ලෝක බලවතුන්ගේ ඇස් මවිත කරමින් විදෙස් නාවික සතුරන්ව මැඩලූ සිංහලයින්.

ඇමරිකානු නාවික හමුදාවට පවා හිසරදයක් වූ බටහිර ඉන්දීය සාගරයේ සෝමාලියානු මූදු කොල්ලකරුවන්ව සාර්ථකව මැඩලමින්, ශ්‍රී ලංකා නාවික විරුවන්ගේ වික්‍රමාන්විත මෙහෙයුමක් ගැනයි මේ කියන්න යන්නේ. ලෝක බලවතුන්ගේ ඇස් මවිත කළ එම මෙහෙයුම් නිසා "Sri Lanka" කියූ විට "ලෝක නාවික ආරක්ෂාවේ ප්‍රමුඛයා" ලෙස දිදුළන නමක් ලැබෙමින් තිබුණා. මූදු කොල්ලකරුවන් ශ්‍රී ලංකා ධජය රැගත් නැවක් අහලකටවත් යන්න බිය වුණා.


ඔබට මතක ඇති මීට අවුරුදු කීපයකට පෙර දිගින් දිගටම සෝමාලියානු මූදු කොල්ලකරුවන් විසින් බටහිර ඉන්දීය සාගරයේ නැව් කොල්ල කන බව ප්‍රවෘත්ති වල නිතර කිව්වා. නමුත් හිටි ගමන්ම එම කොල්ල කෑම් අඩු වුණා. එලෙස කොල්ලකරුවන්ව මැඩලා ලෝක නාවික අරක්ෂාව තර කළේ අපේම රටේ නාවික රණවිරුවන් විසින් කියලා ඔබ දැන සිටියාද?

සිංහල බෞද්ධයා වෙබ් අඩවියෙන් මේ කියන්න යන්නේ ඉතිහාස කතාවක් නොවුණත් ඉතිහාසයේ පුංචි කාරණාවක් මුලදිම මතක් කරන්නම්. සිංහලයින් තම මුහුදු සීමාවෙන් ඔබ්බට ගොස් විදෙස් සතුරන්ව මැඩලූ බවට සිංහල ඉතිහාසයේ අවසන් වතාවට වාර්තා වෙන්නේ ක්‍රි.ව. 1123-1186 කාලෙදියි. මහා පරාක්‍රමබාහු රජතුමා මියන්මාරය සහ දකුණු ඉන්දියානු සොළීන්ව නැව් දහස් ගණනන සිංහල සේනාවක් සහිතව ආක්‍රමණය කිරීමයි. එසේ ආක්‍රමණය කළේත් අප රටට වූ හානියක් වෙනුවෙන් වන්දි ලබා ගනීමට විනා විදෙස් රටවල් කොල්ල කෑමට නොවෙයි. මුළු රටම මූදෙන් වටවූ දේශයක පැවතුණු ජාතියක් වශයෙන් මූදු ගමන් යාම මූදුකර සිංහලයින්ගේ ජාන වල කිඳා බැහැලා තිබෙනවා. පසුකාලීනව මෙවන් ගීත තැනුනේත් එනිසා. ඒත් උතුම් බුදු දහමින් ලද පහස නිසා අපේ රටේ මිනිස්සු අර නෝමන්ඩි වරුන් මෙන් විදෙස් රටවල් හෝ විදෙස් නැව් කොල්ල කන තත්ත්වයට පත් වුණේ නෑ.

2010 වගේ කාලේ වෙන විට සෝමාලියානු මූදු කොල්ලකරුවන් ලෝකයටම හිසරදයක් වෙලයි තිබුණේ. කොච්චරද කියනවානම් අරාබි අර්ධද්වීපයට ආසන්න සාගරයේදී ශ්‍රී ලංකා නාවිකයින්ව පවා පැහැර ගනිමින් කප්පම් ඉල්ලන්න පටන් ගත්තා. මේ තියෙන්නේ තවත් ප්‍රවෘත්තියක් විතරයි. ඔය වගේ සිදුවීම් ගණනාවක් වෙද්දී ශ්‍රී ලංකා රජයට අප රටේ නාවිකයින්ව බෙරා ගන්න සෝමාලියානු මූදු කොල්ලකරුවන් සඳහා විශාල මුදලක් කප්පම් වශයෙන් ගෙවන්න වෙන්න ඇති. මෙලෙස කප්පම් ගෙවන්න වීම අපේ රටට දරා ගන්න බැරි පාඩුවක්.


ඉහත සිතියමේ දැක්වෙන්නේ පසුගිය කාලයේ සමස්ත ලෝකයේම සිදුවූ නාවික කොල්ල කෑම්. මෙහිදී සාමාන්‍ය ධීවර බෝට්ටු වල සිට ඩොලර් බිලියන ගණන් වටිනා නැව් අයත් වෙනවා. වැඩිපුරම සිදුවුණේ අරාබි මුහුද ආශ්‍රිතව. මේවා මැඩලීමට අරාබි, යුරෝපා, පකිස්තාන්, ඉන්දීය නාවික හමුදාවන්ට තියා ලොව ප්‍රබලතම හමුදාවක් ලෙස සැලකෙන ඇමරිකානු නාවික හමුදාවටවත්ත් නොහැකි වෙලයි තිබුණේ. එසේම නැව් වලට යවන එකී රටවල සී මාර්ශල් වරුන්ගෙන් ඵලදායී සේවයක් ඉටු වුණේ නෑ. ඊට හේතු තිබුණා...

1. හොලිවුඩ් චිත්‍රපට වලින් ලෝකයට පෙන්වන සුදු ජාතික සොල්දාදුවන් ජීවිතය පරදුවට තියලා රට වෙනුවෙන් දිවි පුදන බවක් පෙන්නුවත් සත්‍ය ලෝකයේදී ඔවුන් පුදුමාකාර ලෙස බියගුළුයි. වැඩිය ඕන නෑ පසුගියදා කැනඩා පාර්ලිමේන්තුවට එල්ල වූ ප්‍රහාරයේදී එහි සිටි විශේෂ හමුදා භටයින් පන කඩාගෙන දුවන හැටි මෙතනින් බලන්න. ඉතින් සුදු ජාතික සොල්දාදුවන් කාල බීල සැපට ඉන්නවා මිස මූදු කොල්ලකෑම් වැනි ක්ෂණික ගරිල්ලා ප්‍රහාර වලට සහ "Close Combat" වලට මුහුණ දීමට සුදුසු නෑ. ඔවුන් අරාබි රටවල සටන් කරන්නේ තනිකරම ඩ්‍රෝන් ප්‍රහාර කිරීම මගිනුයි.

