයි.

read more

ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් බුදු සමිඳුන් පාමුළ දනින් වැටෙයි. බුදු දහම ගැඹුරින් හදාරන්නට සූදානම්.


මේ තමයි FaceBook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්. ඔහු අද බුදුන් පාමුල දණ ගසා වඳිනවා.

උපතින් යුදෙව් (ඊශ්‍රායල්) ජාතිකයෙක් වන ඔහු මේ වෙද්දී බුදු දහමේ වටිනාකම අවබෝධ කරගෙන. ඔහුගේ බිරිඳත් බෞද්ධයෙක්.

මාර්ක් සකර්බර්ග් සිය ෆේස්බුක් පිටුවේ මේ පින්තූරය පළ කර දක්වා ඇති අදහස් මෙලෙසයි.

"බුදු දහම පුදුමාකාර ආගමක් මෙන්ම දර්ශනයක්. මම එය වැඩිදුර ඉගෙන ගන්නවා. එය ඉදිරියටත් ගැඹුරින් වටහාගැනීමට මා බලාපොරොත්තු වෙනවා."

Source: https://www.facebook.com/photo.php?fbid=10102443602003791&set=a.529237706231.2034669.4

ලෝකයම එකම යායක් කර ලෝකයටම ඇමතූ මේ අපූරු මිනිසා අවසානයේදී, මීට අවුරුදු 2600 කට කළින් අනන්ත සක්වල මිනිසුන් දෙවියන් බඹුන් ට සද්ධර්මය ඉගැන්වූ ඒ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ පාමුල සිට බුදු දහමේ හරය මෙහෙනි කරනවා.
read more

සිංහල බෞද්ධයින්ව ෆේස්බුක් තුළ මර්දනය කිරීමට තවත් නීති සකසයි.


ශරියා නීතියට අනුව මිනිසුන්ගේ අත පය බෙලි කපා දැමීම ම්ලේච්ඡ ක්‍රියාවක් බවත්, ගවයින්ගේ යටි පැත්තෙන් බල්ල කපා ශුෂුම්නාවෙන් මොළයට වේදනාව දැනෙන්න ඉඩ හැරීම අමානුෂික ක්‍රියාවක් බවත්, මුස්ලීම් ජනගහනය සීග්‍රයෙන් වර්ධනය වෙන බවත් අපි නොබියව ප්‍රකාශ කරමු. එසේ කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපට ලබා දී ඇති අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය (The freedom of speech and expression including publication - Chapter 14.1.A) නිසා පමණක් නොව, ඉහත කාරණා සනාථ කිරීමට අපට ප්‍රමාණවත් සාක්ෂි තිබෙන නිසයි.

නමුත් ඉහත විවේචන නිසා ඉස්ලාම් ආගම විවේචනය වෙනවා යන පදනම මත විවෙචකයන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යොදගෙන මර්දනය කිරීමට වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක කර තිබේ.

ඊට තවත් හේතුවක් වී ඇත්තේ අන්තවාදයට එරෙහි බොහෝ පිරිස් වත්මන් ආණ්ඩුවත් විවේචනය කිරීමයි. එවිට තම ප්‍රතිවාදීන්ව මර්දනය කිරීමටත් මෙමගින් අවකාශය උදා වෙයි.

මෙම නව අපරාධ නීතිය ගෙන ඒමෙන් පසුව ඔබට කිසිම විටෙකවත්
1. ශරියා නීතියට එරෙහිව කතා කිරීම තහනම්.
2. ගවයින් හලාල් කිරීම විවේචනය කිරීම තහනම්.
3. සිංහල ජනගහනය අඩු වෙනවා වගේ ප්‍රකාශ කිරීම තහනම්.

යම් ලෙසකින් ඔබ ඒවා සිදුකළහොත් "ජනවාර්ගිකත්වය සහ ආගම පදනම් කරගනිමින් භේද ඇති කර මහජනයා ප්‍රකෝප කරවීම" යන වරද යටතේ ඔබව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පොලිසියට අවකාශය උදා වෙයි.
read more

බුදුරදුන්ගේ මගපෙන්වීමෙන් අවුරුදු එකසිය විස්සක් දිගාසිරි ලැබූ ආයුවඩ්ඩන කුමාරයා.


දවස් හතකින් මියයාමට නියමිතව සිට බුදුරජාණන් වහන්සේගේ මගපෙන්වීම නිසා පිරිතේ බලයෙන් අවුරුදු එකසිය විස්සක් දිගාසිරි ලැබූ ආයුවඩ්ඪන කුමාරයා.

