නාගදීපය වැඳලා හමාරයි. ඉස්සරහට අපිට වඳින්න වෙන්නේ නයිනාතිව් දූපතට.



නාගදීපය යනු සිංහල බෞද්ධයින්ට අතිශය වටිනා ඓතිහසික දූපතකි. තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලක්දිවට වැඩියේ නාගදීපයට බවත් "චූලෝදර" හා "මහෝදර" නම් නාග ගෝත්‍රික රජවරුන්ට බුදු දහම දේශනා කළ බවත් ඓතිහාසික ග්‍රන්ථ වල සඳහන් වෙයි.

අප කවුරුත් දන්නා "මහියංගනං නගදීපං කල්‍යානං පදලාංඡනං..." ගාථාවේ "නාගදීපං" ලෙස පාළි බසින් දැක්වෙන වචනයේ සිංහල අරුත "නාගදීප" යයි.

ඒ ප්‍රෞධ සිංහල බෞද්ධ ඉතිහාසයට පා පහර දෙමින්, අප රටේ නොතිබූ දෙමළ ඉතිහාසයක් ගොඩ නැගීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අනුග්‍රහයෙන් එය නයිනාතිව් ලෙස නම් කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

එහි පළමු අදියර ලෙස උතුරු පළාත් සභාවේ යෝජනාවක් සමම්ත කරගෙන ඇත්තේ නයිනාතිව් ලෙස ගැසට් කළ යුතු බවයි. දිවයින ලිපිය බලන්න. http://www.divaina.com/2015/11/10/news02.html

දෙවන අදියර වී ඇත්තේ සියලුම රාජ්‍ය ලේඛන වල ඉදිරියේදී නයිනාතිව් ලෙසට සඳහන් කිරීමයි. පසුගිය දිනෙක නාවික හමුදා වෙබ් අඩවියේ දක්වා ඇත්තේ නයනතිව් දූපත ලෙසටය. අප කළ හෙළිදරව්වෙන් පසුව වෙබ් අඩවිය වෙනස් කළ හැකි නිසා archive කළ ලිපිය මෙතනින්. https://web.archive.org/web/20151110142913/http://www.navy.lk/eventnews-si/2015/11/04/201511041730-si/

නාවික හමුදා මූලස්ථානයේ නිලධාරියෙක් අප වෙත දන්වා එවූයේ එලෙස වෙබ් අඩවියේ නයනතිව් ලෙස නම් කිරීමට නියෝගය ලැබුණේ ආරක්ෂක අමාත්‍යාංශය හරහ බවයි. වත්මන් ආරක්ෂක අමාත්‍යවරයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාය. සිංහල ඉතිහාසය මෙලෙස විකෘති කිරීමට කිසිදු නාවික හමුදා රණවිරුවෙක් අකමැති වුවද, විනයානුකූල හමුදාවක් වශයෙන් දේශපාලන බලාධිකාරයේ නියෝග අනුව පමණක් සෑම විටම ක්‍රියාත්මක වෙන බව බව එම නාවික හමුදා ප්‍රකාශකයා අප වෙත පැවසීය.

තුන් වන අදියර වන්නේ සියලුම රාජ්‍ය ජනමාධ්‍ය මගින් නයිනාතිව් ලෙස අර්ථදක්වමින් ජනමතය සෑදීම වන අතර සිව් වෙනුව ගැසට් කරනු ඇත. ජනාධිපතිවරණයේදී තමන්ට උපකාර කළ උතුරේ ජනතාවට සිරිසේන කළ ගුණ සලකන්නේ එලෙසයි.

නාගදීපය ඉදිරියේදී නයිනාතිව් ලෙස හැඳින්වූ පසුව, වසර 2600 ක සිංහල බෞද්ධ ඉතිහාසය වත්මන් යහපාලන ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කළා ලෙසට අපට සිතන්න්ට සිදුවේ.

1 comment:

  1. දෙමළ මිනින්දෝරුවෝ උතුරු නැගෙනහිර සේරම පැරණි සිංහල ජනාවාස වල නම් වෙනස් කරල දෙමළ නම් දාලා තියෙන්නේ. සමහර සිංහල නම් දෙමළෙන් උච්චාරනය කරනකොට වෙනස් වෙනවා. එතනදි දෙමළ නම ලියාපදිංචි කරන්න මේ අය පියවර අරන්.

    ReplyDelete

විකල්ප මතවාද මෙහි පළ කිරීමට ඇති අයිතියට අපි සෑම විටම ගරු කරන අතර ඒවා සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ ගෞරවය රැකෙන පරිදි විනීත භාෂාවෙන් පළ කරන මෙන් ඉල්ලා සිටින්නෙමු.