2. ඊගාවට ඇමරිකන් සහ යුරෝපීය කළු ජාතික හමුදා භටයින් සටනේදී දක්ෂ වුවද ඔවුන්ගේ විශ්වාසනීයත්වය පිළිබඳව ප්‍රශ්නයක් බටහිර රටවල් වලට තියෙනවා. මොකද කියනවානම් සෝමාලියානු මූදු කොල්ලකරුවන්ද කළු ජාතිකයින් වීමයි. ඉතින් ඩොලර් බිලියන ගාණන නැවක් මූදු කොල්ලකරුවන් අත් පත් කරගනිද්දී ඔය කළු ජාතික සී මාර්ශල් ලා වෙනම ඩීල් ගැසීම් වාර්තා වී තිබෙනවා.

3. ඊගාවට අප්‍රිකානු හමුදා භටයින්ට අදාලවත් තියෙන්නේ ඉහත 2 කාරණාවයි.

4. අරාබි / පකිස්ථානු හමුදා භටයින්ගේ ආගමත්, මූදු කොල්ලකරුවන්ගේ ආගමත් එකම නිසා ඔවුන් මගිනුත් වැඩි දෙයක් සිදුවන්නේ නෑ. ඔවුන් කරන්නේත් අන්‍යාගමිකයන්ගේ නැව වෙනුවෙන් දිවි පරදුවට තියා සටන් නොකර, එය තමන්ගේ ආගමික මූදු කොල්ලකරුවන්ට අත් පත් වෙන්න ඩීල් ගහන එක.


ඉහත දැක්වෙන්නේ ඉන්දීය සාගරයේ නැව් කොල්ලකෑම් අතින් අවදාන කලාපය. මේ කලාපයේ ආරක්ෂාව දැඩි අනතුරක තිබූ අතර, වරින් වර USS Bulkeley වැනි ප්‍රහාරක නැව් පැමිණියත්, දියාගෝ ගාසියා නැමැති ඉන්දියන් සාගරයේ ඇති බ්‍රිතාන්‍ය කඳවුරෙන් ආරක්ෂාව ලබා දුන්නත් එය ප්‍රමාණවත් වුණේ නෑ.

2011 මුල් භාගයේ දිනෙක මෙම ලෝක ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් එවකට ශ්‍රී ලංකා ජාතික ආරක්ෂාවේ මහ බලවතෙක් තම මූලස්ථානයේ දැඩි කල්පනාවක නියැලෙමින් සිටියා. ඔබ දන්නවා ඒ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී කණ්ඩායම මර්දනය කරලා තිබුණේ. ඔහුගේ ඉලක්කය වූයේ ශ්‍රී ලංකා නාවික හමුදාව යොදා ගනිමින් මෙම සෝමාලියානු මූදු කොල්ලකරුවන්ව මැඩීම. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාවට තිබෙන සම්පත් සහ අභියෝග ආදිය (SWOT) පිළිබඳව ඔහුගේ ඔළුවේ වැඩ කරන්න පටන් ගත්තා.

මරාගෙන මැරෙන බෝට්ටු වලින් ආපු කොටි ත්‍රස්තවාදීන්ට, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා හමුදාව සාර්ථකව මූන දී තිබුණා. ඉතින් ඊට වඩා බියසුළු ආකාරයේ ගරිල්ලා ප්‍රහාර එල්ල කරන සෝමාලියානු කොල්ලකරුවන්ව මර්දනනය කරන්න අපේ වීරෝදාර නාවික භටයින්ට හොඳින් අත්දැකීම් තිබුණා. කුඩා බෝට්ටු යොදා ගනිමින් නාවික සංග්‍රාම කිරීමේ දක්ෂතාවයෙන් ලෝකයේ තවමත් අංක 1 ට ඉන්නේ ශ්‍රී ලංකා නාවික රණවිරුවන්. ඒ වන විටත් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යම් සීමාවන්ට යටත්ව නාවික ආරක්ෂාව සැපයූ අතර මසකට රටට ලැබුණේ ඩොලර් මිලියන 8 ක් විතරයි. මෙය වැඩිදියුණු කරමින් කරන් ගියොත් අපේ රටට මහා ධනස්කන්ධයක් උපයාගත හැකි වෙනවා.

නමුත් සෝමාලියානු කොල්ලකරුවන්ව මැඩීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට සෘජුවම කටයුතු කළ නොහැකියි. ඊට හෙතු වුණේ මෙන්න මේවා.

1. ශ්‍රී ලංකා නාවික හමුදාව කියන්නේ ජාතික ආරක්ෂක අංශයක් මිස ලාභ ලබන ආයතනයක් නොවෙයි. ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි, ලෝකයේ බොහෝ පිළිගත් හමුදාවන්හි නීති අනුව ආයුධ කටයුතු යොදාගෙන ව්‍යාපාර වල යෙදෙන්න බෑ. එලෙස නීති සැකසී තිබෙන්නේ හමුදාවේ එකම් අරමුණ ජාතික අරක්ෂාවට සීමා කිරීමටයි.

2. ජාත්‍යන්තර මූදු නීති අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවට අපේ රටේ මූදු කලාපයෙන් එහාට යන්න අවසර නෑ.

3. යම් හෙයකින් ශ්‍රී ලංකා හමුදාවෙන් මූදු කොල්ලකරුවන්ව මැඩීමට ගොස් වෙනත් රටක දේපළකට හෝ ජීවිතයකට හානි වුවහොත් එය අන්තර්ජාතික අර්බුදයක් බවට පත් වෙන්න පුළුවන්.

4. ශ්‍රී ලංකා නාවික හමුදාව ක්‍රියාන්විතයකට යනවානම් එහිදී සේනාධිනායක තුමාගේ අවසරය අවශ්‍ය වෙනවා. එසේ වූ විට ක්ෂණිකව ක්‍රියාන්විත වලට යෑම සිදුකිරීමට නොහැකියි.

5. ජාත්‍යන්තර මුහුදේ සහ නෞකා මාර්ගවල ගමන් කරන වෙළඳ නෞකා වලට ආරක්ෂාව පිණිස, ඒවා ලියාපදිංචි කළ රටවල හමුදාවන්ට හැර වෙනත් හමුදාවකට ගමන් කළ නොහැකියි. ඒ සදහා ජාත්‍යන්තර අවසර තියෙන සමාගම්වලට පමණයි එම සේවය දෙන්න පුළුවන්.

ඔන්න ඔය ප්‍රධාන කාරනා කීපය නිසා අපේ ශ්‍රී ලංකා නාවික හමුදාවට සෝමාලියානු මූදු කොල්ලකරුවන්ව මැඩීමට නොහැකි බව ඔබට දැන් තේරෙනවා ඇති.