පින්වත් දරුවනේ, සිල්වතුන් ගුණවතුන් උදෙසා පුදසත්කාර කිරීම තුළ අපගේ ජීවිතවලට අග්‍ර වූ පින් රැස් වෙනවා.ඒ තුළින් ආරක්ෂාව රැකවරණය සැලසෙනවා.සමහර විට පින් රැස් කරනා කෙනා ඒ පින නිසාම ලොකු අනතුරු වලින් මිදෙනවා.

පින්වත් දරුවනේ, අපගේ බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි.ඒ බුදු කරුණාව නිසා ලෝකයේ බොහෝ දෙනාට යහපත ඇති වුණා.මෙවර ඔබ අතට පත්වන්නේ බුදු කරුණාව නිසා සැපයට පත් වූ එවැනි පුංචි දරුවෙක් ගැනයි.

දවස් හතකින් මියයාමට නියමිතව සිටි පුංචි කුමාරයෙක්, බුදුරජාණන් වහන්සේගේ මගපෙන්වීම නිසා අවුරුදු එකසිය විස්සක් දිගාසිරි ලැබුවා.ඒ නිසාමයි ඔහු "ආයුවඩ්ඪන කුමාරයා" නමින් ප්‍රසිද්ධ වුණේ.

සත්වයන්ට තම ආයුෂ වැඩෙන්නත් කාරණා තියෙනවා.ඒ විතරක් නෙවෙයි සිල්වතුන් හට වන්දනා මානන කරද්දී කරදර කම්කටොලු පවා නැති වෙනවා.ආයුෂ, වරණ, සැප, බල කියන කාරණාත් දියුණු වෙනවා.

ඒ නිසා ඔබත් උතුම් තිසරණයම රැකවරණය කරගන්න.ඒ වගේම නිතරම පින් රැස් කරගෙන ජීවිතය පිනෙන් පුරවා ගන්න.

ඔයාලට තෙරුවන් සරණයි !

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ.

(සම්පුර්ණ කතා පුවත අදාළ චිත්‍රයද සමග පහතින් - Himali H. Samarajeewa).


පින්වතුනි, පින්වත් දරුවනේ,

අපට මේ ජීවිතයේදී ලැබී තිබෙන සෑම යහපත් දෙයටම මුල් වෙලා තියෙන්නේ පිනමයි.පින් රැස් කරන කෙනා ලොකු අනතුරුවලින් මිදෙනවා.කරදරවලින් බේරෙනවා.යහපත උදා කර ගන්නවා.පින් රැස් කිරීම හේතුවෙන් භයානක අනතුරකින් මිදී යහපතක් උදා කරගත් පින්වත් කුමාරයකු ගැනයි මේ කතාවෙන් කියැවෙන්නේ.

ඉස්සර දඹශිව 'දීඝලංඝික' කියලා එක්තරා නගරයක් තිබුණා.එහි වාසය කළ බ්‍රාහ්මණවරු දෙදෙනෙක් තාපස පැවිද්දෙන් පැවිදි වුණා.හත්ළිස් අට අවුරුද්දක් තපස් රැක්කා.ඔවුන් අතරින් එක්කෙනෙකුට මෙහෙම හිතුණා.'මේ බ්‍රාහ්මණ වංශය ලෝකයේ උතුම් වංශයක්.ශ්‍රේෂ්ඨ පරපුරක්.මම මේ විදිහට තපස් රැකගෙන හිටියොත් මේ වංශය රැකෙන්න මගෙන් උදව්වක් ලැබුණේ නෑ වෙනවා.ඒ නිසා මං දරුවෙක්ව මේ පරම්පරාවට ලබාදෙන්න ඕන...'

මෙහෙම හිතලා ඔහු බ්‍රාහ්මණ සමාජයේ මැදට ගිහින් මෙහෙම කිව්වා.


"එම්බා බ්‍රාහ්මණවරුනි, මං හතළිස් අට අවුරුද්දක් උග්‍ර වූ තපස් රැකලා තියෙනවා.මහා බලසම්පන්න පින් රැස් කරගෙන තියෙනවා.දැන් මට මේ බ්‍රාහ්මණ පරම්පරාව පවතින්න දරුවෙකුත් බමුණු සමාජයට දායාද කිරීමේ ආසාවක් තියෙනවා.කවුරුන් හෝ මට ගවයන් සියයකුත්, මසුරන් සියයකුත්, මානවිකාවකුත් දෙනවා නම් මං මෙතෙක් කලක් පුරාවට කළ තපසේ අනුසස් ඔහුට අනුමෝදන් කරනවා."

