මුස්ලිම් මන්ත්‍රීවරුන් සියල්ලන්ම එක පොදියට තනතුරු වලින් ඉවත් වීමේ අහිරහස මෙන්න


මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ අන්තවාදීන්ට සහයෝගය දැක්වීමේ චෝදනාව මත සිදුකරන පරීක්ෂණ උදෙසා ආණ්ඩුවේ තනතුරු වලින් ඉවත් වෙන ලෙසට දැන්වූයේ දේශපාලඥයින් 3 දෙනෙකුට පමණයි. එනම් අසාද් සාලි, හිස්බුල්ලා සහ බදියුදීන්. ඒ වෙනුවෙන් හඬ නැගීමට බෞද්ධ භික්ෂූන් වහන්සේලා සමග කාදිනල් තුමන්ද ක‍තෝලික ජනතාව සමග එකතු වුණා. නමුත් අද දින ආණ්ඩුවේ සිටින සියලුම මුස්ලීම් මන්ත්‍රීවරුන් සිය ඇමති ධූර වලින් ඉල්ලා අස් වුණා. එසේම ඔවුන් පක්ෂ විපක්ෂ බේධයකින් තොරව එක පොදියට එක් වුණා. එසේ වූයේ ඇයි දැයි ඔබ දැන සිටියා ද?

ජවිපෙ කැ‍රැල්ලේදී නායකත්වයෙන් පැවසූ අදාල වෙලාව එන තෙක් ඉවසන්නේ නැතිව එක්තරා කැරලි නායකයෙක් පොලිසියකට ප්‍රහාරයක් එල්ල කිරීමට ගොස් අවසානයේදී සමස්ත කැ‍රැල්ලම ආරක්ෂක අංශ වලට හසු වූ හැටි ඔබ අසා ඇතුවාට සැක නැහැ. ඒ ආකාරයෙන්ම පසුගිය දා පාස්කු දින එල්ල වූ ප්‍රහාරයත් ඉවසන් සිටීමට නොහැකි ‍රැඩිකල් මතවාදියෙක් වූ සහරාන් හෂීම් විසින් කළින්ම කරන ලද පහර දීමක්.

මීට පෙර එකතරා භික්ෂූන් වහන්සේ කෙනෙක් තමන්ට ලැබුණු ලිපියකින් හෙළි කළ ආකාරයට මොවුන් කල් යල් බලමින් සිටියේ ශ්‍රී ලංකාව තුළ වෙනම මුස්ලිම් රාජ්‍යයක් බිහි කිරීම උදෙසායි. ඒ සඳහා කටාර් රාජ්‍යයේ අන්තවාදී කණ්ඩායම් අනුග්‍රහය දක්වනවා. ඊට දේශපාලන සහ සන්නද්ධ වශයෙන් කණ්ඩායම් දෙකක් සිටි අතර සහරාන් හිටියේ එහි සන්නද්ධ කණ්ඩායමේ. දේශපාලන කණ්ඩායම කවුදැයි ඔබ හොඳාකාරවම දන්නවා.

කොටි ත්‍රස්තවාදීන්ගෙන් බොහෝ දෙනා තම ජීවිතය විනාශ වුණත් සංවිධානය පාවා දීමට කැමති නැහැ. එහෙත් මෙම අන්තවාදීන්ගේ ප්‍රධානතම දුර්වලතාවය වන්නේ, ඔවුන අරක්ෂක් අංශ වලට හසු වූ වහාම දිගට හරහට සියල්ල වැමෑරීමට පටන් ගැනීමයි. අන්න ඒ හේතුව මත යම් හෙයකින් අසාද් සාලි, බදියුදීන් සහ හිස්බුල්ලා යන තිදෙනාව ආරක්ෂක අංශ වලට කො‍ටු වුවහොත් ඔවුන් සියලුම සැලසුම් හෙළි කරනු ඇතැයි අන්තවාදීන්ගේ නායකත්වය බිය වුණා. ඒ අනුව ඔවුන් සියල්ලම එකතු වී සිය තනතුරු වලින් ඉවත් වෙනවා.

ඉතින් මෙම මුස්ලිම් මන්ත්‍රීවරුන් සිය ඇමති ධූරයන්ගෙන් ඉවත් වීමත් සමග ඉදිරියේදී තවත් ප්‍රහාරයක් හෝ ජාතිවාදී කැ‍රැල්ලක් ඇති වීමට ඉඩ තිබෙන බව ආරක්ෂක විශ්ලේෂකයන්ගේ මතයයි. එවැන්නක් වුවහොත් R2P යටතේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව ශ්‍රී ලංකාවට ගෙන්වා මුස්ලිම් අයව ආරක්ෂිත ලෙස නැගෙනහිර පදිංචි කර ඔවුන්ගේ වෙනම රාජ්‍යය ඇති කර ගැනීමට මෙම අන්තවාදී මන්තීවරුන් කටයුතු කරාවි.