එනිසා සේනාධිනායක තුමා ප්‍රධාන ශ්‍රී ලංකා ආරක්ෂක මණ්ඩලයේ අවසරය සහිතව 2011 ජූනි 24 දින Avant Garde Maritime Services (Pvt) Ltd පිහිටුවනු ලැබුවා. එහි වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න. මෙය ශ්‍රී ලංකා රජයට අයත් ආරක්ෂක ව්‍යාපාරයක් (Sri Lanka Government owned business) වන Rakna Arakshaka Lanka Ltd සමග සමූහ ව්‍යාපාරයකට එලඹුණා. (දැන් රක්නා ආයතනයේ කලමනාකරනය සිදුවන්නේ ආරක්ෂක ලේකම් යූ.ඒ.ඩී බස්නායක මහතා විසිනුයි.)

ලෝකයේ බොහෝමයක් සර්ථක නාවික ආරක්ෂක අංශ වන්නේ "සමාගම්". ඉතිහාසය දෙස බැලුවොත් අට වසර පාසල් දරුවෙක් පවා දන්න අපේ රට ආක්‍රමණය කරපු "පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම" යනුත් සමාගමක්. වර්තමානයේ ලොව සුපතල ආරක්ෂක අංශ ලෙස කිරුළු පැළඳි Lockheed Martin, Raytheon, Boeing, General Dynamics, BAE ආදී සියල්ලම ඇවන්ගාඩ් සේම කිසියම් රජයක අධීක්ෂණය යටතේ පවතින පෞද්ගලික සමාගම්.



බටහිර ඉන්දීය සහ අරාබි බොක්ක ආශ්‍රිත නාවික ආරක්ෂාව පිණිස සේවා සැපයීම ඇවන්ගාඩ් ආයතනය මගින් සිදුවුණා. ඉහත සිතියමේ දැක්වෙන්නේ එලෙස අපේ ලක් පුතුන් ලෝකයටම ආරක්ෂාව ලබා දුන් මූදු මාර්ග. ශ්‍රී ලංකාවේ සුවිශේෂී භූගෝලීය පිහිටීම එයට පහසුවක් වුණා.  ඇවන්ගාඩ් ආරක්ෂක ආයතනයේ මෙහෙයවීම සිදුවූයේ හිටපු කීර්තිමත් හමුදා නිලධාරියෙක් වන නිශ්ශංක සේනාධිපති මහතා විසිනුයි.


ලොව දරුණුතම නාවික ත්‍රස්තවාදීන් ලෙස කුප්‍රකට වූ, මූදු කොටි බලකාය සහමුලින්ම මර්දනය කිරීමට නායකත්වය දුන් හිටපු නාවික හමුදා ප්‍රධානීන් රැසක් ස්වෙච්ඡාවෙන්ම ඇවන්ගාඩ් ආයතනය වටා එකතු වුණා. ඒ අතර හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඩී ඩබ්ලිව් ඒ එස් දිසානායක මහතා උපදේශකවරයෙක් ලෙස එහි සිටින අතර නම් සඳහන් කළ නොහැකි සෙන්පතියන් රැසක්ම එයට එකතු වී සිටිනවා. ඔවුන්ගේ නාවික අත්දැකීම් ලබා ගැනීමට බටහිර රටවල් වලින් වාරිෂික ඩොලර් මිලියන ගණන් කොන්ත්‍රාත් පදනමට බඳවා ගන්න පොරකද්දී, අඩු වැටුපට ඇවන්ගාඩ් වටා ඔවුන් එකතු වූයේ, දිවි පරදුවට තියා රැක ගත් ආදරණීය මාතෘ භූමිය, ලෝකයේ මහා බලවතෙක් බවට පත් කළ හැකි බව දැනන් හිටපු නිසයි.

රුපියල් හතලිස්දාහක වගේ වැටුපට නාවික හමුදාවේ හිටපු අපේ කොල්ලන්ට ඇවන්ගාඩ් එකෙන් රු. ලක්ෂකයට එහා වැටුපක් ලැබෙන්න ගත්තා. විශේෂත්වය වුණේ රු. හතළිස්දාහ වැටුප රජය විසින් ගෙව්වේ රටේ ජනතාවගේ බදු මුදලින්. ඒත් අර රු. ලක්ෂයකට එහා වැටුපක් ලැබුවේ ඇවන්ගාඩ් ආයතනය විදේශ නැව් වලට ආරක්ෂාව ලබා දී උපයන විදේශ විනිමය වලින්. මේ ආකාරයෙන් සොල්දාදුවන් 8500 ක් සුපිරි වැටුපට රැකියාවන් ලැබුවා.

ඇවන්ගාඩ් ආයතනය විසින් සී මාර්ශල් වරුන්ට ලබා දෙන ආයුධ ගොඩබිම තැබීම රටට අනතුරුදායක් නිසා ඒවා ගබඩා කර තැබූයේ මූදේ නැවකයි. එහි ආරක්ෂාව මෙහෙයවූයේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්. සෝමාලියානු කොල්ලකරුවන් ඇතුළු විදේශ සතුරන්ගෙන් එම ආයුධ රැක ගත යුතු නිසා එම නැව රාජ්‍ය රහසක් ලෙස තබා ගත්තා.

මේ නැව ගබඩාවක් හා නැවතුම් පොලක් විදිහටයි තියාගන්නෙ. ගල්ෆ් ඔෆ් ඒඩන් සහ රතු මුහුද හරහා යන මේ සමාගම් වලින් ආරක්ෂාව ගන්නා නැව් වලට ආයුධ සන්නද්ධ ආරක්ෂකයින් උපරිමය 4 කට යටත්ව ගාල්ලෙන් නැව්ගත වෙනවා. ආපහු අවදානම් කලාපෙන් පස්සෙ නැවෙන් බහිනවා. ඒ කෙලවරෙත් මේ වගේ තවත් නැවක් ස්ථානගත කරලා තියෙනවා. කාලයක් "ලංකා මහපොල" කියන නැව මේ සඳහා රතු මුහුදේ ස්ථාන ගත කරලා තිබුණා.