මෙයට බමුණන් කැමති වුණා.ඔහු හිතපු දේ ඔහුට ලැබුණා.ටික දවසකින් මේ පවුලට දරු සිඟිත්තෙක් එකතු වුණා.මේ බමුණා සමග තපස් කළ අනෙක් බමුණා.මොහු වාසය කරන ප්‍රදේශයට පැමිණුනා.අලුත් බමුණු පවුලට හරි සතුටුයි.

"සොඳුරී...මගේ යහළු බ්‍රාහ්මණතුමා ඇවිදින් ඉන්නවා.අපි එතුමාව බලන්න යමු.අපේ දරුවාවත් එතුමාට පෙන්නමු."


ඉතින් මේ බමුණු ජෝඩුව තම පුතුත් රැගෙන තාපසතුමා බැහැදකින්න ගියා.ගිහින් දරුවා බැමිණිය අතට දීලා බමුණා වන්දනා කළා.බැමිණිය බමුණා අතට දරුවා දීලා වන්දනා කළා.දෙදෙනාටම "බොහෝ කලක් ජීවත් වේවා !" කියලා තාපසතුමා සෙත් පැතුවා.

ඊට පස්සේ දෙදෙනාම පොඩි දරුවා ලවා තාපසතුමාට වැන්ඳෙව්වා.එතකොට තාපසතුමා නිශ්ශබ්දව හිටියා.සෙත් පැතුවේ නෑ.ඒ ගැන බමුණා විමසුවා.

"අපි දෙදෙනා ඔබතුමාට වන්දනා කළා.දෙදෙනාටම සෙත් පැතුවා 'බොහෝ කලක් ජීවත් වේවා !' කියලා.නමුත් මේ දරු සිඟිත්තා ලවා ඔබතුමාට වන්දනා කරවද්දී ඔබතුමා මේ දරුවා දෙස බලාගෙන හිටියා විතරයි.සෙත් පැතුවේ නෑ.එයට විශේෂ හේතුවක් තියෙනවාද ?"

"ඔව් යහළුවා...මේ දරුවා සම්බන්ධයෙන් කිසියම් ප්‍රශ්නයක් තියෙන බව පේනවා.මේ දරුවාගේ ආයුෂ අඩුයි වගේ..."


"ඒ කියන්නේ මේ දරුවා අවුරුදු කීයක් ජීවත් වේවිද ?"

"අවුරුදු ගණනක් කියන්න අමාරුයි.මට තේරෙන හැටියට නම් දවස් හතකට වඩා ජීවත් වෙන එකක් නෑ."

එතකොට දෙදෙනාම හඬන්න පටන් ගත්තා.

"අනේ..! තාපසතුමනි, එහෙම වෙන්න හේතුව මොකක්ද ? මේකෙන් බේරෙන්න පිළිවෙලක් නැද්ද ?"

"අනේ...යහළුවා, මේකේ හේතුව මට හොයාගන්න බෑ.මේකෙන් බේරෙන්න පුළුවන්කමක් තියෙනවාද කියලා මට තේරෙන්නේ නෑ.හැබැයි මං අහලා තියෙනවා ශ්‍රමණ ගෞතමයන් වහන්සේට වන්දනා කරගෙන බණ ඇසූ සක්දෙවිඳු මිනිස් ලොව ආයු ගණනින් තුන් කෝටි හැට ලක්ෂයක් අවුරුදුවලට ආයුෂ ලබාගෙන නැවත සක්‍ර තනතුරට පත් වුණා කියලා.මේ නිසා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ නම් මේ කාරණය විසඳාවී කියලයි මං හිතන්නේ."


"අනේ...ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අපේ මේ තපස් ක්‍රම වලට එච්චර කැමැත්තක් නෑ නෙව.ඒ නිසා උන්වහන්සේ මේ ගැන සැලකිල්ලක් දක්වන එකක් නෑ."

"යහළුවා...මේ වගේ වෙලාවකවත් ඔය තපස් මාන්නය අතහැර ගනින්...! මේ ළමයා ගැන හිතපන්..! තපස ගැන පස්සේ හිතන්න බැරියැ..."

