චතුර සේනාරත්නත් මාදුළුවාවේ සෝභිත හිමිගේ ආදාහනය විකුණා දේශපාලන වාසි ලබා ගනී.


පහත දැක්වෙන්නේ මධුරංග තුෂාර නැමැති මහතෙක් අප වෙත ලබා දුන් අදහසකි. එසේම ඡායාරූප වෙනුවෙන් ඔහුට අපගේ ස්තුතිය.

ඔහුගේ අදහස පහතින්.

"අපවත් වු සෝභිත හිමි හෙට පාර්ලිමේන්තු ක්‍රිඩාංගනයේ පූර්ණ රාජ්ය ගෞරව යටතේ අදාහනය කරන්න සියල්ල සුදානම්.. මා මුලින්ම උන් වහන්සේට අමා මහ නිර්වාණ සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා.. උන් වහන්සේගේ අපවත් වීමත් විවාදයකට තුඩු දුන් කාරණයක් වු බව අමුතු කාරණාවක් නෙවේ... මේ ඒ සම්බන්ධව මාගේම අදහසක් , මතයක් පමණි.

මෙම සටහනෙන් උන් වහන්සේට කිසිදු ආකාරයට විවේචනක් හෝ අපහාසයක් කිරීමට මා අදහස් නොකරමි. නමුත් මෙම හිමියන්ගේ අපවත් වීමත් දේශපාලුවන් විසින් තවත් එක්තරා කැම්පේන් එකක් බවට පත් කරගෙන ඇති බව නම් නොරහසකි..

හොඳම නිදසුන මා දිනපතා යන එන මාර්ගයක් වන පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ සිට රාජගිරිය දක්වා ප්‍රධාන මාර්ගයේ පහන් කණු වල මැනවින් ප්‍රදර්ශනය වේ.. ඒ පසුගිය මැතිවරණයේ කරළියට පැමිණි රාජිත සේනරත්න ගේ පුත් චතුර සේනාරත්න විසින් හිමියන්ගේ නමටත් වඩා විශාලත්වයෙන් හා පැහැදිලිව ඔහුගේ නම හා ඔහුගේ පක්ෂයේ නම යොදාගෙන සිදු කර ඇති ශෝක ප්‍රකාශය සහිත ඩිජිටල් බැනර් තොගයෙනි.

හිමියන්ගේ අපවත් වීම අලෙවි කරන එකම පුද්ගලයා ඔහු පමණක් නොවන අතර හිමියන්ගේම අන්තිම කැමැත්ත පවා අමු අමුවේ විනාශ කරමින් හෙට දිනයේ පවත්වන ආදාහන කටයුත්ත උන් වහන්සේ විසින් සිදු කළා වු ශාසනික මෙහෙවරට කරන උපහාරයකට වඩා දේශපාලනික මෙහෙවරට උපහාරක් ලෙස හෝ කළගුණ සැලකීමක් ලෙස සිදුවන බව ඉතා පරිස්සමින් බලන ඕනෑම අයෙකුට පෙනෙන්නට තිබෙන කරුණකි.

ලෙඩ ඇඳේ සිටි උන් වහන්සේට ආශිර්වාද කිරීම අමතක වු පුද්ගලයන්ට මේ ආදහනය තවත් උත්සවක් කරගනිමින් ප්‍රසිද්ධියට පත් වීමට දත කන්නේ ඇයි..???

උන් වහන්සේ තමාගේ අන්තිම කැමැත්තෙන් ප්‍රතික්ෂේප කළෙත් මෙවැනි විකාර උත්සවයන් නොවේද...???

උන් වහන්සේ ජීවතුන් අතර සිටින්නන්ගෙන් බලාපොරොත්තු වු චාම් එක්දින අවසන් කටයුතු වලට කරන උපහාරයද මේ..???

උන්වහන්සේට සැනසීමක් ලැබේවිද..??? සංවාදයට විවෘතයි..."




No comments:

Post a Comment

විකල්ප මතවාද මෙහි පළ කිරීමට ඇති අයිතියට අපි සෑම විටම ගරු කරන අතර ඒවා සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ ගෞරවය රැකෙන පරිදි විනීත භාෂාවෙන් පළ කරන මෙන් ඉල්ලා සිටින්නෙමු.