ඉන්දීය සාගරයේ ගමන් කරන විදේශ නැව් වලට ආරක්ෂාව ඇවසි වූ විට ඇවන්ගාඩ් ආයතනයෙන් ආරක්ෂාව ඉල්ලීම එන්න එන්නම වැඩි වුණා. එහි සේවය කළ විශ්‍රාමලත් ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ට සටන් බිමේ අත්දැකීම් තිබීම, ත්‍රස්තවාදය මිලිටරිමය වශයෙන් අවසන් කළ එකම රට වීම, අරාබි මූදේ සේවයේ යෙදෙද්දී ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ගේ (විශේෂයෙන්ම සිංහලයින්ගේ) පක්ෂපාතීත්වය ගැන කිසිදු ගැටළුවක් නොතිබීම, සෝමාලියානු කොල්ලකරුවන්ගේ උත්සාහයන් සාර්ථක ලෙස මර්දනය කිරීම ආදී හේතු බොහෝමයි.

මහ බලවත් පකිස්ථාන් සහ ඉන්දීය නාවික හමුදා නිලධාරීන් පවා අපේ රටෙන් පුහුණුව ලබා ගැනීමට පොර කෑවා. පසුගිය කාලයේ ඔවුන් ලංකාවට පැමිණි අයුරු මාධ්‍ය විසින් වාර්තා කළා ඔබට මතක ඇති. පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිණි චීන සබ්මැරීනයත් මේවාට සම්බන්ධ පුහුණුවක් බව සමහරුන් පවසනවා.

ඩොලර් මිලියන 8ක් ලෙස නාවික අරක්ෂාවෙන් රටට ලැබුණ මුදල, ඇවන්ගාඩ් ආයතනයේ ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාව මසකට ඩොලර් මිලියන 65 ක විදේශ විනිමයක් ඉපයීමට පටන් ගත්තා. එම මුදල අපේ රටේ මුදලින් නම් ආසන්නව රු. 8,450,000,000.00

වසර කීපයක් යද්දී ලෝක බලවතුන්ගේ ආරක්ෂක සමාගම් පරයමින්, ලෝකයේ පුංචි තිතක් බඳු ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශයක් ලොව ප්‍රමුඛතම ආරක්ෂක බලවතා බවට පත් වුණා. එය සමහර රටවල් වල ඇස් වල කටු අනින්න වගේ වුණා.

සේනාධිනායක තුමාගේ සිට ආරක්ෂක නිලධාරීන් දක්වා සියල්ලෝම දැඩි ප්‍රතිපත්තියක සිටිමින් රටේ ජාතික ආරක්ෂාවට අත නොතැබීම හේතු කොටගෙන ඇවන්ගාඩ් ආයතනය විස්මිත ලෙස දියුණුවක් අත් පත් කර ගත්තා. මෙය නිර්මාණය කිරීමට මුල් වූ එදා සිටි ආරක්ෂක බලවතා හෝ වෙනත් දේශපාලඥයින් මෙය ප්‍රචාරය කරමින් පටු දේශපාලන වාසි ගන්න හැදුවේ නෑ. මෙහි ආයුධ මෙහෙයුම් කටයුතු ජාතික රහසක් සේ රැක ගත්තා. ඒ ශ්‍රී ලංකාවේ දිගුකාලීන අභිවෘද්ධිය පිණිස ඇවැසි "strategic plan" වලට මුල් තැන දෙමිනුයි.

නිව්යෝක් ටයිම්ස් පුවත්පතෙන් මෙම ආයතනය ගැන ලොවටම පැවසීමට ළඟදී සූදනම් වුණා. ඊට පෙර 2013 මුලදී එංගලන්තයේ ගාඩියන් පුවත්පත අපේ රටේ සුපිරි කොල්ලන් ගැන මහ ඉහලින් මෙලෙස වර්ණනා කළා.

"Avant Garde Maritime Services (AGMS), a Sri Lankan company that works in partnership with the country's government, is one of the major operators of floating armouries. The company's chairman, Nissanka Senadhipathi, said there were "thousands of weapons" on his company's ships. AGMS charges US$25 a day to store the weapons and ammunition, with 800 to 1,000 movements on and off the armouries each month. Sri Lanka has established itself as a leader on the armouries, which are partly run by the country's navy and have been approved by Security Association for the Maritime Industry."

ඇමරිකාව ඇතුළු ලෝකයේ බලවත්ම නාවික හමුදාවන්ගේ කනෙන් රිංගමින්, බටහිර ඉන්දීය සාගරය යටත් කරගනිමින් ඩොලර් බිලියන ගනනින් යුත් නැව් මහ දවලේ හයිජැක් කරපු සෝමාලියානු චන්ඩින් එකා දෙන්නා අතුරු දන් වෙන්න පටන් ගත්තා. හිටි ගමන්ම මහ මුහුදේ මතු වී තම සැලසුම් සුණු විසුණු කරන, ඡවි වර්ණනයෙන් ඉන්දියානුවන්ට සමාන වුවත් ඉන්දියානුවන් බව නොපෙනෙන මෙම පුදුමාකාර මිනිසුන්ට සෝමාලියානු කොල්ලකාර නායකයින් පන බයක් දැක්වුවා.


මේවායේ ප්‍රතිඵලයක් වශයෙන් 2014 දී පසුගිය වසර 8 ටම සාපේක්ෂව නැව් කොල්ලකෑම් අඩුම වසර ලෙස වාර්තා වුණා. ලෝකයේ නැව් කොල්ලකෑම් 44% කින්ම පහල බැස්සා. නැව් කොල්ලකෑම් 124 ක් වුණ අතර ඒවායින් සොමාලියන් කොල්ලකරුවන්ට හැකි වූයේ 11 ක් පමණයි. එනම් ඉතිරි කොල්ලකෑම් 113 ම සිදුවී ඇත්තේ ඇවන්ගාඩ් ආයතනයේ සේවා සැපයීමේ මායිමට පිටස්තරවයි. එනම් නැගෙනහිර ඉන්දීය මූදු සීමාවේ. "සිංහල බෞද්ධයා" වෙබ් අඩවි ලිපියේ මුලදීම දැක්වූ සිතියම සමග සංසන්දනය කර බැලූ විට එහි ප්‍රගතිය පැහැදිළි වේවි.

"මොසාඩ්" නැමැති නම ඇහෙද්දී ඊශ්‍රායලයට හතුරු කම් කරන ඕනම කෙනෙක්ට සුළු දිය පහ වෙනවා වගේම, "ඇවන්ගාඩ්" නැමැති නම ඇහෙද්දී මූදු කොල්ලකරුවන් බියෙන් පලා යන තත්ත්වයකුයි තිබුණේ. මේ ආකාරයෙන් තවත් වසර කීපයක් ගියානම් ලෝකයේ ප්‍රධානතම ආරක්ෂාව සපයන්නා බවට ඇවන්ගාඩ් ආයතනය පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි එයින් රජයට ලැබෙන මුදලින් පමණක් රටේ විදේශ වියදම් දැරීමට හැකියාව ලැබෙනවා. හිටපු ආරක්ෂක ලේකම් තුමා විශ්‍රාම යද්දී "ආරක්ෂක ලේකම්" නැමැති ශ්‍රී ලංකා රජයට අයත් ගිණුමේ රුපියල් බිලියන 8 ක මුදලක් තිබුණේ නිකම් නෙමෙයි.