ඊට පස්සේ මේ දෙදෙනා දරුවත් වඩාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගියා.පළමුවෙන්ම මේ දෙදෙනා වන්දනා කළා.බුදුරජාණන් වහන්සේ "බොහෝ කලක් ජීවත් වේවා !" කියලා ඒ දෙදෙනාට සෙත් පැතුවා.ඊට පස්සේ අර දරුවා ලවා වන්දනා කෙරෙව්වා.බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්දව හිටියා.

එතකොට අර බමුණු ජෝඩුව පුදුමයෙන් වාගේ එකිනෙකාගේ මුහුණු බලාගත්තා.කළබලයට පත් වුණා.


"අනේ ස්වාමීනි, අපට සෙත් පැතුවා වගේම මේ දරුවාටත් සෙත් පතන සේක්වා...!"

"පින්වතුනි, මේ දරුවාට ආයුෂ තියෙන්නේ සත් දවසකටයි.සසරේ වෛර බැඳගත් 'අවරුද්ධක' නම් යක්ෂයෙක් තව දින හතකින් මේ දරුවා සොයාගෙන එනවා.ඇවිදින් මොහුව බිලි ගන්නවා.මේ දරුවාට ඇති අනතුර මෙයයි."

අර දෙදෙනා මහ හඬින් විලාප දෙන්න පටන් ගත්තා.

"අනේ ස්වාමීනි, අපි ගොඩාක් බලාපොරොත්තු තියාගෙනයි මේ දරු සිඟිත්තා හදාගත්තේ.අනේ අපට ඒ යක්ෂ උපද්‍රවයෙන් මේ දරුවාව බේරා දෙන සේක්වා..!"

"එහෙම නම් පින්වත්නි, ඔබ නිවසේ මණ්ඩපයක් තනවන්න.ආසන පිළියෙල කරන්න.මාගේ ශ්‍රාවකයන් මං ඔබ නිවසට වැඩමවලා දෙන්නම්.උන්වහන්සේලා මා විසින් ලෝකයාට හිතසුව පිණිස දෙසූ සූත්‍ර දේශනා සතියක් පුරාවට සජ්ඣායනා කරාවි.ඒ තුළින් රැස් වෙන පිනෙන් ආරක්ෂාව සැලසෙනවා.


ඉතින් අර බ්‍රාහ්මණයා තම නිවසේ බුදුරජුන් වදාළ අයුරින්ම කටයුතු කළා.දින හත ගෙවී යද්දී, අවසන් දිනයේදී බුදුරජාණන් වහන්සේත් වැඩම කළා.අනන්ත බුද්ධානුභාවය නිසා සියලු සක්වල දේවියෝත් පැමිණුනා.අර යක්ෂයාට අවසර දී තිබුණේ ඒ දිනයේදී බිලි ගැනීමට පමණයි.යක්ෂයා ඇවිදින් ඈතින් බලා සිටියා.ඔහුට කර කියා ගතහැකි කිසිවක් තිබුණේ නෑ.බුදුරජාණන් වහන්සේ දකින විට ඔහු බියට පත් වුණා.

'හප්පේ..! මං කොහොමද මේ නර පැටියාව බිලිගන්නේ...ලෝකනාථ වූ මහේශාක්‍ය වූ මහානුභාව සම්පන්න වූ ශාස්තෘන් වහන්සේ ළඟ නෙව අර නර පැටියා ඉන්නේ.බිලිගන්නවා තියා මට දොළොස් යොදුනකින්වත් එතැනට ළං වෙන්න පිළිවෙලක් නෑ.මට බිලිගන්න බැරි විදියට මොවුන් පින් රැක් කළා නෙව.කමක් නෑ..මං මේ වෛරය අත්හරිනවා.මේ බිල්ල ගන්න ගියොත් අමාරුවේ වැටෙන්නේ මමයි."

යකා යන්නම ගියා.


නැවත ආවේ නෑ.අට වෙනි දින උදේ අර දෙදෙනා දරුවා ලවා බුදුරජුන්ට වන්දනා කෙරෙව්වා.

"පින්වත් දරුව, ඔබට දිගාසිරි ලැබේවා !" කියලා බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කළා.

"අනේ භවත් ගෞතමයන් වහන්ස, අපේ දරුවා කොතෙක් කලක් දිගාසිරි විඳීද ?"

"පින්වත්නි, ඔබේ දරුවා අවුරුදු එකසිය විස්සක් දිගාසිරි විඳිනවා..."

එදායින් පසු මේ දරුවා 'ආයුවඩ්ඪන කුමාරය' ලෙස ප්‍රසිද්ධ වුනා.ඔවුන් සියලුදෙනා ඉතා ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණ ගියා.ධර්මාවබෝධ කළා.