ඒ සඳහා ඔවුන් ශ්‍රී ලංකාව තුළ සෑම ක්ශේත්‍රයක්ම ආවරණය කර තිබෙනවා. විශේෂයෙන්ම නීති අංශය. මේ වෙන විට නීතිපති දෙපාර්තමේන්තුව තුළ සිටින එකතරා අන්තවාදී මත දරන ජේෂ්ඨ නිලධාරිනියක් තවත් අන්තවාදීන්ව එය තුළට ගනිමින්, නීතිපත් දෙපාර්තමේන්තුව ග්‍රහණය කරගනිමින් සිටිනවා. ඒ ගැන අපි ඉදිරියේදී වැඩිදුර හෙළිකරන්නෙමු.

එම පසුබිම මත ඉදිරියේදී ජනාධිපතිවරයා විසින් සිංහලයන් වෙනුවෙන් පෙනී සිටින මන්ත්‍රීවරයෙක්ව (එජාපයෙන් හෝ පොහොට්‍ටුවෙන් හෝ ශ්‍රිලනිපයෙන් වේවා) පත් කළහොත්, මෙම මුස්ලිම් මන්ත්‍රීවරුන් එම අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ බහුතරය හදා ගැනීමට කිසි සේත්ම ඉඩ නොදෙනු ඇති බව දේශපාලන විචාරකයන්ගේ මතයයි. ඔවුන් ඉඩ දෙන්නේ අන්තවාදයට දර දිය අදින අගමැති වරයෙකුට පමණයි.

තවත් පැහැදිළිව කිව්වොත් විපක්ෂයේ සිටින්නේ සිංහල සහ දමිළ මන්ත්‍රීවරුන් 100 කට අඩු ප්‍රමාණයක්. ඒ වගේම ආණ්ඩුවේ සිටින්නේත් සිංහල සහ දමිළ මන්ත්‍රීවරුන් 100 කට අඩු ප්‍රමානයක්. මෙලෙස විපක්ෂයේ සහ ආණ්ඩුවේ සිටින සිංහල මන්ත්‍රීවරුන් බෙදී සිටින තාක් කල්, අගමැතිවරයා සහිත ආණ්ඩුව පිහිටවීම ට අවශ්‍ය ඉතිරි මන්ත්‍රීවරුන් 13 දෙනා තීරණය කරන්නේ මෙලෙස එක පොදියට එක්ව සිටින පාර්ලිමේන්තුවේ සිටින මුස්ලිම් මන්ත්‍රීවරුන් විසිනුයි.

අමතක කරන්න එපා, 1977 සිට පැවැති සෑම ආණ්ඩුවකදීම මෙම මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙන් හැමෝම වගේ හිටියේ ආණ්ඩුව තුලයි, පක්ෂය බලයට ගේන්න දර දිය ඇද්ද සිංහල මන්ත්‍රීවරුන්ට නොව, ඊට එරෙහිව වෙනම තරග වැදුණ මොවුන් හොඳම ඇමති ධූර ටික අර ගන්නවා.

ඉතින් මුස්ලිම් ඇමතිවරුන්ගේ ඉල්ලා අස්වීම අපිට ජයග්‍රහණයක් ලෙස සලකා ජයපැන් බීමට අවස්ථාවක් නෙමෙයි කියල ඔබට දැන් වැටහෙනවා ඇති.

ඒ නිසා මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ සිටින සිංහල මන්ත්‍රීවරුන් ප‍ටු දේශපාලන බේධ ඉවතලා එකතු වී කටයුතු කළ යුතුයි. අන්තවාදයට බිය නොවන අගමැතිවරයෙක්ව පත් කර ගත යුතුයි. එලෙස පාර්ලිමේන්තුවේ සිටින සිංහල මන්ත්‍රීවරුන් පක්ෂ බේද ඉවතලා එකතු නොවන්නට, සිංහල ජාතියේ අවසානය තව දසක කිහිපයකින් අපිට දැකගත හැකි වේවි.

(In this article, we have never accused any ethnicity or a any kind of religion, only a political analysis. Please note that the automatic translation might give incorrect meaning)
read more