නමුත් පසුගිය දා රූපවාහිනී කැමරා දාගෙන කරපු විකාර වැඩේ නිසා මේ සියල්ලම උඩු යටිකුරු වුණා. ඇවන්ගාඩ් ආයතනයේ සේවයේ නියැළී හිටපු විශ්‍රාමික රණවිරුවන්ගේ නම් ලයිස්තු පවා ජාත්‍යන්තර මූදු කොල්ලකරුවන් අතට පත් වුණා. නාවික හමුදාවේ පූර්ණ ආරක්ෂාව සහිතව රහසිගතව ගාලු වරායේ තිබූ ආයුධ ගබඩාව සහිත මහනුවර නැමැති නෞකාව හෙළි වීමෙන් එය විදෙස් සතුරන්ගේ ප්‍රධාන ඉලක්කයක් බවට පත් වුණා. අපේ රටෙන් නාවික ආරක්ෂාව ලබා ගැනීමට එදා ලෝක බලවතුන් පොර කෑවා, ඒත් අද "ශ්‍රී ලංකා වෙපන්ස් උඹලගෙ ආණ්ඩුවෙන්ම සීල් කළා නේද? උඹලගෙ ආණ්ඩුවට විශ්වස නැති වෙපන්ස් අපි විශවාස කරන්නේ කොහොමද?" ආදී ලෙස අහනවා.

අරලියගහ මන්දිරයට චාරිකවක් ගිය නොදරුවන් එහි භාණ්ඩ අතට අරන් නටපු ආකරයට, රණවිරුවන් සම්බන්ධ වී සිටින ආරක්ෂාව අතින් ඉතාමත් සංවේදී මර්මස්ථාන සමග සෙල්ලම් කරන්න ගියාම වෙන දේ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. මේ ගැන ඈවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගේ ප්‍රකාශය ඇතුළත් හඬ පටය පහතින්.



ශ්‍රී ලංකාවේ අලුත් විධායක ජනාධිපති වරයෙක් පත් වෙද්දී රටේ ආරක්ෂාවට අදාල සියලුම රහස් ගැන ඔහුව පළමු ආරක්ෂක මණ්ඩල රැස්වීමේදීම දැනුවත් කරනවා. ඒ අනුව ඇවන්ගාඩ් ආයතනය ගැන ඔහුව දැනුවත් වෙන්න ඇති. එහෙත් ආරක්ෂක අමාත්‍යවරයා වන ගරු විධායක ජනාධිපති තුමා අද අන්ත අසරණ වෙලා. එතුමාටත් ඉහළින් යමින් කිසියම් පිරිසක් ජාතික ආරක්ෂාව බරපතල අවදානමක ට පත් කරන බව පෙනී යන්නේ පසුගිය දා, රජයටම අයත් සමාගමක් වන රක්නා ආයතනයේ අවි ගබඩාව පවා ජනමාධ්‍ය වලට විවෘත කළ නිසයි.



තත්ත්වය කොතරම් දරුණුද කිවහොත් අර විශ්‍රාමලත් රණවිරුවන්ව මාංචු දමා බන්ධනාගාර ගත කර ඔවුන්ට එරෙහිව ශ්‍රී ලංකා රජයෙන්ම නඩු දාන එක වළක්වා ගන්න, නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක මහතාට විශේෂ ප්‍රකාශයක් කරන්න වුණා. ඉහත වීඩියෝවෙන් ඒක අහන්න.

දැන් අර රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල් වල අයට ජාත්‍යන්තර ත්‍රස්තවාදීන්ගෙන් මරණ වරෙන්තු ලැබිලා ඉවරයි. ඩොලර් මිලියන ගාණක වැඩි වැටුපකට බටහිර බලවතුන්ට සේවය නොකර, අපේම රටේ මතු දියුණුව වෙනුවෙන් එක් වූ විශ්‍රාමලත් රණවිරුවන්ට ලබා දුන් පදක්කම තමයි ඒ.

" උඹලා උඹලා වෙනුවෙන් දියසේන කුමාරයලා ඉපදෙන කල් බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේනලා තිඹිරිගෙයිදී ම මරා දමන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. "  - අනගාරික ධර්මපාල තුමා

යාළුවන්වත් දැනුවත් වෙන්න "Share" කරන්න.

25 comments:

  1. හිටපු ආරක්ෂක බලවතා කවුද කියලත් කිව්වනම් ලිපිය සම්පූර්ණ වෙනවා නේද? එතුමන්ලා අමාරුවෙන් ගොඩ නගපු අපේ මව් බිමේ කීර්තිය ඔයාලා ලෝකෙට කියද්දි එතුමගෙ නමවත් සදහන් කරන්න බය වෙන එක හරි මදි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත හිටපු ජනාධිපති වශයෙන් මහින්ද රාජපක්ශ මහතා සහ ජෙනරාල් සරත් ෆොන්සේකා යන අයගේ නම් සදහන් විය යුතුමයි, නමුත් දැන් ජෙනරාල් ෆොන්සේකාත් ඔය පිස්සු කෙලින නඩය ඇතුලේ ඉන්නවා.

      මේවගේ අපරාධ සිද්දවෙද්දි ඇයි ඔහු නිහඩ ????

      Delete
    2. Why do you want to talk about Sarath Fonseka here. He has no connection to this story and we really hate that person after his comments about WHITE FLAG story. How do you consider him as a patriotic.

      Delete
  2. මේක මිලේනියම් සිටි පාවා දීම අංක දෙක

    මිලේනියම් සිටි I – අගමැති කවුද ?
    මිලේනියම් සිටි II – අගමැති කවුද ?

    ReplyDelete
  3. Avantgarde is Providing Sri Lankan Sea Marshals to PMSCs

    Sri Lanka boasts many skilled and experienced ex-military personnel who are ideally suited as sea marshals because of their experience in battling similar adversaries in similar conditions.