පස්සේ කාලෙක භික්ෂූන් වහන්සේලා අතර මේ කතාබහ ඇති වුණා.

"ඇවැත්නි, හරි පුදුමයි නෙව, අර කුමාරයාට ආයුෂ තිබුණේ දවස් හතකටයි.දැන් ඒ ළමයා ලොකුවෙලා උපාසකවරු පන්සීයක් සමග පින්දහම් කරමින් වාසය කරනවා.මෙයින් පෙනෙන්නේ මේ සත්වයින් හට ආයුෂ වැඩිවෙන්නත් කාරණා තියෙන බවයි."


මෙය සැලවූ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා.

"පින්වත් මහණෙනි, ආයුෂ පමණක් වැඩිවෙලා නවතින්නේ නෑ.වීතරාගී ගුණවතුන්ට වන්දනා කරද්දී කරදර කම්කටොලුත් නැති වෙනවා.ආයුෂත්, වර්ණයත්, සැපයත්, බලයත් කියන මේ හතරම වැඩෙනවා."

එසේ වදාළ බුදුරජාණන් වහන්සේ මේ ගාථාවත් වදාළා.

අභිවාදනසීලිස්ස - නිච්චං වද්ධාපචායිනෝ
චත්තාරෝ ධම්මා වඩ්ඪන්තී - ආයු වණ්ණෝ සුඛං බලං

සිල් දහම් වලින් සපිරී
වැඩිහිටි ගුණ නුවණින් යුතු
යහපත් උතුමන්ට යමෙක්
නිතර කරත් නම් වැඳුමන්
ආයුෂ සහ පැහැපත් බව
සැප හා බලයෙන් යුතු බව
යන මේ සිව් කරුණු ඔහුට
නිරතුරුවම ලැබෙන්නේය...
read more

How Drugs affect the beauty of faces.

Different drugs can have different physical effects on their users.





read more

හමුදා බුද්ධි අංශ රහස්‌ කොටි ඩයස්‌පෝරාව අතට


මෙතෙක්‌ අනාවරණය නොවී තිබූ හමුදා බුද්ධි අංශ ක්‍රියාකාරීන් රැසකගේ නම් දැන් විදෙස්‌ ගත කොටි ඩයස්‌පෝරාව අතට පත්වී ඇතැයි හමුදා ආරංචි මාර්ග දක්‌වයි.

මෙම හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගේ වගතුග විදේශගත කිරීමට රාජ්‍ය නොවන සංවිධාන කීපයක්‌ද සම්බන්ධ යෑයි ද වාර්තා වී තිබේ. ස්‌විට්‌සර්ලන්තයේ සුරිච් නුවර සිට ක්‍රියාත්මක වන යුරෝපා කොටි ගුවන්විදුලියද එකී නම් අනාවරණය කර ඇත.

මෙය බුද්ධි අංශ කටයුතුවලට බාධාවක්‌. ඇතැම් පාර්ශව මේ රහස්‍ය තොරතුරු හෙළි කර තිබෙනවා යෑයි බුද්ධි අංශ ආරංචි මාර්ග පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා හමුදාවට සහය වූ ටොසී නමැති කොටි බුද්ධි සේවාවේ දෙවැනියකු ගැනද රහස්‌ තොරතුරු කොටි ඩයස්‌පෝරාව අතට පත්වි තිබේ.

දිවයින පුවත්පත 2015/08/28
http://www.divaina.com/2015/08/28/news07.html

(මෙම වාර්තාව පිළිගන්නේ නැතිනම් දිවයින පුවත්පතට එරෙහිව හැකිනම් නඩු දාන ලෙස යහපාලන ආණ්ඩුවට අපි අභියෝග කරන්නෙමු. එහෙම බැරිනම් ඉතිහසයේ මහා පාවාදීමක් කළ ජනාධිපතිවරයා ඉල්ලා අස් වෙනු!)
read more

චම්පික මුස්ලීම් ජනතාවට වීරයෙක් වෙයි. චම්පික වෙනුවෙන් උද්ඝෝෂණ.


විල්පත්තුවේ කැලෑ කැපීමක් සිදුවී නැති බව පවසමින් පසුගියදා විල්පත්තුවේ මුස්ලීම් ජනතාව උද්ඝෝෂණයක් සංවිධානය කර ඇත.

එහිදී විල්පත්තුවේ පදිචි මුස්ලීම් ජනතාව "චම්පික ඇත්ත කියයි! ජේවීපී අසත්‍යය වපුරයි!" ලෙස පුවරු සාදගෙන චම්පික රණවක ට සහාය පළ කර ඇත.