    Sri Lankan sea marshals are provided at competitive rates

    GOSL ensures that those Sri Lankans aspiring to be sea marshals are properly vetted and register only those who are honourably discharged from the military and those who do not have criminal records

    AGMS may facilitate PMSCs to interview and select whoever are considered suitable for employment

    Since Sri Lanka is a staging point for embarking/disembarking sea marshals, there will be no mobilisation/demobilisation costs as those Sri Lankan Sea Marshals could take absence of leave in Sri Lanka just after a disembarkation

    පාවාදීම නිසා වුනේ කොම්පැනි එක සමතලා වුන එක. එවිතරක්ද ආයිත් කාලාන්තරයකට ලංකාවට ග්ලෝබල් සිකියුරිටි කොම්පනි එකක් පටන් ගන්න හිතන්නවත් බැරි වේවි.

    ReplyDelete
  4. මේ දේවල් පිලිබඳව ජනතාව දැනුවත් කිරීම සම්භන්ධව ඔබට අපගේ ප්‍රණාමය.

    ReplyDelete
  5. කුඩා කල අප උගත් පරිදි ලංකාව ලෝකයට වැදගත් වන්නේ ඉන්දීය මහද්වීපයට ආසන්නව එහෙත් වෙන්ව ඉන්දියානු සාගරයේ මධ්‍යගතව පිහිටිමයි.. මේ සුවිශේෂී වැදගත්කමේ ඉව වැටුණු පෙර අපරදිග ජාතීහු මේ දිවයින ඩැහැ ගැනීමට මාන බැලූහ 1505 දී පෘතුග්‍රීසීන්ගේ ඉව වැටුණු මේ දිවයිනට පසුව ලංදේසිද අනතුරුව මිලෙච්ච පර සුද්දෝද ඇතුල් වූහ. සිංහලයාගේ අනන්‍යතාවය වූ පාවාදීමෙන් උපරිම ඵල නෙලාගත් පර සුද්දන් 1815 දී මහනුවර මගුල් මඩුවේදී කන්ද උඩරට ගිවිසුමෙන් රට ඔවුන්ගේ පාලනයට ගත් බව අප උගත්තෙමු.. මේ වසර 2015 දී ගාලු මුවදොර පිටියේද මහනුවර මගුල් මඩුවේ ආකෘතියක් ඉදිවිය .. වසර 200 කට පසු යලි ඉතිහාසය පුනරාවර්ථනය විය එදා කන්ද උඩරට රජු පර සුද්දාට පාවා දී වසර දෙදහස් ගණනක් පුරාවට ස්වාධීව, බලවත් චෝල, පාණ්ඩ්‍ය , කේරළයින්ට නතු නොවී පැවති මහා සභ්‍ය ශිෂ්ටාචාරය මිලෙච්ච පර සුද්දාට නතුකර දී ලාබ ප්‍රජෝජන ලබා ගත් බව අප උගත්තෙමු.පර සුද්දාගේ යකඩ සපත්තුවෙන් මිදී 1948 දී අප නිදහස ලැබුවෙමු.. ඒ නිදහසින් පසු යන්තමින් පණ ගසාගෙන ගොඩ ඒමට යන්ත දරණ මේ මොහොතේ එය වලක්වා ඉන්දීය සාගර පව්වෙන් වට වූ හුදෙකලා ජාතියක් කිරීමට පර ගැත්තන් මාන බලයි.. සිංහලයාගේ අනන්‍යතාවය පාවාදීමයි.. පර සුද්දා ලක් මවගේ සාරය උරාගත් පසු ඉතිරි වූ දෙය දමා සුද්දා වෙනුවට කලු සුද්දෙකු මෙහි ජනත කර පිටත්විය..පර ගැති චින්තනය දේශීය චින්තනය පරයා නැගෙන්නට විය ඇතැම් දේශමාමක බලවේග ජාතියේ දිශානතිය නිසි මග ගැනීමට උත්සාහ ගත්තද එහි සාධනීය වෙනසක කිරීමට නොහැකි විය. යම් තාක් දුරකට එහි වර්ධනයේ වේගය පාලනය කිරීමට එමගින් සමත් විය.. 1980 දශකය වන විට උග්‍ර වෙන මේ මහා ව්‍යසනය අවසානයේ සන්නද්ධ අරගලයකට රට යොමු කර වීමට සමත් විය... කොළඹ නගරය හා රටේ අනෙකුත් ප්‍රධනා ආර්ථික මරුමස්ථාන සිවිල් වැසියාගේ ජීවිතයේ මරු කපොලු විය.. නිදහසේ හුස්ම ගැනීමට ජීවත් වීමට ඇති අයිතියද අහිමි ජාතියක් විය..

    ජාතියේ පිණට රුහුණු ගිරුවාපත්තුවෙන් පහළ වූ මහින්ද රාජපක්ෂ නම් ජනමූල නායකයා තිස් වසරක සාපලත් යුද්ධය නිමා කර රට සංවර්ධනයේ දිශානතියට යොමු කරවීය.. ත්‍රස්ථවාදය නිමා කල ජාතිය ලෙස ලොව අභිමානයට පත් කරවීය.. මේ සියල්ල අද ජනතාවට අමතක වී ගොස් ඇත.. ඒ මහා දැවන්ත යුද්ධය කල යුධ,නාවික, ගුවන් හමුදා වල රාජකාරිය මැයි 18 වැනිදා නන්දිකඩාල කලපුවෙන් අවසන් නොවීය.. ඉන්දීය සාගර පවුරෙන් රට වට බැදි රන් වැට වූ නාවික හමුදාවට තවත් සුවිශේෂී රාජකාරියක නිරත වන්නට විය... එදා යුධ සමයේ මහ මුහුදේ දී විනාශ කල පාවෙන අවි ගබඩා ගැන ගුණමකු ජාතියට ඇති මතකය පිළිබද මා කණගාටු නොවෙමි.. නැවත ත්‍රස්ථයිට ආයුධ සැපයීම මුහුදු මාර්ගයෙන් කිරීමට අවකාශ ඇහිරීම අද දක්වා ඔවුහු ඉටු කලහ , අද ඒ තහංන්චිය නැත ඒ වැට කඩුලු බාධක නැත. අද කොටියාට සතුටු පරිදි අවශ්‍ය නම් ගොඩ නැගීමට ප්‍රජාත්‍රන්ත වාදයේ අනුහසින් වරම් ලැබී ඇත.. ලෝකයට දරුණු අභියෝගයක් සෝමාලියානු කොල්ල කරුවන් සමගද මොවුන් ගිවිසුම් ගැසුවාදැයි සැක මතුවේ... මේ වටිනා රාජකාරිය කල නාවික විරුවන අද පාවා දී හමරාය.. බලයට පැමිණි විගසම මෙවැනි නාඩගමක් නැටීම අද පුරුද්දක් කොටගෙන ඇති බව පැහැදිලිය එදා මිලේනියම් සිටි දිගු දුර විහිදුම් බලකාය පාව දීම අත් වැරැද්දක් යැයි සිතා සමාව දිය නොහැකි මුත්..අද එම වැරැද්දම යලි සිදු කිරීමෙන් මෙය සැලසුම් සහගත ක්‍රියාවලියක කොටසක් දැයි සාධාරණ සැකයක් පවතී.. ද්‍රවිඩ ජාතික සංධානය මහින්ද රාජපක්ෂ එලවීමට ගැසූ ගිවිසුමේ කොටසක් දැයි දකුණේ අපට සැක පහල වේ.. මිලේනියම් සිටි සිදු වී හමාරය පාවා දීම නිසා රටට අහිමි වූ වීර සෙබලුන් අප සදා මතකයේ තබා ගන්නෙමු .. අද මේ පාවා දෙන්නේ එදා ඔබ මරණයෙන් මුදවාගත් විරෝධාර රණ විරුවන්ගේ ජීවිත නොවේද??? රටට අහිමි වූ ඔවුන් අවස්ථාවාදී දේශපාලුවන් නොව රටට හදවතින් ආදරය කර අපේම වීරයන් නොවේද?? මේ පාවා දීමේ කෙලවර නිමාව කුමක්දැයි මා නොදනිමි එහෙත් එක් දෙයක් පැහැදිලිවේ මහින්ද එලවා දැමීමට මෙතරම් ද්‍රවිඩ සංධානය වෙහෙසුනේ ඇයි දැයි මනාව පැහැදිලි වේ.... මේ පාවාදීමෙන් අපගේ වීරෝධාර රණ විරුවන්ට ආරක්ෂක ප්‍රධානීන්ට හෝ රටේ සිවිල් වැසියන්ට යම් අනතුරක් අවධාණමක් සිදු වුවහොත් එහි සම්පූර්ණ වගකීම පාවා දෙන්නන් සතු වේ...

    ReplyDelete
  6. how could we ensure not to repeat such costly mistakes -- our country needs a body, independent, comprising high professionals in given fields --- to take care of such businesses/ventures of Govt/Pvt ventures which are sensitive to publicity/security/economy which are international in nature that normal laymen may not comprehend at once/on the face of it & earning foreign exchange/fame.

    ReplyDelete
  7. රු මිලියන 8450 කියන්නේ ශුද්ධ ලාභය නොවේ. සමාගමේ ආදායම. ඕනෙක් වැටුප් ගෙවන්න ඕනෑ. සොල්දාදුවන් 8500*100000= මිලියන 850. ඉහල නිලයන්ට වැටුප ඊට වැඩියි සාමාන්‍යයෙන් රු. 300000 වගේ වෙන්න පුළුවන්. (අමතක කරන්න එපා ඔවුන් විදේශ රටක වැඩ කළොත් රු 1000,000 එහා ගනීවි. එතකොට වැටුප් වලටම රු මි 1500 පනීවි.

    ඊගාවට සමාගම ආරම්භ කරපු අළුතනේ. එහි ප්‍රාග්ධන වියදම, ඒ කියන්නේ නැව් වලට ආයුධ වලට, ලියාපංචියට ගිය වියදම් පියව ගන්න ඕන. ඒවා ණය විදිහට ගත්තානම් ඒවා ගෙවන්න ඕන.

    නාවික රක්ෂණ වියදම් ඩොලර් මිලියන ගනන්. එතකොට සිකියුරිටි කොම්පැනියක රක්ෂණ මුදල ගොඩාක් වැඩියි. ලොකු මුදලක් ගෙවිය යුතුයි.

    ඕවා අඩු වුණාම රජයට බදු මුදල් ගෙවනවා.

    ඒ ගැන වාර්තා ඉදිරියේදී ගෝඨාභය මහතා හෙළි කරනවා කිව්වා. නමුත් රාජ්‍ය රහස් නිසා ඊට නීතිමය අවසර තියේවිද කියල බලන්න ඕනලු.

    තේ කඩයක් පටන් ගත්තත් කඩේ හදන්න ණය වුනානම් ණය පියවනකම් ඒ කඩෙන් දියුණුවක් ගන්න බෑ. ඒ වගේම ඇවන්ගාඩ් එකෙන් කොච්චර ලාභ ලැබුණත් අවුරුදු පහක් විතර යනකම් අර ආරම්භක වියදම පියවනවා මිස ලාභයක් ජනනය වෙන්නේ නෑ. මේක ලෝකයේ ඔය වගේ ඕනාම මහාපරිමාන ව්‍යාපෘතියකට අදාලයි.

    ඇවන්ගාඩ් එකේ වැඩ කරන යාලුවෙක් මට ඉන්නවා. මෑන් ගියාම මාසෙකට විතර පස්සෙයි ආයි එන්නේ. ඔහුගෙ වයිෆ් රැකියාවක් නොකළත් ඇයට මරුටි කාර් එකක් තියෙනවා. ඔවුන් හොඳ ජීවිතයක් ගෙවනවා. ඔය වගේ දැනට 8500 ක් සෙබලුන්ගේ ජීවිත හොඳ මට්ටමක තියෙනවා.

    නමුත් මේ තුප්පහි පාවාදීම නිසා අර 8500 ක් සෙබලුන්ගේ රැකියා දැන් අනතුරේ. ඉහල නිලධාරීන්ට වෙන රටවල් වල රස්සාවල් තිබුණත් පහල සෙබලුන්ට ගෙදර යන්න යි වෙලා තියෙන්නේ.

    ජාතික ආරක්ශාව පාවල දුන්න කාලකන්නින්ට සහ උන්ට කඩේ යන හිවලුන්ට හෙණ ගහපිය.

    ReplyDelete
  8. I have to say,,,, for this website also there one.

    ReplyDelete
    Replies
    1. If what is in this blog post is the truth, it doesn't matter to whom this blog belongs to... Fact is if something happened in your house, nobody can't explain what has happened other than households (that means you, NOT someone lives in other house)...
      If this is true, this is a terrible thing...

      Delete
  9. you are our sea marshals.. every day we are respect you all

    ReplyDelete
  10. මුන් නම් පුදුම ජාතියක්. මුගේ මොලේ කොහෙද තියෙන්නේ කියලා මට සැකයි.. ජාතික ආරක්ෂාව මුන්ට සෙල්ලමක්. යුද්දේ දිනනකොටත් මුන් එක හෑල්ලුවට ලක් කරා ඇරෙන්නට වෙන දෙයක් කරද ? මුන් හිතන්නේ මිනිස්සුට කන්න බොන්න තිපුවහම ඇති කියලා. මමං නම් නම් සදහන් කරන්න බය නේ. රනිල් තම මේවට වග කියන්න ඕන. මිලේනියම් එක වගේ තම. මුට ඕන ජාතියක් විදිහට ගොඩයනවා දකින්න නෙමයි.