මුස්ලීම් ප්‍රශ්නය පසුපස සිටින්නේ මුස්ලීම් විරෝධී ජාතිවාදීන් බව ඔවුන් පවසයි. ඒ අනුව විල්පත්තුවේ මුස්ලීම් අයිතිය වෙනුවෙන් පෙනී සිටි චම්පික රණවක යනු තවදුරටත් මුස්ලීම් විරෝධී ජාතිවාදියෙක් නොවේ. මුස්ලීම් ජනතාවගේ ගැලවුම්කරුවෙකි.




මුස්ලීම් ජනතාව භූමි පුත්‍රයන් ලෙසත් හඳුනවා ගනී. (භූමි පුත්‍රයන් යනු කිසියම් රටක් ඈත අතීතයේ සිටම ශිෂ්ටාචාරගත කළ හෙයින් ඒ රටේ පාරම්පරික උරුමයක් ඇති ස්වදේශික ජනතාවයි.)



එහිදී ඔවුන්ගේ ප්‍රධානතම සටන් පාථය වූයේ චම්පික රණවක විසින් විල්පත්තුවේ වන සංහාරයක් නැති බවට කරන ලද ප්‍රකාශයකුයි.



වත්මන් ආණ්ඩුවේ විදුලිබල ඇමතිවරයාම එසේ කියද්දී, ෆේස්බුක් එකේ උදවිය කියන දේවල් ගණන් ගන්නේ කවුදැයි එම මුස්ලීම් ජනතාව ප්‍රකාශ කර ඇත.

මේ වන විට මුස්ලීම් ජනතාව අතර අමාත්‍ය පාථලී චම්පික රණවක වීරයෙක් බවට පත් වී තිබේ. විල්පත්තුවේ අනවසර මුස්ලීම් ජනපදය රැක දීම නිසා රිශාඩ් බදියුදීන් ඔහුගේ සමීප මිත්‍රයෙක් බවට පත් වී ඇත. 


අනික් පසින් රාවුෆ් හකීමුත් චම්පිකගේ හොඳම මිතුරන් වී අවසන්. බොහෝ විවෘත කිරීම් වලටත් ඔවුන් දෙදෙනා එකට පැමිණෙන අතර, චම්පිකාගේ සිංහල බෞද්ධ පදනමට හානියක් වේ යැයි සිතා ඒවා මාධ්‍ය වල පෙන්වීමෙන් වළකින ලෙස උපදෙස් දී ඇත.





පසුගිය කාලයේ චම්පිකට තිබූ සිංහල බෞද්ධ පදනම එලෙසම තබාගතහොත් මුස්ලීම් ඡන්දත් තිබෙන බැවින් 2020 දී ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති විමට හැකි බව අතුරලියේ රතන හිමි මාධ්‍ය වෙත පැවසූ බව වාර්තා වෙයි. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නම් කරන්නේත් පාථලී චම්පික රනවකයි.

පසුගිය කාලයේ හෙළ උරුමයේ මාධ්‍ය රැස්වීම් වලට වික්‍රමබාහු කරුණාරත්නත් සම්බන්ධ විය.


උතුරේ ආරක්ෂාව පිණිස ඇති අධි ආරක්ෂිත කලාප ඉවත් කිරීම සිදුවූයේත් චම්පික රණවක ගේ අනුදැනුම සහිතවය.

මෙය අහම්බෙන් සිදුවූවක් නොවේ. කාලාන්තරයක් තිස්සේ චම්පික සැලසුම් කර තිබුණි. රාජිතගේ කටින් මේ හෙළිවන්නේ එය නොවේද?



අතිපූජනීය ගංගොඩවිල සෝම හාමුදුරුවන් ප්‍රාර්ථනා කරපු ධර්ම රාජ්‍යය හදන්න කියලා සෝම හාමුදුරුවන්ව විකුණගෙන පාර්ලිමේන්තු ආපු පාථලී, අද එලිපිටම රිෂාඩ් බදියුදීන් රාවුෆ් හකීම් ඇතුළු ඇතුළු මුස්ලීම් අන්තවාදයට කඩේ යාවි කියල ඔබ හිතුවාද?

පාථලී චම්පික රණවක යනු සිංහල ජාතියේ ගැලවුම්කරු කියල තාමත් හිතන් ඉන්න උදවියට බලන්නට හැකි තරම් Share කරන්න.
read more