    ReplyDelete
  11. රටක බලයට පත් වුන රජයක මූලික වගකීම තමා රටෙ ආරක්ෂාව. ආරක්ෂක රහස් වලට දීලා තමන්ගේ ලකුණු හොයන එක වත්මන් අගමැතිට අලුත් දෙයක් නොවේ.
    අද tamilnet web site නැවත පනගැන්විලා.
    උතුරේ අණ්ඩුකර තුමා වූ දක්ෂ හමුදා නිලධාරියා ඉවත් කරලා.
    දෙශපාලන පලි ගැනීම් කිරීමට මීට අමතරව ‍යුද හමුදා ගිනුම් ගැනත් කතා කරනව.
    වලට උතුරේ ඇවිදින්න අරධනා කරලා.
    පොලිස් බලතල දීම ගැන සාකච්චා කරනවලු

    පෙර සිටි ජනාධිපති තුමා සර්ව සම්පූර්ණයි කියන්නෙ නැහැ.නමුත් ලොකයටමකෙලින් කතා කරන්න කොන්දක් තිබුණා.
    ඔබලාගේ පලනය කෙසේ ගෙන ගියත් අපට කමක් නැත.අප රටෙ දේශපාලනය යනු කුමැක්දැයි බුද්ධිමත් ජනතව ඉතා හොදින් අවබොධ කර ඇත.
    ඔය රහස්පරීක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.ඔබලා රිලවෙකුට දැලිපිහිය හම්බවුනා වගේ හූ තියන්නෙ නැතිව රටට අවන්කව වැඩක් කරන්න. මන්ද යත් දේවල් වලින් ඔබටSherlock Holmes විය නොහැකි නිසාය.ඔබ නිකම්ම නිකම් Scooby-Doo කෙනෙක් පමණි.

    ReplyDelete
  12. ලංකාවේ දේශපාළනය අරුම පුදුමය හිරිකිතය,පාළකයින් අරුම පුදුමය හරියට පුංචි එවුන් වගේය.ලෝකයේ බොහෝ රටවල පාළකයන් හා අපේ රටේ පාළකයන් අතර වෙනස තෝරාගැනීමට එක උදාහරණයක් ප්‍රමාණවත් වෙනු ඇතැයි සිතමි.එනම් ඇමරිකාවේ නෙවාඩා කතරේ එරියා 51 නම් අධි ආරක්ෂිත කලාපයක් ඇත.නමුත් කිසිම දිනක එරට පාළනයට පත්වෙන කිසිම නායකයෙක් අදාල කදවුර වීඩියෝකර පෙන්වීමට මාධ්‍ය රිලවුන් රැගෙන යන්නේ නැත.රට තුල මෙන්ම ලෝකය තුලද අදාල කඳවුර සම්බන්ද විවිධ මත ඇතත් රටට හිතැති නායකයින් කිසිදිනෙක පටු දේශපාළන අරමුණ වෙනුවෙන් රාජ්‍ය රහස් කුණු කොල්ලයට විකුනන්නට යන්නේ නැත.එසේ නමුත් අදටත් ලෝකයම විශ්වාස කරන දෙයනම් ඒරියා 51 යනු හුදෙක් හමුදා කඳවුරක්ම නොවන බවයි.ඇමරිකානු ගුවන් හමුදාව භාවිතා කරන සුපිරි ගණයේ ගුවන් යානා නිපදවෙන්නේ මෙහිය.අධි තාක්ෂණික යුධ උපකරණ නිපදවෙන්නේ මෙහිය.ලෝක පොලිස් කාරයාගේ චරිතය රගන ඇමරිකාවේ ජාතික ආරක්ෂාවේ හදවත එයයි එරට නායකත්වයට පත්වන සෑම රාජ්‍ය නායකයෙක්ම ඒරියා 51හි රහශ්‍යභාවය තම ධූර කාලය තුල මෙන්ම ඉන් පසුද දිවි හිමියෙන් රකියි.ක්ලීන්ටන් පරදවා ඔබාමා ජනපතිවී මාධ්‍යද රැගෙන ඒරියා 51 වටලන්නට ගියේ නැත ඊට පෙර පාළකයන්ද එසේමය.එසේ වුවත් වැරදීමකින් හෝ මෙරට සිටින ගණයේ නායකයෙක් එරට ජනපති වූූයේනම් මේවන විට ඒරියා 51ත් නැත එහි සේවය කල රටට හිතැති දේශප්‍රේමි සේවකයිනුත් නැත.ඒ මෙරට මහා පාවාදීම් කරන්නවුන් හා තමාට පෙර රටයැයි සිතන නායකයින් අතර ඇති වෙනසයි.

    ReplyDelete
    Replies
    1. Thota pissu. Area 51 kiyala deyak naha. Eka myth ekak. Pissu yakku..

      Delete
  13. If this is the whole truth then this is gross irresponsibility of the defence minister. On the other hand, if there wasan untold part of story like: A plan to involve Avant Garde Marshals/soldiers in the alledged coup attempt were true then former defence minister and defence secretary should share the blame for their selfish deed. Only a proper investigation will reveal the truth.

    ReplyDelete
  14. This is only the start of the episode. Government has already started to do crazy things. This is because of immaturity of the people who are in the power and to satisfy EU and USA.

    ReplyDelete
  15. Isn't there a process to handover these "top secret projects" as a part of the handover of government. If there is not one put one in place. :-)... before commenting, listen to the audio first, otherwise you'll be shown up as the idiots you are... ;-)

    ReplyDelete
  16. most of the srilankens cant remember the past if they could remember they will never let former president mr mahinda rajapaksha to defeated from election .............. srilankens are the only nation that i saw that thinking about their tummy with out thinking their motherland..................

    ReplyDelete
  17. This what happen in our country. America never gives their Military Secrets to anyone. But our fools, they exposed our all the military secrets. This is disgusting. When I read this page, we feel very proud about our Navy and Gotabaya Rajapaksha but those disgusting people not allowed us to feel that kind of proud anymore. It is so sad because our next generation have to pay their debt because of the foolishness of few people.

    ReplyDelete

විකල්ප මතවාද මෙහි පළ කිරීමට ඇති අයිතියට අපි සෑම විටම ගරු කරන අතර ඒවා සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ ගෞරවය රැකෙන පරිදි විනීත භාෂාවෙන් පළ කරන මෙන් ඉල්ලා සිටින්නෙමු.